Saturday, November 23, 2019
ගෙදර ❤
මං හරිම ආසයි
ගෙදර යනවා කියා දැනෙනවට
හුරු පුරුදු සුළං රැළි
හමාගෙන ඇවිත් ගත වදිනවට..
හුරු පුරුදු නම් ගහපු
බස් එකක් දෙකක් මග හැරෙනවට
හුරුපුරුදු මුහුණකින්
"ගෙදර යනවා" වගේ ඇහෙනවට
හුරුපුරුදු ගස් කොලන්
මල් දරා සැරසිලා සිටිනවට
හුරුපුරුදු සිනාවක්
වැට අසල මග බලන් ඉන්නවට
මං හරිම ආසයි
ගෙදර යනවා කියා දැනෙනවට
ඒ හුස්ම පොද දිගේ
හදවතම මලක් වී පිපෙනවට
Subscribe to:
Posts (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
උදෑසන අහස් කුස නිල් පාට පාවෙනා මේකුලක සුදු පාට අදුරු වැහි වළාවක අලු පාට රාත්රිය නිදි වරණ කලු පාට වසත් මේපල් පතක කොල පාට සරත් සමයේ දිලෙ...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...
