Tuesday, December 15, 2015
ආදරෙත් එහෙමලු
සයුර හරි නපුරුයිලු
බොරු ගෝසාව විතරලු
කෑ ගසාගෙන ආවට
බිදී විසිරී ආයෙත්
හිටපු තැනටම යනවලු
එහෙම එන හැම වාරෙම
වැලි කැටේ කැටේ හරි
එකතු කරගෙන යනවලු
පුන්චි බෙලි කටු වලට
ඔච්චමට හිනා වෙනවලු
ඒත් ඉඳහිට දවසක
සුපිපි මුතු කැකුළක්
සයුර අඩගහන් එනවලු
නිහඩවම වෙරළට පුදකර
දැක්කෙ නැති ගානට
ආයෙත් යන්න යනවලු
හැදිනුවත් නොහදුනන
කලාතුරකින් දැනෙන
සුන්දරම ප්‍රේමයත් එහෙමලු
මොනතරම් නපුරු මුත්
වෙරළ රුදු රළ ගොසට
මේ තරම් ආදරෙත් ඒකලු.
Subscribe to:
Posts (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්‍ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
උදෑසන අහස් කුස නිල් පාට පාවෙනා මේකුලක සුදු පාට අදුරු වැහි වළාවක අලු පාට රාත්‍රිය නිදි වරණ කලු පාට වසත් මේපල් පතක කොල පාට සරත් සමයේ දිලෙ...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...
