ඒ ජනවාරි මාසෙ 24 වෙනිද.මම හිටියෙ යාපනේ.මට ඉහළින් තිබුණෙ තරු පිරුණු අහසක්.... පේන තෙක් මානයේම දකින්නට ලැබුනෙ ඈතින් ඈතට විහිදෙන තල් ගස් යායක සෙවණැළි . මීට වසර දහස් ගණනාවකට පෙරත් මේ සුන්දරත්වය මෙලෙසම දිස්වෙන්නැති. මේ අහස මේ විදිහටම තරු පිරිවරාගෙන ඉන්නැති.ඒත් ඊට යටින් තිබුණ මේ බිම් කඩ කොච්චර නම් වෙනස්වීම් වලට ලක් වුනාද? යුගයක් තිබුන හිත් වල ඇවිලුනු ගින්දරින් මේ තල් අරඹ ගිනි ගත්ත සහ කටු කම්ඹි, පවුරු ප්‍රාකාර වලින් ආදරය, සෙනෙහස,මනුෂ්‍යතයව සීමා කරපු.
මට නිතැනින්ම මතක් වුනේ රත්නශ්‍රී විජේසින්හයන් විසින් රචිත ගුණදාස කපුගේ විසින් ගායනා කළ ගීතයක් ඒ තමයි 'සින්හල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී'. ඒ ගීතය ලියවිලා තිබුණෙ LTTE සන්විධානයේ හිටිය පොලිස්පතිවරයා සහ ඔහුගෙ සින්හල ජාතික පෙම්වතිය වෙනුවෙන්.දෙපාර්ශවයේම දෙමාපියන්ගෙ දැඩි අකමැත්ත මත විවාහ වෙන ඔවුන් යාපනේට පලා ඇවිත් LTTE සන්විධානයට බැදිල ජීවත් වෙනව. උතුරු නැගෙනහිර තිබුණ යුද්දයෙන් මේ වන විට ඔවුන් දෙදෙනාම මියගොස් අවසන්. ඒත් රත්නශ්‍රී විජේසින්හයන්ගෙ පද පෙළ නිසා තවමත් වසර ගණනකට පසුත් ඔවුන් ජීවමානයි.
ඒ එක සිදුවීමක් විතරයි. මේ සුන්දර තල් අරඹ යට තවත් එවැනි කතා කොච්චරක් ඇතිද? ආදරය නිසා ඉපදුනු, ආදරයෙන් ජීවත් වුනු සහ ආදරයෙන්ම මියැදුනු කීදෙනෙක්ගෙ අවසන් සුසුම් පොද මේ වාතලයට මුසුවෙලා ඇත්ද..... ආදරෙත් හරිම පුදුමාකරයි. ජීවිතේ ජීවත් කරවනව වගේම ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තු ලබල දෙන්නෙත් ආදරේ විසින්. ආදරේ පිරුණු හැම හදවතක්ම මේ තරු පිරුණ අහස වගේම පිවිතුරු ඇති කියල මට හිතුන.