Wednesday, December 4, 2019
පොත් කියන්නේ සබද, ඒ වගේ දේකට !
පොත් කියන්නේ සබද
මේ වගේ දේකට
තත්පරෙන් ඇසිල්ලක්
වගේ එක මොහොතක
හදවතේ නහර හැම
ගල් කරන දේකට
භාවනාවක් වගේ
සති ගණක් එක තැන
අපේ හිත් නවත්තන
හරි පුදුම දේකට
හොදටෝම දැන දැනත්
මේව බොරු දේ බව
නෙත් වලින් කදුලු බිදු
වට්ටවන දේකට
මුතු කරාඹුව සමග
හොග්වෝට්ස් ලෝකෙක
හිත අතරමං කරපු
සොදුරුතම දේකට
ඕක ලොකු පිස්සුවක්
කියා නුඹ කීවට
පොත් කියන්නේ
සබද ඒ වගේ දේකට
Subscribe to:
Posts (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
උදෑසන අහස් කුස නිල් පාට පාවෙනා මේකුලක සුදු පාට අදුරු වැහි වළාවක අලු පාට රාත්රිය නිදි වරණ කලු පාට වසත් මේපල් පතක කොල පාට සරත් සමයේ දිලෙ...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...
