මල් කැකුලු පීදෙනා ගසකට
පෙර දිනක මැරුනු මල් මතකද?
නෙලුම් මල් පිරී ගිය විලකට
පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද?
පෙර දිනක මැරුනු මල් මතකද?
නෙලුම් මල් පිරී ගිය විලකට
පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද?
හඩන්නට වරම් නැති නෙතකට
හිනැහෙන්න සිනාවන් කුමටද?
නොනිදාම පහන් කල රැයකට
සිහිනයක පෙර නිමිති අකැපද?
හිනැහෙන්න සිනාවන් කුමටද?
නොනිදාම පහන් කල රැයකට
සිහිනයක පෙර නිමිති අකැපද?
කිසිදිනක නොකියවූ පොතකට
වර්ණවත් පිටු වැසුම් මොකටද?
නිම්තෙරින් සමුගන්න සඳකට
සයනීය තේ බඳුන් අවැසිද?
වර්ණවත් පිටු වැසුම් මොකටද?
නිම්තෙරින් සමුගන්න සඳකට
සයනීය තේ බඳුන් අවැසිද?
ගිමන් කල ඉරි තැලුන ගඟකට
වසන්තේ වැටුනු වැසි මතකද?
පාතරාසය පිණිස හිතකට
හදවතක් දන් දෙන්න අකැපද?
වසන්තේ වැටුනු වැසි මතකද?
පාතරාසය පිණිස හිතකට
හදවතක් දන් දෙන්න අකැපද?
කතර මඟ මෙදුර විත් තනියම
මගේ ලඟ සෙවනැල්ල විතරද?
නිස්සාර හදවතක ඉපදෙන
ප්‍රේමයත් මිරිගුවක් පමණද?
මගේ ලඟ සෙවනැල්ල විතරද?
නිස්සාර හදවතක ඉපදෙන
ප්‍රේමයත් මිරිගුවක් පමණද?
මිරිගුවක් බව දැන දැනම
ReplyDeleteහඹා නො යා ඒ පසුපස
මිරිගුවට ඔබ පසුපස
හබා එන්න ඉඩ හරින්න
කවිය අපූරුයි.
ස්තූතියි නිර්මාණි
Deleteලස්සනයි ලොකු තේරුමක් තියනවා.
ReplyDeleteස්තූතියි :)
Deleteඅනේ මටත් මෙහෙම ලියන්න පුලුවන්නම් :)
ReplyDeleteස්තූතියි... උත්සහ කරොත් බැරි වෙන එකක් නෑ :)
Delete? මොන රෙද්දකට දැම්මාද
ReplyDeleteඒක ගැලපෙන්නෙ නෑ තමා :(
Delete//නිස්සාර හදවතක ඉපදෙන
ReplyDeleteප්‍රේමයත් මිරිගුවක් පමණද?//
තමන්ගේ රළු ආත්මාර්ථකාමය අනෙකෙකුට බවුන්ස් කර ආපහු එන කොට ඒකට සුමට නමක් දාගත්තු එකක් තමයි ප්‍රේමය කියන්නෙ. සාර නිස්සාර වෙනසක් නැතුව ප්‍රේමය මිරිඟුවක්. අනුන්ගෙන් එනවා සේ හැඟෙන තමන්ගේම හිතේ උපන් මිරිඟුවක්.
එහෙමම කියන්න බෑ නේද? සමහරුන්ගේ නං ප්‍රේමය එහෙම ඇති. ඇත්තටම මගෙත්. ඒත් එහෙම නැති අයත් අඩුවෙන් හරි ඉන්නව. මං දන්න අය.
Deleteඅනේ මන්දා මටත් හිතෙන්නෙ ප්‍රේමය මිරිගුවක් කියලා. ඒක තේරෙන්නෙ දුවල දුවල හති වැටුනට පස්සෙ
Deleteතමන්ගේ රළු ආත්මාර්ථකාමය අනෙකෙකුට බවුන්ස් කර ආපහු එන කොට ඒකට සුමට නමක් දාගත්තු එකක් තමයි ප්‍රේමය කියන්නෙ. සාර නිස්සාර වෙනසක් නැතුව ප්‍රේමය මිරිඟුවක්. අනුන්ගෙන් එනවා සේ හැඟෙන තමන්ගේම හිතේ උපන් මිරිඟුවක්.
ReplyDelete---------------------------------------
මේක මට නම් අලුත් කතාවක්
------------------
කවිය ඉස්තරම්...!!!
ස්තූතියි අන්කල් ෆවාස්... කාලෙකින් :)
Deleteසංසාර ජීවිතේ නිස්සාර ප්‍රේමය....
ReplyDeleteස්තූතියි රසික
Deleteඇත්තටම ලස්සනයි. හැබැයි මේකේ ප්‍රශ්නාර්ථය නොදැම්ම නං තවත් ලස්සනයි. කවියක් කියන්නෙ වාක්‍ය රචනයක් නෙමෙයිනේ. ඒකෙදි ව්‍යාකරණ රීති අකුරටම පිළිපදින්න ඕනෙ නෑ. එහෙම උනාම කවිය යාන්ත්‍රික වෙනව.
ReplyDeleteස්තූතියි සරදියෙල්. මටත් ඒක හිතුනා
Deleteප්‍රේමය අවංකනම් මිරිගුවක් ඒ අසළකවත් නැත.
ReplyDeleteකවිය ලස්සනයි.
ජයවේවා!!!
ස්තූතියි දුමින්ද
Deleteහායි...
ReplyDelete"බඹර"
පත්තරේ දැකලා තමයි එන විදිහ හොයා ගත්තේ...
පුංචි අඩු පාඩු ටිකක් තියෙනවා මට දැනිච්ච විදිහට...
ඒ ගැන උපදෙස් දෙන්ට තරම් දැනුමක් නෑ වැඩිය...
අඩු පාඩුව තියෙන්නේ අකුරු වල...
තේරුමට පාඩුවක් නෑ ඒ වුණාට...
ස්තූතියි චතුරන්ග. සතුටුයි අදුර ගන්න ලැබීම. දිගටම රැදිල ඉන්න :)
Deleteමේ බ්ලොගයෙ ලියැවුණු සුන්දර ම කවිය..!!
ReplyDeleteස්තූතියි වර්ශා :)
Delete