ඇතැම් පෙම් කවි හදේ ගැඹුරක රකිමි, එනමුදු නො ලියමී, දරා විඳගමි දැවී මියයමි ලියා පිටමං නො කරමී...
Wednesday, December 4, 2019
පොත් කියන්නේ සබද, ඒ වගේ දේකට !
පොත් කියන්නේ සබද
මේ වගේ දේකට
තත්පරෙන් ඇසිල්ලක්
වගේ එක මොහොතක
හදවතේ නහර හැම
ගල් කරන දේකට
භාවනාවක් වගේ
සති ගණක් එක තැන
අපේ හිත් නවත්තන
හරි පුදුම දේකට
හොදටෝම දැන දැනත්
මේව බොරු දේ බව
නෙත් වලින් කදුලු බිදු
වට්ටවන දේකට
මුතු කරාඹුව සමග
හොග්වෝට්ස් ලෝකෙක
හිත අතරමං කරපු
සොදුරුතම දේකට
ඕක ලොකු පිස්සුවක්
කියා නුඹ කීවට
පොත් කියන්නේ
සබද ඒ වගේ දේකට
Subscribe to:
Post Comments (Atom)
I would never feel alone with a book in my hand...:)
ReplyDeleteOfcourse
Delete😍😍😍😍😍😍😍😍😍😍
ReplyDelete