Monday, January 11, 2016

අද අළු පාට දවසක්...


අද අළු පාට දවසක්... මටම කොනිත්ත ගත්තෙ මේ හීනයක්ද, නැත්තම් ඇත්තටම සිද්දවෙන දෙයක්ද කියල හරියට හිතාගන්ඩ බැරිවුන නිසා.අහස පුරාම කළුම කළු පාට වැහි වලාකුළු පිරිලා. නිල් පාටක් හොයාගන්ඩවත් බෑ. වැහි බින්දු අස්සෙ හැන්ගිලා ඒ අදුරු අළු පාට පොළවටත් ඇවිත් වගේ. තණකොළ උඩ වැටිල තියෙන පිණි බින්දුත් අළු පාටයි, කඳු යාය වසාගෙන ඉන්න මීදුමත් අළු පාටයි. කහ පාට තිත්ත මලුත් මැලවිලා ගිහින්.... පෙති දිගේ සීරුවට අළු පාට කඳුළු බින්දු බේරිලා. ඒ කඳුළු බින්දුවකට යට වුණ කූඹියෙක් පණ අදිනවා. ඌත් අළු පාටයි. මම බැලුවෙ ඔයා දුන්න රෝස ගහ දිහා.  අනේ ඒකත් අළු පාට වෙලා. මිදුල පුරාම විලෝ පත් හැලිලා...  ඒවත් අළු පාටයි.. මම ඇස් ඇරල තිබුන නිදිකුම්බා කොළයක් කඩල ගත්ත. මට බයෙන් වගේ එයා කොළ අතරෙ මූණ හන්ගගෙන හැකිලුනා. ඒත් ඒ අළු පාට මගෙ ඇඟිලි වල ගෑවුණා. ඒ කියන්නෙ මේක හීනයක් නෙමෙයි..!
අළුම අළු පාට සමනළයෙක් මන් දිහා බලලා බුම්මගෙන වගේ ඈතට ඉගිල්ලිලා ගියා. ගස් කොලනුත් මාත් එක්ක තරහින් වගේ.ඒ හැමෝම මන් දිහා බලන්නෙ හරියට මේ හැමදේම මගෙ වැරෙද්දෙන් වුණ දෙයක් වගේ. සමරවිට ඊයෙ රෑ තෙමිතෙමී මහ වැස්සෙ ඔයාව මතක් වෙලා මම අඩපු කඳුළුද දන්නෙ නෑ පාන්දර  අළු පාටවැස්සක් වගේ කඩන් වැටුණෙ. ඉතින් ඒකට මම මොනව කරන්ඩද? කඳුළු බින්දු එකින් එක එකතුවෙලා හදවතම හිරවෙයි කියන බයටයි මම හිත නිදහස් වෙනකල් ඇඩුවෙ. ඒකට මට සාධාරණ හේතුවක් තියෙනව. එහෙම තියෙද්දිත් මේ වගෙ ලොකු දඩුවමක් දෙන එක හරිම අසාධාරණයි.
ඒත් කමක් නෑ... හැමදේම අළු පාට වෙච්චාවෙ. තිත්ත මල් විතරක් නෙමෙයි මම ආසම රෙබරෝසි මල්, දවල් කුමාරි මල්, තණකොල මල් අස්සෙ පිපෙන ට්‍රයිඩැක්ස් මලුත් අළු පාට වෙච්චාවෙ. විලෝ පතුත් කවදාවත් දලුලන්නෙ නැතුව මේ බිම වැටිලා තියෙන විදිහටම තිබුණාවෙ. එතකොට කවදාවත් ඒවට වහින වෙලාවට වැළපෙන්ඩ බෑ.. ඒ කියන්නෙ මට ඔයාව මතක් කරල දෙන්ඩත් එයාලට බෑ කියන එකනෙ.. අනික එතකොට මට රතු පාට හැන්දෑවල් වල ඔයාව හිතින් මවාගෙන තනියම ගුරු පාරෙ ඇවිදින්ඩ යන්ඩ ඕනෙ නෑ, රෝස පාට පෙම්වතුන් දකිද්දි ඇස් වල කදුළු පුරවන් හූල්ලන්ඩ ඕනෙ නෑ. කහ පාට ඇහැළ මල් දෙවැට ලඟ ඔයා එනකල් කල්මරන්ඩ ඕනෙ නෑ. ඔයා ගැන හිත හිතා වරු ගනන් කොල පාට තණ කොල ගස් ගණන් කරන්ඩ ඕනෙ නෑ. නිල් පාට අහසෙ සුදු වළාකුළු එහා මෙහා කරල ඔයාගෙ රූපෙ මවාගන්ඩ ඕනෙ නෑ.ඉතින් මුලු ලෝකෙම අළු පාට විතරක් උනොත් කොච්චර හොඳද?
 මම අහස දිහා බැලුවා. අඳුර ගන්ඩ බැරි තරමට අහසට පොළව සමපාත වෙලා... හරියට සිහිනයකින් සිහිනයක් වසාගෙන වගේ. වලාකුළු, කඳු, මීදුම කිසි දෙයක් වෙන්කරලා අදුරගන්ඩ බැහැ. සමහරවිට සේකර 'ලෝකය තනි යායක්' කියල කියන්ඩ ඇත්තෙ මේ වගේ දවස් වලට. අදින් පස්සෙ මගේ ජීවිතේට කඳුළු වලට එබිකම් කරන්ඩ බැරිවෙයි. ඒ වගේම හසරැළි වලටත්.මොකද මේ අළුම අළු පාට හිස් අහස වගේම මගේ හදවතත් මියැදිලා.කොයිවෙලේ වැස්සක් වෙලා කඩන් වැටෙයිද කියන්ඩ බැරි සිතුවිලි වැහි වලාකුළු වගේ ඒ හදවතේ පිරිලා.
ඒත් සායම් ගාපු හිනාවක් මවාගෙන ඇවිදින දවස් තුන්සිය හැට පහකට වඩා මේ අළු පාට දවස මට වටිනව.අද දවසම මේ අළු පාට මේ විදිහටම තියෙයි.ඒ වගේම හෙටත්. හෙටින් පස්සෙ එලඹෙන හැම දවසකමත් මේ අළු පාට මෙහෙමම තියෙයි. මගේ හදවතේ ඔයා වෙනුවෙන් වෙන්වෙලා තියෙන අන්තිම සෙනේ බිදුවත් සිදිල යනකම් මේ අළුපාට තියෙයි... ඉතින් මම දන්නව මේ අළු පාට ලෝකයෙන් කවදාවත් මට මිදෙන්ඩ බැරි විත්තිය. මොකද නොනිවෙන හඳුන් කූරක් වගේ දැල්විලා හැමදාමත් මගේ හදවත ඔබ දවන බව මම දන්න නිසා.

32 comments:

  1. //හරියට සිහිනයකින් සිහිනයක් වසාගෙන වගේ//
    මේ වගේ යෙදුමක් ඇහුවමයි. ලස්සනයි. ආදරේ අළුපාට නැහැ. ඒව අළුපාට කරන්නෙ අළුපාට හිත් ඇති අය. මෙය නිර්මාණයක් නම් ඉතා අගෙයි. ඇත්ත හැඟීමක් නම් පරිස්සමින් අඩිය තියන්න. ඔබ තාම කුඩා කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.. ඔයා කිව්ව නිසා එහෙනම් පරිස්ස්මෙන් අඩිය තියන්නම්කෝ :)

      Delete
    2. ඈ ඉයන්. හීනයක් ඇතුලේ හීනයක් දැකල නැද්ද???

      ආ මෙන්න.

      මොනවද දන්නේ

      Delete
  2. තවත් ගුලි හැගෙන්න.. එතකොට හොදා.. හැක්.

    ReplyDelete
    Replies
    1. දැන් නම් හීනෙ ඉවරයි... සමාවෙන්න උත්තර දෙන්න පරක්කු උනාට

      Delete
  3. මොකද නොනිවෙන හඳුන් කූරක් වගේ දැල්විලා
    ඒවා ලස්සන නෑ තරු ඉලෙක්ට්‍රික් හදුන්කූරු.....

    කතාව ලස්සනයි තරු හරියට කවියක් වගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍ර වර්ණ... හැමදාමත් රැදිලා ඉන්න

      Delete
  4. අලුයිනේ......... කලු නැහැනේ........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු.... :) අලු පාට හීන ලස්සනයි

      Delete
  5. සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්‌
    හඞා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිඳක්‌
    කතා කරන්නට අප ගැන බිඳුවක්‌
    අප ගැන අසනා අයට ඉතින්
    කියා දෙන්න මට මා හැර ගිය හැටි
    තාමත් ඒ ගැන දන්නෑ මන්

    අළු පාය හැන්දාවේ වැහි බින්දු පොද වැටෙන
    ගන් දෑල ඒ වගෙද මට කියන්
    දන් පඳුර උනැටුව රන් පාට සමනල්ලු
    මන් කොහිද ඇසුවාද මට කියන්

    රන් පාට දැවටිච්ච තුරු වඳුළ මත පිපුණ
    පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්
    මන් නුඹේ හිත ලඟම උණුහුමට ගුලිවෙච්ච
    මල් සමය නිම වුනිද මට කියන්...

    ගායනය - නිරෝෂා විරාජිනී
    පද රචනය : නිලාර් එම් කාසිම්..

    -පෝසට් එක කියෙව්වම මට මතක් උනේ මේ සිංදුව-
    ලියැමන අගෙයි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මටත් එ සින්දුව මතක් වුනා.... :)

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මා හඬනා කඳුළු ගලා
      සැදුනු කඳුළු සාගරේ
      ඔබ ඇය හා ඔරු පැද පැද
      සිනාසුනේ ඇයි...සිනාසුනේ ඇයි...

      ඔබ දෙපසින් ගලා ගියේ
      ඔබට හැඬූ කඳුළු නේද
      මලක මෙලෙක තිබුනු හදක්
      ගලක් කලේ ඇයි...ගලක් කලේ ඇයි..

      මා හඬනා කඳුළු ගලා...

      සියුමැලි හද රිදවන්නට
      හද රිදවා හිනැහෙන්නට
      ඔබ නොපෙනූ අසරණ මට
      සතුරු වුනේ ඇයි...සතුරු වුනේ ඇයි...

      මා හඬනා කඳුළු ගලා...

      ගායනය : නන්දා මාලිනී

      Delete
  7. අළු පාට හීනයක්, ලස්ස්සනයි, එත් අළු පාට උනේ හීනේද පරිසරයද කියන එකයි වැදගත් වෙන්නේ, පරිසරයට අළු පාට අන්දනවා මිසක් අළු පාට වෙන්නේ නැහැ. ජය.

    ReplyDelete
  8. අළු පාට උනත් වෙලාවකට හරි ලස්සනයි.

    ReplyDelete
  9. හා බ්ලොග් එක වෙනස් වෙලා තියන්නේ.. මේක හොඳයි කලින් තිබ්බ එකට වඩා..
    අළුපාට? අද මෙහෙ නම් හොඳට තිබ්බා.. අළුපාට දවස් මම කිහිපයක් දැකල තියනවා.. ඒවා ගැන ලියන්නම් බ්ලොග් ඒකෙ වෙනම. ඒ දවස් නම් ඉතිං...... කියල වැඩක් නෑ කියල තමා කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඟහරුවා... මට හිතෙනවා කලින්ම දාල තිබුන බැක්ග්‍රවුන්ඩ් ෆොටෝ 1 හොදද කියලත්... ඔයා දාල තියන එක. ආයෙ චේන්ග් කරල බලන්න ඕනෙ

      Delete
  10. //හරියට සිහිනයකින් සිහිනයක් වසාගෙන වගේ//
    මේ වගේ යෙදුමක් ඇහුවමයි. ලස්සනයි. ආදරේ අළුපාට නැහැ. ඒව අළුපාට කරන්නෙ අළුපාට හිත් ඇති අය. මෙය නිර්මාණයක් නම් ඉතා අගෙයි. ඇත්ත හැඟීමක් නම් පරිස්සමින් අඩිය තියන්න. ඔබ තාම කුඩා කෙනෙක්.
    Reply
    Replies

    අන්ධකාර තාරකාවJanuary 11, 2016 at 11:48 PM
    ස්තූතියි ඉයන්.. ඔයා කිව්ව නිසා එහෙනම් පරිස්ස්මෙන් අඩිය තියන්නම්කෝ :)

    පරිස්ස්මෙන් අඩිය තිබ්බත් තියන්නේ කොතනටද කියල හොදින් බලන්න...!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට...අවවාද ගොඩක් වටිනව මට... තාම අලුත්නෙ බ්ලොග් ලෝකයට :)

      Delete
  11. අඩේ මේ බ්ලොග් එක වැලහිලා කොහෙද මගේ රෝලේ වැටුනේ නෑනේ. මම නිකමට කුරුටු සින්ඩිය පැතෙන් යනකොට දැක්කේ.
    දැන් දවස් කිහිපයක් ඉදලා මෙහෙම වෙනවා දන්න කෙනෙක් ඉන්නවන්ම් කියලා යන්න.

    ලස්සනයි. ජීව්තේ මේ වයසෙදී ඕනම කෙනෙකුට මේ වගේ සිදුවීම්වලට මුහුණ දෙන්න වෙනවා.
    එහෙමත් එකෙකුට තමයි මේවා වෙන්නේ නැත්තේ..
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත්... විරහව කියන දේ අපි හැමෝටම පොදු දෙයක්නෙ...

      Delete
  12. බ්ලොග් එකේ කමෙන්ට් එක දාන අයට ඉක්මනින් පිළිතුරු දෙන්න. කමෙන්ට් එක දැමීමෙන් ඔබට කරන ගෞරවයට ස්තූතියක් වෙන්නේ එතකොටයි. මේ ටිකේ වැඩ බහුල වෙන්න ඇති ඒ ලෙවල් ප්‍රතිඵල එක්ක. ඒක නිසා මේ අදහස ඉදිරි කමෙන්ට් ගැන. ඒ ලෙවල් හොඳින් සමත් වී ඇතැයි බලාපොරොත්තුවෙමි.

    ReplyDelete
    Replies
    1. පුලුවන් හැමවෙලාවෙම උත්සහ කරන්නෙ මම කමෙන්ට් වලට උත්තර දෙන්න තමයි... ඒත් මේ දවස් වල ගොඩක් කාර්යබහුලවෙලා.... ආයෙත් ක්ලාස් යන්න පටන් ගත්තා... ප්‍රතිඵල හොද නෑ මගෙ :(

      Delete
  13. "කමෙන්ට් එක දැමීමෙන් ඔබට කරන ගෞරවයට ස්තූතියක් වෙන්නේ එතකොටයි."

    එකගයි...!!!!

    "ඒ ලෙවල් හොඳින් සමත් වී ඇතැයි බලාපොරොත්තුවෙමි."

    හොඳ ප්‍රතිඵල ලැබේවායි පතමි.!

    ReplyDelete
    Replies
    1. පුලුවන් හැමවෙලාවෙම උත්සහ කරන්නෙ මම කමෙන්ට් වලට උත්තර දෙන්න තමයි... ඒත් මේ දවස් වල ගොඩක් කාර්යබහුලවෙලා.... ආයෙත් ක්ලාස් යන්න පටන් ගත්තා... ප්‍රතිඵල හොද නෑ මගෙ :( ස්තූතියි ඔයාට

      Delete
  14. කඳුළු බින්දු එකින් එක එකතුවෙලා හදවතම හිරවෙයි කියන බයටයි මම හිත නිදහස් වෙනකල් ඇඩුවෙ.

    කතාවන්ම් සහතික ඇත්ත අන්දකාර තාරකාව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වසන්තයට පෙර... බ්ලොග් ලෝකයේ මගේ යාළුවා... :)

      Delete