Monday, January 25, 2016

දැන් ඉතින් සමුදෙන්න


හුදෙකලා විරාමෙක
හදවතේ ඉපදිච්ච
සොඳුරු මුතු මාලයක
මුතු වගේ ඈදිච්ච

රැය පුරා නිදි නැතුව
පන්හිඳක කැටි වෙච්ච
සුසුදු පත් ඉරු පුරා
නිබඳවම දැවටිච්ච

කොපුල් තල මත ඇදෙන
සිනාවක පැටලිච්ච
සොඳුරු යට ගියාවක
මතකයන් මුහුවෙච්ච

මූණු පොත් පිටු පුරා
අකුරු වී ඉහිරෙච්ච
මගේ ඒ කවිකමට
හදවතින් ලියවෙච්ච

දයාබර පන්හිදේ
දැන් ඉතින් සමුදෙන්න..!

රිදී තරු වියන යට ✨️

  " අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...