Wednesday, March 16, 2016
පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ
ගුරු පාරෙ මග දිගට රොබරෝසි වැටෙන්නෑ
කේතකී පඳුරු පෙර මුණු මුණුව නගන්නෑ
සුසුම්ලන හිත ගාව සිනා මල් පිපෙන්නෑ
නුඹ නැතුව ජීවිතේ විදින්නට හිතෙන්නෑ
ඉකිබිදින හිත ගාව හිනැහෙන්න ඉඩක් නෑ
සුදු අම්මි මගෙ මැණික අමතන්න කෙනෙක් නෑ
හීන පොදි තිබුණාට මගෙ ලෝකෙ රජෙක් නෑ
පෙර මෙන්ම ආදරේ පුදන්නට කෙනෙක් නෑ
දෙනයනින් ගිලිහෙනා කදුළු වල නිමක් නෑ
හදවතට ලං වෙලා දුක අහන කෙනෙක් නෑ
නෙත් පුරා මග බලන මුත් තවත් වැඩක් නෑ
පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ
Subscribe to:
Post Comments (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...

-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
දහසක් හේතු තිබුණත් පියඹන්න බැදීමක් අත් හැර දරාගන්නට වෙනවා සවන් අග සරන රුදු විස්තර තේරුමක් නෑ තමයි අහේතුක කඳුළු වැල් වත්කර දුකම ඇති තැන්වලත...
-
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
කවද හරි රජෙක් ලැබෙයි. එතකල් හිටු.
ReplyDeleteඑසේය දේවයන් වහන්ස :D
Deleteඑතකොට අර ඉන්න එකා මොකෙද්ද? බයියෙක්ද?
Deleteකවි වල තියෙන්නේ ඇත්ත නෙමෙයිනේ ඉයන් අන්කල්. එහෙනම් හැමදාම අපි සතුටු හිතෙන කවි විතරනේ ලියන්න වෙන්නේ. ඒ නිසා මේ වගේ දුක හිතෙන ඒවත් ලියන්න වෙනවා. :)
Deleteඒ නිසා අන්ධකාර තාරකාවක් බිහිවූ වගයි
ReplyDeleteඒකනේ... නරකක් වෙලා නෑ නේද ඉවාන්
Deleteකේතකී පඳුරු කතාව දැකල හිනහත් ගියා
ReplyDeleteහා හා ඇයි කියල නාහං ඉතිං...
කවිය පංකාදුයි අතා...
ජයවේවා
ස්තූතියි මහේශ්... ඔන්න මම ඇහුවෙ නෑ :D
DeleteGrate
ReplyDeleteJayawewa!!!@@@
ස්තූතියි විදානේ
DeleteGrate
ReplyDeleteJayawewa!!!@@@
ටිකක් ඉවසන්න දරුවෝ,,වටිනා දේවල් ලැබෙන්නේ කාලයත් එක්ක...
ReplyDeleteස්තූතියි අන්කල් :)
Delete//පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ//
ReplyDelete++
ස්තූතියි
Delete"නෙත් පුරා මග බලන මුත් තවත් වැඩක් නෑ
ReplyDeleteපුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ"
hitha riduwana wachana agey :)
ස්තූතියි... ආයෙත් එන්න :)
Deleteමේ පැත්තේ ඇවිත් ගියාට පාඩුවක් නෑ වගෙ (තිතක්)
Deleteනෑ නෑ අයෙමත් එන්න :)
Deleteඔය කවියෙ මහා පොදු සාධකය වෙන්නෙ "නෑ" කියන වචනෙ. ඒක එළියට අරං, ඔක්කොම පද ටික වරහනක් ඇතුළට දාමු.
ReplyDeleteහරි ඊලග වතාවේ බලමුකෝ :)
Deleteනෑ....නෑ....නෑ....කවිය ලස්සන නැත්තෙත් නෑ.....සුබපැතුම් අතා....
ReplyDeleteThis comment has been removed by the author.
Deleteස්තූතියි කසුට්ටෝ
Delete