වැස්සකට පුලුවනිය
බොහෝ දේ කරවන්න
නිදාගෙන ඔහේ වුන්
කවි හිතක් ඇහැරන්න...
පාවෙනා මේකුලක
සැහැල්ලුව ගෙන එන්න
බොහෝ බර කදුලු බිදු
ඈතකට ගෙන යන්න
මිහිතලේ නිකැලැල්ම
මුදු සුවඳ ගෙන එන්න
හිත පිරෙන හිරිකඩින්
හදවතම දෝවන්න
අතීතේ මතක පත්
සැනින් පා කරවන්න
සැහැල්ලුම නිමේශෙක
සමාධිය ගෙන එන්න
පමාවී ආවාට
හේතුවක් නොකියාම
වැස්සකට පුලුවනිය
වසන්තය ගෙන එන්න..
අැත්තටම හරිම ලස්සන කවියක්. ජය
ReplyDeleteස්තූතියි කටකාරී.... ආදරෙන් පිලිගන්නව ඔයාව
Deleteපමාවී ආවාට
ReplyDeleteහේතුවක් නොකියාම
වැස්සකට පුලුවනිය
වසන්තය ගෙන එන්න..
++++++
ස්තූතියි ඉයන් අන්කල්...
Deleteඅපූරුයි අ.තා.
ReplyDeleteනිවි නිවී යළි නැඟෙන දුක් ගින්න නිමවන්න
තැවි තැවී සුසුම්ලන හිත සීත තවරන්න
දැවි දැවී උන් මතක පෙම් සිහින නවතන්න
කවි වෙවී වැහි වැටෙන වසන්තය පිළිගන්න.......
ජයවේවා!!!
ස්තූතියි දුමින්ද.. හරිම ලස්සනයි ඔයාගෙ කවිය
DeleteHarima lassana kaviya
ReplyDeleteස්තූතියි kasup...
DeleteHarima lassana kaviya
ReplyDeleteසහතික ඇත්ත. වැස්සකට පුළුවන් මෙලෝ තේරුමක් නැති ජීවිතයකට උනත් අළුත් හැඟීමක් එකතු කරන්න.
ReplyDeleteස්තූතියි දිනේශ් අයියෙ ඔයාටත්...
Deleteඇඳි මතක හේදෙන්න
ReplyDeleteඅලුත් හුස්මක් ගන්න
වසන්තයේ නැවුම් වා
ලය පුරා විඳගන්න
මහා වැසි වස්සන්න
තෙමෙමින්ම හිනහෙන්න....
ස්තූතියි කසුටු ඔයාටත්. හරිම ලස්ස්නයි ඔයාගෙ කවියත්..
Deleteස්තූතියි කසුටු ඔයාටත්. හරිම ලස්ස්නයි ඔයාගෙ කවියත්..
Deleteකෝ ඉතින් ඒ වැස්සත් දවස් දෙකයිනේ........
ReplyDeleteකවිය හැමදාම වගේ ලස්සනයි.... ජයවේවා
ඒක නම් ඇත්ත කුරුටු... අපිව රවට්ටන්න වගේ වැස්සෙ... මොනාවුනත් ස්තූතියි ඔයාට.. හැමදාමත් වගේම.
Deleteකවිය ලස්සනයි , තාරූ.....
ReplyDeleteස්තූතියි ඔයාටත් හීන දකින්නියේ..
Deleteවැස්සකට පුලුවනිය
ReplyDeleteබොහෝ දේ කරවන්න
ඇත්ත! වැස්සට පුළුවන්!!!
ස්තූතියි naomi... ආදරෙන් පිලිගන්නව
Delete