Monday, January 16, 2017

කෙල්ලෙක්ට පුලුවනිය මහමෙරක් ඉවසන්න


මුරණ්ඩුම හිතක් ලග ආදරෙන් නවතින්න ඇහුම්කන් නොදුන්නත් ලගට වී කොදුරන්න ආදරෙයි නොකිව්වත් උරහිසේ පැටලෙන්න කෙල්ලෙක්ට පුලුවනිය හීන එලි කරවන්න

රණ්ඩුවක් වූ විටෙක තනියෙන්ම විදගන්න වෙන්වෙන්න ඇවැසි නම් නිහඩවම සමුදෙන්න හේතුවක් නොඅසාම ඉගිලෙන්න ඉඩදෙන්න කෙල්ලෙක්ට පුලුවනිය මහමෙරක් ඉවසන්න..

14 comments:

  1. ඒක්වරම හිතක දුක කඳුලකට හරවන්න
    කඳුලකම තවරලා දුක තුනී කරගන්න
    මහමෙරම හිස දරා මුලු ලොවක් සනසන්න
    ඇත්තටම පුලුවන්ද මේ තරම් ඉවසන්න......

    තවත් ලස්සන කවි දෙකක්නෙ මේ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඈ...හ්... සිරාවටම..
    මං නං හිතන්නෑ ඔය කිව්වට...
    හෆුයි..
    ;-) ;-) ;-)
    අපූරුයි කවිය.. ජය

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හිනාවක එතී එන පුංචි එක රැල්ලකින්
    පිනායන වචනයක අන්තිමම අකුරකින්
    බලා ඉන්නා ඇසක පොඩි පොඩි එළියකින්
    කෙල්ලෙක්ට පුලුවන්ය ලෝකයක් ගොඩගන්න..

    ReplyDelete
  5. කටහඬ ටිකක් ගොරෝසු වුනාට,කොල්ලෝ කියලා වෙනසක් නැහැ අප්පා. උනුත් ඔය වගේම තමයි.

    ReplyDelete
  6. //හේතුවක් නොඅසාම
    ඉගිලෙන්න ඉඩදෙන්න//
    එහෙම අය ඉන්නවද කියල හිතන්නත් අමාරුයි හැබැයි ..

    අද තමයි මේ පැත්තට ආවේ...

    ReplyDelete
    Replies
    1. ඉන්නව ඉන්නව... ස්තූතියි .ආයෙත් එන්න .

      Delete
    2. ඉන්නව ඉන්නව... ස්තූතියි .ආයෙත් එන්න .

      Delete