Wednesday, October 26, 2016

වැස්සකට පුලුවනිය වසන්තය ගෙන එන්න.....


වැස්සකට පුලුවනිය
බොහෝ දේ කරවන්න
නිදාගෙන ඔහේ වුන්
කවි හිතක් ඇහැරන්න...

පාවෙනා මේකුලක
සැහැල්ලුව ගෙන එන්න
බොහෝ බර කදුලු බිදු
ඈතකට ගෙන යන්න

මිහිතලේ නිකැලැල්ම
මුදු සුවඳ  ගෙන එන්න
හිත පිරෙන හිරිකඩින්
හදවතම දෝවන්න

අතීතේ මතක පත්
සැනින් පා කරවන්න
සැහැල්ලුම නිමේශෙක
සමාධිය ගෙන එන්න

පමාවී ආවාට 
හේතුවක් නොකියාම
වැස්සකට පුලුවනිය
වසන්තය  ගෙන එන්න..



20 comments:

  1. අැත්තටම හරිම ලස්සන කවියක්. ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටකාරී.... ආදරෙන් පිලිගන්නව ඔයාව

      Delete
  2. පමාවී ආවාට
    හේතුවක් නොකියාම
    වැස්සකට පුලුවනිය
    වසන්තය ගෙන එන්න..

    ++++++

    ReplyDelete
  3. අපූරුයි අ.තා.

    නිවි නිවී යළි නැඟෙන දුක් ගින්න නිමවන්න
    තැවි තැවී සුසුම්ලන හිත සීත තවරන්න
    දැවි දැවී උන් මතක පෙම් සිහින නවතන්න
    කවි වෙවී වැහි වැටෙන වසන්තය පිළිගන්න.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද.. හරිම ලස්සනයි ඔයාගෙ කවිය

      Delete
  4. සහතික ඇත්ත. වැස්සකට පුළුවන් මෙලෝ තේරුමක් නැති ජීවිතයකට උනත් අළුත් හැඟීමක් එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් අයියෙ ඔයාටත්...

      Delete
  5. ඇඳි මතක හේදෙන්න
    අලුත් හුස්මක් ගන්න
    වසන්තයේ නැවුම් වා
    ලය පුරා විඳගන්න
    මහා වැසි වස්සන්න
    තෙමෙමින්ම හිනහෙන්න....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුටු ඔයාටත්. හරිම ලස්ස්නයි ඔයාගෙ කවියත්..

      Delete
    2. ස්තූතියි කසුටු ඔයාටත්. හරිම ලස්ස්නයි ඔයාගෙ කවියත්..

      Delete
  6. කෝ ඉතින් ඒ වැස්සත් දවස් දෙකයිනේ........

    කවිය හැමදාම වගේ ලස්සනයි.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත කුරුටු... අපිව රවට්ටන්න වගේ වැස්සෙ... මොනාවුනත් ස්තූතියි ඔයාට.. හැමදාමත් වගේම.

      Delete
  7. Replies
    1. ස්තූතියි ඔයාටත් හීන දකින්නියේ..

      Delete
  8. වැස්සකට පුලුවනිය
    බොහෝ දේ කරවන්න
    ඇත්ත! වැස්සට පුළුවන්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි naomi... ආදරෙන් පිලිගන්නව

      Delete