වැස්සකට පුලුවන්
මුළු ගතම වැහි දියෙන් නහවන්න
ඒත් බැරිවෙයි..
නුඹටමෙන් හදවතම දෝවන්න...
මදනළට පුළුවන්
සීතලට ගත වටා දැවටෙන්න
ඒත් බැරිවෙයි..
නුඹට මෙන් දැවෙන හද සනහන්න...
තරු වලට පුළුවන්
සඳ නොමැති අමාවක ලඟ ඉන්න
ඒත් බැරිවෙයි...
නුඹට මෙන් මගෙ තනිය දුරලන්න...
නෙළුමකට පුලුවන්
කලල් දිය විල් දියක් කරවන්න
ඒත් බැරිවෙයි
නුඹට මෙන් හද විලේ පූදින්න...
සුසුමකට පුළුවන්
නිරතුරුව ගත වටා දැවටෙන්න
ඒත් බැරිවෙයි..
නුඹට මෙන් නොකියාම දුර යන්න...
Thursday, November 26, 2015
Subscribe to:
Posts (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
උදෑසන අහස් කුස නිල් පාට පාවෙනා මේකුලක සුදු පාට අදුරු වැහි වළාවක අලු පාට රාත්රිය නිදි වරණ කලු පාට වසත් මේපල් පතක කොල පාට සරත් සමයේ දිලෙ...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...
