ඒ කාලෙ
හොඳම කාලෙ
ජීවිතේ...
විඳපු කාලෙ
හොඳම යාළුවො
හිටිය කාලෙ
එකම බත් පත
රස බැලුව කාලෙ...
ආකහේ ඉරාගෙන
පියෑඹුව කාලෙ
හේතුවක් නැතුවත්
හිනාවුන කාලෙ
ඇහැල ගස් වල
මල් පිපුන කාලෙ
වසන්තය නාවත්
තුටින් හිටි කාලෙ
උදෑසන රැස්වීම
මගෑරිය කාලෙ
ප්‍රින්සිපල් දකිද්දිත්
බය හිතුනු කාලෙ
සුදු ගවුමෙ දැවටිලා
දඟ කරපු කාලෙ
ආයෙමත් එන්නෙ නැති
සුන්දරම කාලෙ
ඒ කාලෙ
සැහැල්ලුම කාලෙ
ජීවිතේ
විඳපු කාලෙ...
Subscribe to:
Post Comments (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...

-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
උදෑසන අහස් කුස නිල් පාට පාවෙනා මේකුලක සුදු පාට අදුරු වැහි වළාවක අලු පාට රාත්රිය නිදි වරණ කලු පාට වසත් මේපල් පතක කොල පාට සරත් සමයේ දිලෙ...
-
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
lassanayi
ReplyDeleteස්තූතියි අන්කල් ඉයන්
Deleteසමනළ රෑනක් සේ ඉගිලී
ReplyDeleteඅකුරට ගිය පාසැල් කාලේ
ආයෙත් එනවානම් අපෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ...
ඒ සිංදුව මතක් උනා...
අපූරුයි තාරකාව නිර්මාණය....
ස්තූතියි නිර්මාණි
Deleteඇත්තටම ඒ කාලේ තමයි හොඳම කාලේ...සුන්දරයි නිර්මාණය...
ReplyDeleteස්තූතියි පොකුරු වැහි. ආදරෙන් පිළිගන්නවා
Deleteඔයාගෙ ඒ කාලේ මගෙ මේ කාලේ.....
ReplyDeleteඅහන්නත් සතුටුයි රසික :)
Deleteජිවිතේ අපි කවුරුත් ගෙවපු හොදම කාලේ ඒක තමයි. ආයේ ආයේ එනවනම් කියලා මඟ බලාගෙන ඉන්න හිතෙන.
ReplyDeleteඒක නම් ඇත්ත දිනේශ් අයියා, ඇත්තටම ඒ කාලෙ ආයෙත් එනවනම්.........
Deleteකෙටියෙන් ම කිව්වොත් මරු..!!!
ReplyDeleteහරි රහ කවියක්.. අවුරුද්දකට මෙපිට මෑත අතීතෙ මතක් වුණා..!!
ස්තූතියි වැසි දැරිය :)
Deleteසුපිරියි, පට්ටයි කියල වනන්න තරං ලස්සනක් මං මේකේ දැක්කෙ නෑ. හැබැයි මට තක්ෂිලාව මතක් කරවන්න තරුවට පුළුවන් උණා.මං හිතන්නෙ වෙන්නත් ඕනෙ ඒක තමයි.සෝමතිලක ජයමහගේ මේ සින්දුව අහල ඇති නෙ?
ReplyDeleteනෙතු කඳුලින් හස කැනින් මුවා කල
මිහිරි හැඟුම් පුරවා මන මත් කල
මගෙ කෙළිලොල් විය ගෙවුණු වගයි....
මා හැදු පාසල් මවුනි දයාදර //