Thursday, January 7, 2016

ඒ තමා ආදරේ හරි පාට...

උදෑසන අහස් කුස නිල් පාට
පාවෙනා මේකුලක සුදු පාට
අදුරු වැහි වළාවක අලු පාට
රාත්‍රිය නිදි වරණ කලු පාට


වසත් මේපල් පතක කොල පාට
සරත් සමයේ දිලෙන රතු පාට
සිසිර සමයේ වැසෙන සුදු පාට
නපුරු හේමන්තයේ බොර පාට


ඇහැළ කුසුමක පිපෙන කහ පාට
වැටෙන මල් රේණුවක තඹ පාට
නොපිපි මල් පියල්ලෙක ලා පාට
බිම වැටී මියැදෙනා පඬු පාට


ගලා යන දොළ දියක නිල් පාට
හිරු එළිය වැද දිලෙන රන් පාට
නැගෙන පෙණ පිඩු බිදෙන සුදු පාට
වැටෙන සෙවණැලි මවන දම් පාට


එකක් ලෙස එකතු වී මේ පාට
මවනු ඇත ලෝකයක් තනි පාට
සුපෙම්වත නේක නම් කීවාට
ඒ තමා ආදරේ හරි පාට...

94 comments:

  1. ඉතාමත් අනර්ඝයි. හරිම හරිම හරිම ලස්සන අදහස

    ඉයන්
    (ඉවාන් නෙමෙයි)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඉයන් :D

      Delete
  2. විටෙක ඇය රත් පාට
    විටෙක ඇය සුදු පාට
    ඒ වුණත් ඒ තමයි
    ආදරේ හරි පාට....

    මෙය නම් අනගියි අතා...
    ජයවේ!

    ReplyDelete
  3. ඔබේ බ්ලොගයේ කවි කෙරුවාවේ අපි දකින විශේෂත්වය තමා ඒක දිනෙන් දින දියුණුවීම... හරිම සතුටුයි.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු....!!!

      Delete
    2. එකෙන්ම.අතා සිරාවට ලියනවා.ජය වේවා...

      Delete
    3. ස්තූතියි කසුට්ටෝ...

      Delete
  4. මේක පුවත්පත් වලට අරින්න
    මම කියවපු හොඳම කවියක්

    ReplyDelete
    Replies
    1. ඉයන්.. හැමෝම කියනවා ඔයා නිසයි බ්ලොග් එක ගැන දැනගත්තෙ කියලා.. ගොඩාක් ස්තූතියි. ඔයාද එයාලට කිව්වෙ? මට සතූ......ටුයි...... මේ හැම ස්තූතියක්ම ඔයාට...

      Delete
  5. ජීවිතේම පාට ගොඩක්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අය්යා... ස්තූතියි ඔයාට

      Delete
  6. අප්පත සිලි.. පාට පාට පාට විසිරුණ කවියක් අතා..
    ඔය පිංතූරෙ මං ඉස්සරෝම දැක්කෙ අර සූදුරු සිනි බෝල වගේ කියහංකො පෙරේත කමට ලං වෙලා බලද්දි තමා දැක්කෙ පබළු කියල :D :D :D :D :D
    හරිම ලොල් සහගතයි හිහි

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙත් එහෙමයිනේ..

      Delete
    2. ඔය ජාතියේ 'හූනු බෙටි' කියල කෑමක් තිබ්බ නේද? අම්මේ ඒවාට තිබ්බේ ඉස්සර රත්තරන් වලට වඩා ලොකු මිලක්නේ... තාමත් ආසාවට දැක්කම ගන්නවා

      Delete
    3. ස්තූතියි ඔයාලට... මාත් මුලින් සීනි බෝල වගේ තමා දැක්කෙ... :D

      Delete
    4. හූනු බෙටිද උපේක්ෂා අපි නං කිව්වෙ හූනු බිජු කියලයි.

      Delete
    5. ඔය නං දෙකම කියනව හැලපය්යෙ

      Delete
  7. ඔන්න ලස්සන දීර්ඝ කවි ලියන්න පටන් ගෙන..නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි අයියා...

      Delete
  8. ලමයත් දැන් දියුනුයිනේ...
    මනරම් ඈ..

    "මේපල්" කියන්න මක්කයි???

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ඔයාලගෙ coments නිසා තමයි මම දියුනු වෙන්නෙ ඔන්න. ස්තූතියි ඔයාටත්. මේපල් ගස් ජාතියකට. පිටරට තමා තියනව ඇත්තෙ. ලන්කාවෙනම් මම දැකලත් නෑ.

      Delete
  9. හොඳ අනාගතයක් තියන බ්ලොග්/ කවිකාරියෙක් පාටයි.

    ඉයන් කිව්වෙ

    ReplyDelete
    Replies
    1. අම්මෝ ප්‍රා … :D :D
      පට්ටයි ඈ … හැක් හැක්

      Delete
    2. ආ... මල්ලිතුමා හෝ ගාල කමෙන්ට්දාන පාටයි ලඟදි ඉඳල

      Delete
    3. ගෙස්ට්ලා ගානට වැඩිය ස්ටාෆ් ඉන්නවා.හැක හැක :D පුල් ආතල්

      Delete
    4. ස්තූතියි ප්‍රා ඔයාටත්.. දිගටම රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා.

      Delete
  10. ඒ තමා ආදරේ හරි පාට.. දේදුනු පාට...

    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරුරසී... ඔයත් මම ගොඩක් ආස කරන කිවිඳියක්.. ආරාධනා කරනවා දිගටම ඉන්න කියලා

      Delete
  11. කවිය සින්දුවක් වගේ ගීතවත්... ඉයන් තමයි පාර කිව්වේ. නොවැරදීම ආයේ එනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උපේක්ශා... ආදරෙන් පිළිගන්නවා....

      Delete
  12. දේදුන්නේ සත් පාට හංගලා
    හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා
    පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
    ඔබේ නමට රොන් සදා
    ඔබේ උයනෙමයි..

    රෑ සඳේ සිනිඳු කිරණත් එපා
    ලා ඉරේ අරුණු දහරත් එපා
    ගී සරේ මිහිරි පිළිරැව් එපා
    ජීවිතේ ඔබ ගෙනේ නම්..

    මාරුතේ සුමුදු සිහිලත් එපා
    හීනයේ අරුම දැහැනත් එපා
    පාමිනේ කිකිණි රසු දැල් එපා
    ආදරේ ඔබම වේ නම්.....

    -- මීට ඉවාන් පවුලූසා --

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පත්තර මල්ලි.... ඔයා ඉවාන් ද?

      Delete
    2. //පත්තර මල්ලි.... ඔයා ඉවාන් ද?//

      හෑ.........කවුද දැන් ඉස්සෙල්ල සුවිසයිඩ් කරගන්නෙ?

      Delete
    3. ඉස්සෙල්ල ඉවාන් :D

      Delete
    4. පත්තරයා කියන්නේ ඉවාන්ගේ නිවුන් සහොදරයට.බොරුනම් අහලා බලන්නකෝ.

      Delete
    5. චැහ් මේ බ්ලොග් එක ගැන මගේ ඊලග පෝස්ට් එකේ දාන්න හිටියේ.. මෙන්න ඉයන් ඉස්සර වෙලා.. හැක් හැක්

      Delete
    6. කාටවත් දෙවෙනි වුනාට කමක් නෑ විදානේ... ඔයත් දාල බලන්න ;)

      Delete
  13. මාත් ආවා බලන්න අළුත් කිව්ව හන්දා මේ අපේ අතා නේ.
    ලස්සනයි තාරකා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මිත්‍ර.... :)

      Delete
  14. මාත් ආවා බලන්න අළුත් කිව්ව හන්දා මේ අපේ අතා නේ.
    ලස්සනයි තාරකා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මිත්‍ර....

      Delete
  15. කවි කියවන්න ලොකු කැමැත්තක් නැතත් ඉයන් කිව්ව පාර දිගේ ආව. ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ආයෙත් එන්න කියල ආරාධනා කරනවා...

      Delete
  16. ඉයන් සෑර් තමයි පාර කීවෙ.. රෙෂ්පට් සහෝදරී !!!
    ඔහොම්ම ලියාග්ව්න යං.. සුභපැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මම මුලින් හිතුවෙ ඔයා ඉවාන් කියලා... දැන් පැටලුම ලිහුනා. ඉවාන් සර්ටත් මගේ ස්තූතිය...

      Delete
    2. ඉවාන් හරකෙක්,
      ඉයන් අලියෙක්,
      පත්තරයා බූරුවෙක්,
      විදානයා (ඊයේ රෑ) සිංහයෙක්.. බොරුනං කුරුටු ලමයිගෙන් අහල බලන්න..

      Delete
    3. විදානෙයො … සිංහ ලේ වෙන්ටැ :D හැක හැක

      Delete
    4. මට නම් තේරෙන්නෙ නෑ ඕවා ;D

      Delete
  17. ලස්සනයි, දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... දිගටම රැදිල ඉන්න ඔයත්...

      Delete
  18. ලස්සන කවි පෙළ.

    ReplyDelete
  19. Philosophical
    Phenomenal
    Aesthetic
    Beautiful
    We want more of these!

    ReplyDelete
    Replies
    1. okay.. i will try my best... thank you soooo much... stay with me in my blog... cheeerz.....!!!

      Delete
  20. සිසිරය හේමන්තය කියන්නෙ දෙකම එකමයි...එතන අන්තිම පදේ මම නම් ලියන්නෙ " හේමන්ත ගිරක හෙල්මැලි පාට " කියලයි...:)

    හරිම අපූරුයි....:)

    ReplyDelete
    Replies
    1. මටත් එතන පැටලුමක් තේරුනා... ඒත් ලිහා ගන්න බැරුව හිටියෙ. ගොඩක් ස්තූතියි ඔයාට...

      Delete
    2. සමාවෙන්න වැරදීමක් වුනේ..සෘතු හතර ගැන හරියට කියවෙන්න නම් කවිය මෙහෙම වෙන්න ඕන...

      වසත් මේපල් පතක කොල පාට
      ගිම්හාන වලාවක රතු පාට
      සරත් සමයේ අහසෙ නිල්පාට
      හේමන්ත ගිරක හෙල්මැලි පාට

      වසන්ත, ගිම්හාන, ශරත් සහ හේමන්ත ( ශිශිර )…Spring, Summer, Autumn & Winter...

      Delete
    3. ස්තූතියි ආයෙත් සැරයක්.. මගෙ කවියට වඩා ඔයාගෙ එක ලස්සනයි

      Delete
  21. ඉයන්.. මේ ස්තූතිය ඔයාට.... :)

    ReplyDelete
  22. ඉයන් කියපු පාර දිගේ ආවා.ලස්සන කවි ටික.

    ReplyDelete
  23. කැන්ඩි ගේ පොස්ට් එහෙක කමෙන්ට් එකක් දාලා තිබ්බා ඉයන්. ඇවිත් බැලුව ඉතින්. මන් ඔබ ටුමි ව දැකලා තියෙනවා කොමෙන්ට් කරනවා ගොඩක් බ්ලොග් වල.. එත් මේක කියෝපු පලවෙනි වතාව. මන් බැලුවේ 2015 පොස්ට් විසි පහක් දාලා. හිමින් සීරුවේ කියෝලා බලන්න වෙනවා. මොකද සම්මානෙකට නිර්දේශ කරන්න වටිනා සුදුසුකමක් නේ.. හැක හැක..

    කවිය හොඳයි.. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත්.. ආදරෙන් පිළිගන්නවා. :)

      Delete
  24. සෑහෙන දවසකට පස්සේ මේ පැත්තට ආවේ.ලස්සන කවි පෙලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. රැදිල ඉන්න දිගටම

      Delete
  25. ලෑන් සීයගෙ දැනුම් දීම තමයි එන්න හේතුව උනේ..
    පාට පාට එකතු වෙලා හැදෙන සුදුපාට තුලින් මතු වෙන පෙම් පාට...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ආදරෙන් පිළිගන්නවා..

      Delete
  26. ඉයන් කිව්ව නිසා ආව බලන්ට.. හරිම අපූරුයි නෙව...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාගෙ බ්ලොග් එකටත් මම කැමතියි

      Delete
  27. ඉයන් කියන්නේ හොඳ රසිකයෙක්.... ඔහු නිවැරදියි....

    ReplyDelete
  28. kavi tika godaak rasawath, hondha diyunuwak, kaalaya aran liyanna, rasawath wewi hamavitama.

    ReplyDelete
  29. ඉයන්ගේ කොමෙන්ටුවක් හරහා ආවේ, 'නපුරු හේමන්තයේ බොර පාට' අපූරුයි සිත්තම​​.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ආයෙත් එන්න කියලා ආදරෙන් ආරාදනා කරනවා

      Delete
  30. කවි කියවන්න ලොකු කැමැත්තක් නැතත් ඉයන් කිව්ව පාර දිගේ ආව. ජය! taken from Br. Raj

    ReplyDelete
  31. කවි කියවන්න ලොකු කැමැත්තක් නැතත් ඉයන් කිව්ව පාර දිගේ ආව. ජය! taken from Br. Raj

    ReplyDelete
  32. එහ්... ආදරේට පාටකුත් තියනවද? මට මතකයි කාලෙකට කලින් රිට්ස්බරි එකෙන් ද කොහෙද චොකලට් එකක් ගැහුවා ආදරයේ අලුත්ම පැහැය කියල නිල් පාට කවරෙක දාලා. හැබැයි ඒ ඉලව්ව මෙලෝ රහක් නෑ.. ආදරේ වගේමයි.

    ReplyDelete
    Replies
    1. ආදරේට නෙමේ. හැමදේටම පාටක් තියනවා. ඒත් ආදරේ පාට පේන්නෙ ඇත්තටම ආදරේ කරන අයට විතරයි.

      Delete
  33. ඔය පිංතූරෙ තියෙන්නෙ පබලු නේද? කවිය හරිම ෂෝක්. මේක සිංදුවක් කලානං නියමයි. ඕන්නැං මමම ගායනා කරන්නංකෝ

    ReplyDelete
  34. ඔය පිංතූරෙ තියෙන්නෙ පබලු නේද? කවිය හරිම ෂෝක්. මේක සිංදුවක් කලානං නියමයි. ඕන්නැං මමම ගායනා කරන්නංකෝ

    ReplyDelete
    Replies
    1. පබලු තමා තියෙන්නෙ. ඒත් සීනි බෝල වගේ නේද? සින්දුවක් කරනවනම් සතුටින් අවසර දෙනවා :)

      Delete
  35. ගොඩක් කවි කියෙව්වා... සමහර ඒවට ඒ තැන් වලම කමෙන්ට්ස් දැම්මා. බොහොම හොඳයි... තාලයකට කියවන්න පුළුවන් කවි වලට තමයි මගේ වැඩි කැමැත්ත.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට... හැමදාමත් ඉන්න :)

      Delete
  36. කවියේ රස විඳින්නේ කොහෙමෙයි මම කලර් බල්යින්ඩ් මදිවට ආශ්‍රය කරන්නේ පොයෙටිකලි බ්ල්යින්ඩ් යාලුවෝ...
    ඉයන් අංකල් කරදර කරනවා මේක කියවන්නය කියලා...ඉතින් කියෙව්වා...කමෙන්ට්ස් කරල තියෙන්නේ පාට පේන අය...ලිව්ව කෙනා බ්ල්යින්ඩ් ස්ටාර් මම....!!
    දිගටම ලියන්න...එන්නම් කියවන්න...!

    ReplyDelete
  37. ගොඩක් ස්තූතියි.. ආදරෙන් පිළිගන්නවා.

    ReplyDelete
  38. අකුරු වල හැම තැනම පෙම්පාට
    මට හිතයි අහුලලා සිප ගන්න....
    අහම්බෙන් දුටුවේ මම මේ පාර
    තාරකාව තබාගමි කාමරේ හැමදාම....

    ReplyDelete
  39. ස්තූතියි... දිගටම රැදිලා ඉන්න.. ආදරෙන් පිලිගන්නවා.

    ReplyDelete
  40. හරිම ලස්සනයි. ෆේස්බුකියේ අඳුරන කෙනෙක්ද මන්දා. මට මේ ලියන රටාව හුරු ගතියක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි අක්කෙ... ඔයා මුහුණු පොතේ මගෙ යාළුවෙක්

      Delete