Sunday, May 6, 2018
තිත්ත මල්
මග දෙපස හැමතැනම
කහපාට පුන්චි මල්
පීදීලා හරි හැඩට
මදසුලග හා එක්ව
පෙති සලන අපූරුව
ඒ තමා තිත්ත මල්.....!
නුඹ මගේ ආදරේ
අතීතේ තිත්ත තැන්
බිදක් හෝ අඩු නොකර
මගෙ හදට රැගෙන එන
ආදරේ තිත්ත මල්.....
හිරු දමා දුර නොයන
මේ පුන්චි මල් සේම
සොදුර නුඹ ලගින් ඉමි
නුබ කියූ තිත්ත මල්
අනෝරා වැසි වැටී
පෙති ගිලන් වූ පසුත්
කදුලු මැද හිනාවෙන
මගේ නෙත් වගේමයි
සිනාසෙන තිත්ත මල්
තිත්ත මතකත් රැගෙන
නුඹ නික්ම ගිය පසුත්
නෙත් යොමා හිරු දෙසට
පෙර මෙන්ම පූදිනා
තිත්ත නැති පුන්චි මල්
ඒ තමා තිත්ත මල්.....!
--විශ්--
Tuesday, November 14, 2017
අනුදි අක්කේ.... නුඹට නිවන් සුව.
හිත රිදුනු මතකයන් කවියකින් ලිව්වාද
විඩාබර ජීවිතේ සැනසුමක් සෙව්වාද
සුන්දරම කාලයක් ඉතින් අත් හැරුනාද
දැල්වෙන්න පෙරාතුව පහන් සිල නිවුනාද
නිම්තෙරින් නොකියාම සමුගන්න වූවාට
ලිහිණියක් නුඹ සොදුරු පියාපත් නැතුවාට
පිපී ඇති තෙක් පමනි මල් සුවද කීවාට
සුන්දරම මතකයක් නුඹ මිලින වූවාට
ආදරණීය අනුදි අක්කේ, නුඹට නිවන් සුව...!
Saturday, June 10, 2017
Monday, January 16, 2017
කෙල්ලෙක්ට පුලුවනිය මහමෙරක් ඉවසන්න
මුරණ්ඩුම හිතක් ලග ආදරෙන් නවතින්න ඇහුම්කන් නොදුන්නත් ලගට වී කොදුරන්න ආදරෙයි නොකිව්වත් උරහිසේ පැටලෙන්න කෙල්ලෙක්ට පුලුවනිය හීන එලි කරවන්න
රණ්ඩුවක් වූ විටෙක තනියෙන්ම විදගන්න වෙන්වෙන්න ඇවැසි නම් නිහඩවම සමුදෙන්න හේතුවක් නොඅසාම ඉගිලෙන්න ඉඩදෙන්න කෙල්ලෙක්ට පුලුවනිය මහමෙරක් ඉවසන්න..
Sunday, November 6, 2016
සිනා මල් මට කුමට....
අකල් වැසි කදුලු වල
විසල් සෙනෙහස රැගෙන
සිනා මල් දිවි මගේ පිපෙනවා...
වසන්තය නැති කලට
සිනා මල් මට කුමට
මං මගේ හදවතින් අසනවා...
සිව් වසක් පුරාවට
හිත රැදුනු මුලාවට
දෙනෙත් යුග හොරෙන් ඉකිබිදිනවා...
කවුරුවත් නැති ලොවක
මම හිතින් තනි වෙච්ච
ආදරය සිහිනයක් හිතෙනවා...
අතීතය සතු දිනක
සෙනෙහසින් අපි ලිව්ව
කවි පෙලක් බිම බලන් හඩනවා...
නුඹත් මට නැති කලෙක
කවි ලියන්නේ කුමට
කවි කමට ඉතින් තිත තබනවා...
- විශ් -
Wednesday, October 26, 2016
වැස්සකට පුලුවනිය වසන්තය ගෙන එන්න.....
වැස්සකට පුලුවනිය
බොහෝ දේ කරවන්න
නිදාගෙන ඔහේ වුන්
කවි හිතක් ඇහැරන්න...
පාවෙනා මේකුලක
සැහැල්ලුව ගෙන එන්න
බොහෝ බර කදුලු බිදු
ඈතකට ගෙන යන්න
මිහිතලේ නිකැලැල්ම
මුදු සුවඳ ගෙන එන්න
හිත පිරෙන හිරිකඩින්
හදවතම දෝවන්න
අතීතේ මතක පත්
සැනින් පා කරවන්න
සැහැල්ලුම නිමේශෙක
සමාධිය ගෙන එන්න
පමාවී ආවාට
හේතුවක් නොකියාම
වැස්සකට පුලුවනිය
වසන්තය ගෙන එන්න..
Saturday, October 22, 2016
මං කැමති ඇත්තටම....
මං කැමති ඇත්තටම
කැතම කැතම කොල්ලෙක්ට...
තෙල් බිදක් නොගෑවුන
රැළි ගැහුනු කොන්ඩෙකට
යටි පතුල් ගෙවී ගිය
ඉරි තැලුනු දෙපයකට
තැනින් තැන මල කාපු
ඉරී ගිය ඩෙනිමකට
කපන්නට හිතෙන් නැති
වැවුනු යටි රැවුලකට
හරි හමන් ජොබක් නැති
බිසී නැති කොල්ලෙක්ට
අත්ල මත හාදු පොදි
තවරනා දෙතොලකට
නිදි නැතුව රතු වෙච්ච
සෙනෙහෙබර දෙනෙතකට
අව්වටම පිච්චිච්ච
කලුම කලු මූනකට
ඇත්තටම මං කැමති
කැතම කැත කොල්ලෙක්ට....
කැතම කැතම කොල්ලෙක්ට...
තෙල් බිදක් නොගෑවුන
රැළි ගැහුනු කොන්ඩෙකට
යටි පතුල් ගෙවී ගිය
ඉරි තැලුනු දෙපයකට
තැනින් තැන මල කාපු
ඉරී ගිය ඩෙනිමකට
කපන්නට හිතෙන් නැති
වැවුනු යටි රැවුලකට
හරි හමන් ජොබක් නැති
බිසී නැති කොල්ලෙක්ට
අත්ල මත හාදු පොදි
තවරනා දෙතොලකට
නිදි නැතුව රතු වෙච්ච
සෙනෙහෙබර දෙනෙතකට
අව්වටම පිච්චිච්ච
කලුම කලු මූනකට
ඇත්තටම මං කැමති
කැතම කැත කොල්ලෙක්ට....
Subscribe to:
Posts (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...





