Tuesday, November 14, 2017

අනුදි අක්කේ.... නුඹට නිවන් සුව.



හිත රිදුනු මතකයන් කවියකින් ලිව්වාද
විඩාබර ජීවිතේ සැනසුමක් සෙව්වාද
සුන්දරම කාලයක් ඉතින් අත් හැරුනාද
දැල්වෙන්න පෙරාතුව පහන් සිල නිවුනාද

නිම්තෙරින් නොකියාම සමුගන්න වූවාට
ලිහිණියක් නුඹ සොදුරු පියාපත් නැතුවාට
පිපී ඇති තෙක් පමනි මල් සුවද කීවාට
සුන්දරම මතකයක් නුඹ මිලින වූවාට

ආදරණීය අනුදි අක්කේ, නුඹට නිවන් සුව...!

Saturday, June 10, 2017

අප

ගං දෑල
නිහඩය
නිසලය,
සන්සුන්‍ ය
නුඹ මෙන්ම..

උණ පදුරු
සසලය
කලබලය
නිර්නතුය
මා මෙන්ම..

Monday, January 16, 2017

කෙල්ලෙක්ට පුලුවනිය මහමෙරක් ඉවසන්න


මුරණ්ඩුම හිතක් ලග ආදරෙන් නවතින්න ඇහුම්කන් නොදුන්නත් ලගට වී කොදුරන්න ආදරෙයි නොකිව්වත් උරහිසේ පැටලෙන්න කෙල්ලෙක්ට පුලුවනිය හීන එලි කරවන්න

රණ්ඩුවක් වූ විටෙක තනියෙන්ම විදගන්න වෙන්වෙන්න ඇවැසි නම් නිහඩවම සමුදෙන්න හේතුවක් නොඅසාම ඉගිලෙන්න ඉඩදෙන්න කෙල්ලෙක්ට පුලුවනිය මහමෙරක් ඉවසන්න..