Sunday, November 6, 2016

සිනා මල් මට කුමට....



අකල් වැසි කදුලු වල
විසල් සෙනෙහස රැගෙන
සිනා මල් දිවි මගේ පිපෙනවා...

වසන්තය නැති කලට
සිනා මල් මට කුමට
මං මගේ හදවතින් අසනවා...

සිව් වසක් පුරාවට
හිත රැදුනු මුලාවට
දෙනෙත් යුග හොරෙන් ඉකිබිදිනවා...

කවුරුවත් නැති ලොවක
මම හිතින් තනි වෙච්ච
ආදරය සිහිනයක් හිතෙනවා...

අතීතය සතු දිනක
සෙනෙහසින් අපි ලිව්ව
කවි පෙලක් බිම බලන් හඩනවා...

නුඹත් මට නැති කලෙක
කවි ලියන්නේ කුමට
කවි කමට ඉතින් තිත තබනවා...

  - විශ් -



13 comments:

  1. අතීතය සතු දිනක
    සෙනෙහසින් අපි ලිව්ව
    කවි පෙලක් බිම බලන් හඩනවා....

    පට්ට!!!

    ReplyDelete
  2. එදා ගෙතු කවි වැලක කවි පද දුකින් කඳුළු මල් සලනවා
    යොදා දොරඟුළු හිතේ කවුළුවට සිව් වසක දුක දැනෙනවා
    සදා වසත්කල හමන සුවඳ ගෙන එන බවක් සිහි නැගෙනවා
    නොදා තිත කවි ලියනු තව පෙම් හිතක් නුඹ වෙත ඇදෙනවා.......

    ලස්සන කවි ටිකක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද.. ඔයාගෙ පිළිතුරු කවියත් හරිම ලස්සනයි...

      Delete
  3. හොඳම විසදුම කාලය තමයි ඉතින්...

    මේ කවිය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. කාලයට ප්‍රශ්න විසදන්න බෑ කසුටු... කාලය කරන්නෙ ඒ ප්‍රශ්න විද දරා ගන්න අපිව හුරු කරන එක.. ස්තූතියි ඔයාට.

      Delete
  4. බූට් දෙකක් වැදුනම සපත්තු ජෝඩුවයි. එකම පාට එකම සයිස් එකෙන් ඉල්ලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට මං කැමතියි... ;) ස්තූතියි ඉයන් අන්කල්...

      Delete
  5. ////වසන්තය නැති කලට
    සිනා මල් මට කුමට
    මං මගේ හදවතින් අසනවා.../////////

    /////අතීතය සතු දිනක
    සෙනෙහසින් අපි ලිව්ව
    කවි පෙලක් බිම බලන් හඩනවා...//////

    හරිම "රොමැන්ටික් ශෝකයක්" දැණෙනවා. හරිම රසවත් අතීතයකට ගියා. පාරට බැහැලා පොඩි රවුමක් ගහලා එන්න හිතුනා. බොරු නෙමේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණ... සතුටුයි මගෙ කවි දැනෙනව කියල දැනගත්ත එකට....

      Delete
  6. ලස්සන කවි පෙලක්. ජයවේවා.

    ReplyDelete