tag:blogger.com,1999:blog-52526006685351780842024-03-05T15:41:05.613-08:00අන්ධකාර තාරකාවඅදුරු අහසක දිලෙන තරුවකි ✨️අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-5252600668535178084.post-35314583446262705872023-05-06T07:59:00.003-07:002023-05-06T07:59:35.413-07:00දුකම තැන් වලත් ඇති සිනා තත්පර
දහසක් හේතු තිබුණත් පියඹන්න බැදීමක් අත් හැර
දරාගන්නට වෙනවා සවන් අග සරන රුදු විස්තර
තේරුමක් නෑ තමයි අහේතුක කඳුළු වැල් වත්කර
දුකම ඇති තැන්වලත් තියනවා ඇති සිනා තත්පර
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com3tag:blogger.com,1999:blog-5252600668535178084.post-37070846810893011492022-09-19T06:17:00.003-07:002022-09-19T06:17:58.455-07:00ස්වර්ගයේ දොර අසල හිදිමි මම බලාගෙන
තත්පරෙන් තත්පරය කාලයේ තාලයට
පැනගියත් නිමාවක් තිබේවිද ආලයට
එදා මෙන් අදත් ඔබ තබාගෙන මා ලයට
ගෙවෙන්නට ඉඩහරිමු මේ සැදෑ කාලයට
තිබුණ මුත් අප වටා නේක පදනම් පවුරු
කිසිදාක වෙන් නොවී හිදින්නට මට දිවුරු
ගඟක් වී ජීවිතේ හැඩ කෙරූ හද ඉවුරු
රාජිණිය මගෙ සිතේ ඔබම හැර අන් කවුරු
තිබුණාට ගතවෙලා වසර හැට හතරක්
දැනුනාද කිසි දිනක ආදරේ අඩුවක්
නුඹට පෙර නික්මෙන්න එකම එක ගමනක්
එදා අල්තාරෙදී පැතුව මම පැතුමක්
නිල් පැහැති දෙනෙත් යුග තිරලෙසින් වසාගෙන
අදින් පසු නුඹ හිඳියි සදාකල් නිදාගෙන
වඩිනු මැන මගෙ ලොවට වසන්තේ හිනාගෙන
ස්වර්ගයේ දොර අසල හිදිමි මම බලාගෙන
-විශ්-
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com8tag:blogger.com,1999:blog-5252600668535178084.post-81218024054455553012022-06-27T09:28:00.006-07:002022-06-27T09:28:57.333-07:00අපූර්ව, නුඹ එන්න
සෝනාඩංගා මිටියාවතේ
පුන්චි සුදු පාට තණකොල මල්
පිපී ඇද්දැයි බලන්න
ඉජාමතී නදීතෙර අස
නන්නාදුනන පක්ෂියෙකුගේ
මිහිරි ගීයක් විදින්න
ඩල්සේමාරි ජලාසය කෙළවර
තණකොල පැහැති ධාන්‍ය පඳුරු යට
උරිස්සට වාරු වී හිදින්න
නිශ්චින්දිපුර අහසේ
මොණර නිල් පැහැ වලාකුළු
පාවෙනා හැටි දකින්න
බට කැලයක් මැද
තනිවුනු කුඩා නිවසකි මම
ආදරණීය අපූර්ව, නුඹ එන්න ....
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com4tag:blogger.com,1999:blog-5252600668535178084.post-82093964993671259312022-06-09T08:19:00.003-07:002022-06-09T08:20:38.539-07:00ඒ හුරුපුරුදු විලවුන් සුවඳ
ඒ හුරුපුරුදු විලවුන් සුවඳ
කොහේ සිට පැමිණෙන්නේද?
සත් සමුදුරු ගෙවා ආ
පෙරදිග සුළං සමඟද
නැත්නම්...
හදවතේ පතුලකම සැගවුනු
මතක අහුරක් සමගද..
නොදනිමි....
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com0tag:blogger.com,1999:blog-5252600668535178084.post-46220505144578175272022-06-04T01:00:00.004-07:002022-06-04T01:05:16.921-07:00ආදරේ තියෙන්නෙ පොඩි අයටද?
"ආදරේ තියෙන්නෙ පොඩි අයට. අපි දැන් ලොකුයි"
එහෙම කීවෙ මගේ පැරණි මිතුරෙක් අපි දෙන්න අතර ඇතිවුන සංවාදෙකදි. ඉතින් ඇත්තටම ආදරේ ඕන පොඩි කාලෙ විතරද? ලොකු වෙද්දි ආදරයක් ඕන නැද්ද? එහෙමත් නැත්නම් ලොකු වෙද්දි ආදරේ කියන්නෙ බොරුවක් කියල හිතෙනවද...
මම හිතන විදිහට නම් අපිට ආදරේ වැඩියෙන්ම ඕන වෙන්නෙ ලොකු වුනාම. සමාජෙත් එක්ක ගැටෙද්දි, දෙමව්පියන් ,සහෝදර සහෝදරියන් , යාලුවන් ටිකෙන් ටික දුරස් වෙද්දි, හිතේ තිබුණු හීන, බලාපොරොත්තු අහිමි වෙද්දි තමයි අපිට ආදරේ කරන කෙනෙක්ගෙ අවශ්‍යතාව වැඩියෙන්ම දැනෙන්නෙ.
සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට මුලින්ම වෙනත් කෙනෙක් ගැන ආකර්ෂනයක් ඇති වෙලා ආදරය කරන්න පටන් ගන්න පාසල් කාලෙදි. පාසල් කාලෙ කියන්නෙ දෙමාපියන්ගෙ ආදරය රැකවරණය නොඅඩුව ලැබෙන කාලයක්නෙ. හැබැයි මේ කාලෙදිත් බහුතරයක් ළමයි ප්‍රේම සම්බන්ධයකට යනවා. ඒත් මේ බොහෝමයක් සම්බන්ධතා පාසලෙන් ඉවත් වුන ගමන් නැතිවෙලා යනවා. මොකද එතන වැඩියෙන්ම තියෙන්නෙ තහනම් දේ කිරීමට මොළෙන් ලබා දෙන උත්තේජනයක්. ගෙවල් වලට රහසින්, පාසලේ නීති රීති මැද්දෙ, නොයෙක් බාධක , අභියෝග මැද්දෙ ගලන් යද්දි තමයි මේ ප්‍රේම කතා සුන්දර. ඉතින් පාසල් කාලෙන් පස්සෙ ඒ කතන්දර නැති නිසා මේ ආකර්ෂනය එහෙම් පිටින්ම නැති වෙලා යනවා.
එතනින් පස්සෙ ආයෙමත් සම්බන්ධයක් ඇති වෙන්නෙ කැම්පස් එකක හරි, මොකක් හරි උසස් අධ්‍යාපන ආයනයකදි. ඒ ජීවිතේ භයානකම කාලයක්. නිදහස උපරිමේටම තියන කාලයක්. හිත හැමතිස්සෙම වෙනස් වෙන කාලයක්. දකින දකින දේ එක්ක බැදෙන කාලයක්. තමන් පිළිබද තියන මමත්වය වැඩිම කාලයක්. මේ නිසා ගොඩක් අය අනිත් කෙනාව යටත් කරගෙන ඉන්න තමා මේ කාලෙ බලන්නෙ . ඉතින් මේ සබඳතා විවාහය දක්වා යන අවස්ථා වගේම ඊට කලින් වෙන්වෙන අවස්ථාත් තියනවා. බහුතරය වෙන්වෙනවා.
එතනිනුත් වෙන්වුන කෙනෙක්ට අවුරුදු 28ක් 29ක් වුනාම හිතෙන්න පුලුවන් "ආදරේ කියල දෙයක් නෑ.. අපි දැන් ලොකුයි" කියලා. ඒක වැරදී කියන්න අපිට බෑ. මොකද ආදරේදි ඔවුන් මුහුණ දුන්න දේවල් වලට අපි මුහුණදීලා නැතිවෙන්න පුලුවන්. හැබැයි මම හිතන විදිහට අවුරුදු 29ක් නෙමේ 35ක් 40ක් වුනත් ආදරේ කියන දේ තියෙන්න ඕන , දැනෙන්න ඕන.
ආදරේ කියල මං කියන්නෙ එක හුස්මට ආදරෙයි ආදරෙයි කියාන යන එකවත්, ඔයා කනකන් මං කන්න නෑ කියන එකවත් නෙමෙයි. (එතනත් ආදරේ ඇති. හැබැයි ඒක වෙනස්) වැඩ කන්දක් ඉවර කරල ගෙදර එද්දි "ඔයා ආවද" කියල අහන්න හරි සමීපතමයෙක් මේ ලෝකේ ඕනම කෙනෙක්ට ඉන්න ඕන කියලයි මට හිතෙන්නෙ. ඔයා නිදාගන්නකන් මං නිදාගන්නෙ නෑ කියන්න නෙමෙයි මං "නිදාගන්නවා, ඔයා කීයටද එන්නෙ" අහන එකත් ආදරයක් . අපේ ජීවිතේට ඒ වගේ පුන්චි දේකින් වුනත් ලොකු තල්ලුවක් ලැබෙනවා
සමහරවිට මං බොළද ඇති. ඒත් මං හැමදාම කියන්නෙ I still believe in love කියලා. ඇහැට පේන්නෙ නැති වුනත්, විද්‍යාත්මකව පැහැදිලි කරල නැති වුනත් ආදරය කියල දෙයක් පවතිනවා.ඒක සුළඟක් වගේ . පේන්නෙ නෑ. දැනෙනව විතරයි. අපි කොච්චර වයසට ගියත් ඒක නැති වෙන්නෙ නෑ.
මට හිතෙන්නෙ එහෙම❤
-විශ්-
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com3tag:blogger.com,1999:blog-5252600668535178084.post-39128129483673786132022-05-15T00:25:00.002-07:002022-05-15T00:28:54.455-07:00පාසල් සමයේ වෙසක් මතක
අපි ආසාවෙන්ම වෙසක් සැමරුවෙ ඉස්කෝලෙ යන කාලේ. ලස්සනටම සරසන පන්තියටයි, ලස්සනම වෙසක් කූඩුව හදන පන්ති තුනටයි ඉස්කෝලෙන් තෑගි දෙනවා. ලස්සනම කූඩුවට චොක්ලට් බිස්කට් පෙට්ටියක්. දෙවෙනියට වේෆස් පෙට්ටියක්. තුන්වෙනියට මාරි පෙට්ටියක් .
අපි මුලින්ම ඒකට කූඩුවක් හැදුවෙ 6 වසරෙදි. එදා ඉගැන්නුවෙත් නෑ. කූඩු හදන්නමයි දීල තිබුනෙ. අපේ පන්තියෙන් හැදුවෙ ලොකුම ලොකු අටපට්ටමක්. කොච්චර ලොකුද කියනව නම් අලවන්න ගෙනාපු කොලත් මදි වුනා. ඒත් ඉතුරු වුන කොල කෑලි ටිකක් මූට්ටු කරල කූඩුව කොහොමහරි අලව ගත්තා. ඊට පස්සෙ ආවෙ රැළි දාන ප්‍රශ්නෙ. රැළි නොදා කූඩුව වෙසක් කූඩුවක් නෙමෙයි වගේ. ඒත් ඉතින් කොලත් ඉවරයි. අන්තිමට කපපු කොල කෑලි ටිකකින් අල්ලක් විතර උසට යට රැළි ටික දැම්මා. දැපැත්තට මොන රැලිද 😁
සද්ධන්ත කූඩුවෙ ගණන් බැස්සා රැළි අල්ලක් දැම්මට පස්සෙ. හැදුවට පස්සෙ අපිටම හිනා. අන්තිමට කවුරුත් බාරගන්න කැමති නෑ ඒක ඔෆිස් එකට බාර දෙන වැඩේ. එච්චරකට ලස්සනයි කූඩුව. ඒ සෑරේ නම් තෑගි තියා හුළනුත් නෑ .
මුලින්ම අපිට වෙසක් එකට තෑග්ගක් හම්බුනේ 10 වසරෙදි. තුන්වෙනි තැන. ඒ කියන්නෙ මාරි පෙට්ටියක්. ඒත් අපි බැහැලම කූඩුවක් හැදුවෙ 11 වසරෙදි. නිවාඩු දවසක් දාගෙන ක්ලාස් එකේ හැමෝම අපේ ගෙදර ඇවිත් හැදුවේ. රෑ එලි වෙනකන්ම වගේ වැඩ කරා. හැබැයි මහන්සි වුන තරමට ප්‍රතිඵල තිබුණෙ නෑ. ඇලවෙච්ච කූඩුවක් තමයි හැදිල තිබුණෙ. ඇලවෙන කූඩුව කියල නමකුත් දැම්ම නම් ෆස්ට් ප්ලේස් එකත් ලැබෙන්න තිබුන. 😅
අටපට්ටම් දෙකක් එකතු කරල උඩට පිරමීඩයක් සෙට් කරාම එන හැඩේ වගේ විකාරරූපී හැඩයක් තිබුණෙ. පොඩි කූඩු ටිකකුත් හදල වටේට එල්ලුවා. ඒ මදි වගේ හිතුන නිසා තඩි නෙළුම් මලක් හදල කූඩුවම ඒකට බැස්සුවා . ඇලෙව්වෙ හනස් , පත්තර කොල, පොල් කොළ වගේ ඉවත දාන දේවල් වලින්. කෙටියෙන්ම කීවොත් ඉතින් කූඩුව කැතයි 😁
ජජ් බෝඩ් එකට අපේ පන්තියෙන් විස්තර කරන්න හිටියෙ මං. අපිට තිබුණ එකම ප්ලස් පොයින්ට් එක ස්වභාවික දේවල් භාවිතා කරල හදල තිබුණ එක විතරයි . ඉතින් ඒකම හයිලයිට් කර කර විස්තර කරා. අන්තිමේ ඒ සැරෙත් මාරි පෙට්ටියක් හම්බුණා 😀
ඒ තමා අන්තිමට ඉස්කෝලෙදි වෙසක් කූඩු හදපු අවුරුද්ද. 12 වසරෙදි සාරාර්ථ එක්සිබිශන් එක තිබුණ නිසා වෙසක් සමරන්න වුනේ නෑ. 13 වසරෙදි වෙසක් තිබුණද කියල මතකයක් නෑ 🤔.
ඒ ලෙවල් කාලෙට වඩා මං තාමත් ආස ඕලෙවල් කාලෙට. නිදහසේම හිටියේ ඒ කාලෙ. සෑහෙන බැරෑරුම් වැඩ වගේ පෙනුනට දැනුත් මතක් කර කර හිනා වෙන්න තියෙන්නෙ ඕලෙවල් කාලෙ කරපු වැඩ තමයි.
ෆොටෝ එකේ ඉන්නෙ අපේ ඕලෙවල් පන්තිය 9 වසරෙ ඉදන් පන්තිභාර හිටිය මැඩම් එක්ක ❤️
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com6tag:blogger.com,1999:blog-5252600668535178084.post-84042193504011048882019-12-04T04:47:00.002-08:002019-12-04T04:48:18.548-08:00පොත් කියන්නේ සබද, ඒ වගේ දේකට !
පොත් කියන්නේ සබද
මේ වගේ දේකට
තත්පරෙන් ඇසිල්ලක්
වගේ එක මොහොතක
හදවතේ නහර හැම
ගල් කරන දේකට
භාවනාවක් වගේ
සති ගණක් එක තැන
අපේ හිත් නවත්තන
හරි පුදුම දේකට
හොදටෝම දැන දැනත්
මේව බොරු දේ බව
නෙත් වලින් කදුලු බිදු
වට්ටවන දේකට
මුතු කරාඹුව සමග
හොග්වෝට්ස් ලෝකෙක
හිත අතරමං කරපු
සොදුරුතම දේකට
ඕක ලොකු පිස්සුවක්
කියා නුඹ කීවට
පොත් කියන්නේ
සබද ඒ වගේ දේකට
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com3tag:blogger.com,1999:blog-5252600668535178084.post-17349258780590715742019-11-23T05:46:00.000-08:002019-11-23T05:46:45.521-08:00ගෙදර ❤
මං හරිම ආසයි
ගෙදර යනවා කියා දැනෙනවට
හුරු පුරුදු සුළං රැළි
හමාගෙන ඇවිත් ගත වදිනවට..
හුරු පුරුදු නම් ගහපු
බස් එකක් දෙකක් මග හැරෙනවට
හුරුපුරුදු මුහුණකින්
"ගෙදර යනවා" වගේ ඇහෙනවට
හුරුපුරුදු ගස් කොලන්
මල් දරා සැරසිලා සිටිනවට
හුරුපුරුදු සිනාවක්
වැට අසල මග බලන් ඉන්නවට
මං හරිම ආසයි
ගෙදර යනවා කියා දැනෙනවට
ඒ හුස්ම පොද දිගේ
හදවතම මලක් වී පිපෙනවටඅන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com7tag:blogger.com,1999:blog-5252600668535178084.post-5650017587856255232018-10-12T06:12:00.000-07:002018-10-12T06:12:00.543-07:00මං කැමති අව්වට...
වැස්ස කියන්නෙ රජරටට කාලෙකට සැරයක් ලැබෙන අත්දැකීමක්. ඉතින් ඒ නිසාම අපිට ඒක සුවිශේශයි. අව් රශ්මියෙන් ඉරි තැලුන පොළොව වැහි බින්දු සිපගද්දි පොළොවෙන් මතුවෙන්නෙ හරිම නැවුම් සුවදක්. ඒ සුවද මට මතක් කරන්නෙම අලුත උපන් දරුවෙක්ගෙ මුවගින් හමන කිරි සුවදක්. එහෙමත් නැත්නම් මදුසමය ගතකිරීමට සූදානම් වන කන්‍යාවකගේ වරලසින් හමන පිච්ච මල් සුවදක්... ඒ තරමටම එය පිවිතුරුයි. නිකැලැල්.
පොඩි කාලේ මට තිබුණ ලොකුම ප්‍රශ්නෙ මේ වැස්ස කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වෙනවද කියන එක. අදටත් වැස්ස දිහා බලාගෙන ඉද්දි ඒ පුන්චි කාලෙ හිටිය ළමයව මට මතක් වෙනව. කොන්ඩෙ කොටටම කපපු, පිරිමි ළමයෙක් වගෙ ඇදුම් අදින ගෑනු ළමයෙක් කඩදාසි ඔරු පා කරනව. ගෙදර බැම්ම උඩට නැගල වැස්ස ගැන එයා දන්න පුන්චි පුන්චි සින්දු මහා හයියෙන් කියනව. අම්ම හිනා වෙවී එයා දිහා බලන් ඉන්නව.
"වැස්ස වහිනවා
සතුට පිරෙනවා
අපි තේ බොනවා" පුන්චි පුන්චි කවි හද හදා ගෙදර බිත්ති පුරා ලියනව. ඒ කාලෙට වඩා ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා උනත් සමහර පුරුදු එහෙමමයි කියල මට හිතෙනව. අදටත් වහින වෙලාවට මට මොනවම හරි ලියන්න ඕන. රත්නශ්‍රී විජේසිංහයන්ගෙ 'වස්සානය ' කවි පන්තියේ එන
"වැහි වළාකුලු රංචු කදු මුදුන් වල ලගින
දැන් ඒවි තැනි බිමට සීතලයි මගෙ සිතට
වැසි සමේ රෑ ඇදේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න"
කවි පෙළ සිය සැරයක් හරි හිතින් මුමුණන්න ඕන. ටී. එම් ජයරතයන්ගේ "හිතින් මා නොසැලී" ගීතයට නොනවත්වා සවන් දෙන්න ඕන. .. ඒත් වැස්සත් එක්ක තිබ්බ ඒ ආත්මීය බැදීම නම් දැන් බොහෝ දුරට අඩු වෙලා.. දැන් මං කැමති අව්වට. අව්ව දවස් කියන්නෙ ප්රීතීමත්ම දවස් වලට. උදේ නැගිට්ට ගමන් නිල්ම නිල් පාට අහසක් දකින්න මං කැමතියි.කුඩයක්වත් නැතුව දාඩිය ගලනකල් ඉර එළියෙ හිටගෙන ඉන්න මම කැමතියි. ඉර එළිය යන යන පැත්තට හැරෙන සූරියකාන්ත මල් දිහා බලන් ඉන්න මං කැමතියි. සුළගත් එක්ක දැවටිලා එන දූවිලි සුවදට මං කැමතියි. ඉර එළිය මූණට වැටෙද්දි ඇස් හීනි කරගෙන ඇවිදින මිනිස්සු දිහා බලන් ඉන්න කැමතියි. හැන්දෑවට ඉර බැහැගෙන යද්දි අහස වෙනස් වෙනවට කැමතියි. අව්වෙ සෙල්ලම් කරන පුන්චි ළමයි දිහා බලන් ඉන්න මං කැමතියි.වැස්සකට වඩා කොච්චර දේවල් අව්වකට කරන්න පුලුවන්ද. අහසෙ පාට සැරින් සැරේ වෙනස් කරන්න පුලුවන්
නිදාගෙන ඉන්න චූටි චූටි මල් ඇහැරවන්න පුලුවන්.
වැඩකරන මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන්. රබර් යායවල් වල දවසෙ කුලියට වැඩ කරන මිනිස්සුන්ට, හන්දියෙ කඩයක් ගානෙ බර අදින නාට්ටාමිලාට , ලෝකෙටම ණය වෙලා වැස්සට දිය වෙන අස්වැන්න ගැන හිත හිතා ඉන්න ගොවියෙකුට, හෙට දවස ගැන බලාපොරොත්තුවක් ගේන්න අව්වකට පුලුවන්. ඉතින්.. මං කැමති නිල් පාට උදේවරු වලට.ඉර එලියෙන් දිලිසෙන දවල් වරු වලට. රතු පාටින් බැස යන හවස් වරු වලට. සරලවම කිව්වොත් වැහි වළාකුලක්වත් නැති පැහැදිලි දවස් වලට.
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com8tag:blogger.com,1999:blog-5252600668535178084.post-12248923358634339742018-05-06T04:54:00.001-07:002022-05-15T00:29:40.773-07:00තිත්ත මල්
මග දෙපස හැමතැනම
කහපාට පුන්චි මල්
පීදීලා හරි හැඩට
මදසුලග හා එක්ව
පෙති සලන අපූරුව
ඒ තමා තිත්ත මල්.....!
නුඹ මගේ ආදරේ
අතීතේ තිත්ත තැන්
බිදක් හෝ අඩු නොකර
මගෙ හදට රැගෙන එන
ආදරේ තිත්ත මල්.....
හිරු දමා දුර නොයන
මේ පුන්චි මල් සේම
සොදුර නුඹ ලගින් ඉමි
නුබ කියූ තිත්ත මල්
අනෝරා වැසි වැටී
පෙති ගිලන් වූ පසුත්
කදුලු මැද හිනාවෙන
මගේ නෙත් වගේමයි
සිනාසෙන තිත්ත මල්
තිත්ත මතකත් රැගෙන
නුඹ නික්ම ගිය පසුත්
නෙත් යොමා හිරු දෙසට
පෙර මෙන්ම පූදිනා
තිත්ත නැති පුන්චි මල්
ඒ තමා තිත්ත මල්.....!
--විශ්--
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com4tag:blogger.com,1999:blog-5252600668535178084.post-43029850318531481842017-11-14T08:05:00.001-08:002017-11-14T08:05:51.947-08:00 අනුදි අක්කේ.... නුඹට නිවන් සුව.
හිත රිදුනු මතකයන් කවියකින් ලිව්වාද
විඩාබර ජීවිතේ සැනසුමක් සෙව්වාද
සුන්දරම කාලයක් ඉතින් අත් හැරුනාද
දැල්වෙන්න පෙරාතුව පහන් සිල නිවුනාද
නිම්තෙරින් නොකියාම සමුගන්න වූවාට
ලිහිණියක් නුඹ සොදුරු පියාපත් නැතුවාට
පිපී ඇති තෙක් පමනි මල් සුවද කීවාට
සුන්දරම මතකයක් නුඹ මිලින වූවාට
ආදරණීය අනුදි අක්කේ, නුඹට නිවන් සුව...!
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com10tag:blogger.com,1999:blog-5252600668535178084.post-49608435940168028092017-06-10T04:09:00.000-07:002017-06-10T04:10:51.964-07:00අප ගං දෑල
නිහඩය
නිසලය,
සන්සුන් ය
නුඹ මෙන්ම..
උණ පදුරු
සසලය
කලබලය
නිර්නතුය
මා මෙන්ම..අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com10tag:blogger.com,1999:blog-5252600668535178084.post-20677120738969154422017-01-16T08:16:00.000-08:002017-01-16T08:16:09.033-08:00කෙල්ලෙක්ට පුලුවනිය මහමෙරක් ඉවසන්න
මුරණ්ඩුම හිතක් ලග
ආදරෙන් නවතින්න
ඇහුම්කන් නොදුන්නත්
ලගට වී කොදුරන්න
ආදරෙයි නොකිව්වත්
උරහිසේ පැටලෙන්න
කෙල්ලෙක්ට පුලුවනිය
හීන එලි කරවන්න
රණ්ඩුවක් වූ විටෙක
තනියෙන්ම විදගන්න
වෙන්වෙන්න ඇවැසි නම්
නිහඩවම සමුදෙන්න
හේතුවක් නොඅසාම
ඉගිලෙන්න ඉඩදෙන්න
කෙල්ලෙක්ට පුලුවනිය
මහමෙරක් ඉවසන්න..අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com14tag:blogger.com,1999:blog-5252600668535178084.post-5715661583865139802016-11-06T07:09:00.000-08:002016-11-06T07:09:02.703-08:00සිනා මල් මට කුමට....
අකල් වැසි කදුලු වල
විසල් සෙනෙහස රැගෙන
සිනා මල් දිවි මගේ පිපෙනවා...
වසන්තය නැති කලට
සිනා මල් මට කුමට
මං මගේ හදවතින් අසනවා...
සිව් වසක් පුරාවට
හිත රැදුනු මුලාවට
දෙනෙත් යුග හොරෙන් ඉකිබිදිනවා...
කවුරුවත් නැති ලොවක
මම හිතින් තනි වෙච්ච
ආදරය සිහිනයක් හිතෙනවා...
අතීතය සතු දිනක
සෙනෙහසින් අපි ලිව්ව
කවි පෙලක් බිම බලන් හඩනවා...
නුඹත් මට නැති කලෙක
කවි ලියන්නේ කුමට
කවි කමට ඉතින් තිත තබනවා...
- විශ් -
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com13tag:blogger.com,1999:blog-5252600668535178084.post-44411567251389365432016-10-26T06:23:00.001-07:002016-10-26T06:24:01.191-07:00වැස්සකට පුලුවනිය වසන්තය ගෙන එන්න.....
වැස්සකට පුලුවනිය
බොහෝ දේ කරවන්න
නිදාගෙන ඔහේ වුන්
කවි හිතක් ඇහැරන්න...
පාවෙනා මේකුලක
සැහැල්ලුව ගෙන එන්න
බොහෝ බර කදුලු බිදු
ඈතකට ගෙන යන්න
මිහිතලේ නිකැලැල්ම
මුදු සුවඳ ගෙන එන්න
හිත පිරෙන හිරිකඩින්
හදවතම දෝවන්න
අතීතේ මතක පත්
සැනින් පා කරවන්න
සැහැල්ලුම නිමේශෙක
සමාධිය ගෙන එන්න
පමාවී ආවාට
හේතුවක් නොකියාම
වැස්සකට පුලුවනිය
වසන්තය ගෙන එන්න..
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com20tag:blogger.com,1999:blog-5252600668535178084.post-50300739438783817022016-10-22T05:58:00.000-07:002016-10-22T05:58:37.713-07:00මං කැමති ඇත්තටම....
මං කැමති ඇත්තටම
කැතම කැතම කොල්ලෙක්ට...
තෙල් බිදක් නොගෑවුන
රැළි ගැහුනු කොන්ඩෙකට
යටි පතුල් ගෙවී ගිය
ඉරි තැලුනු දෙපයකට
තැනින් තැන මල කාපු
ඉරී ගිය ඩෙනිමකට
කපන්නට හිතෙන් නැති
වැවුනු යටි රැවුලකට
හරි හමන් ජොබක් නැති
බිසී නැති කොල්ලෙක්ට
අත්ල මත හාදු පොදි
තවරනා දෙතොලකට
නිදි නැතුව රතු වෙච්ච
සෙනෙහෙබර දෙනෙතකට
අව්වටම පිච්චිච්ච
කලුම කලු මූනකට
ඇත්තටම මං කැමති
කැතම කැත කොල්ලෙක්ට....
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com18tag:blogger.com,1999:blog-5252600668535178084.post-49003756478270293752016-09-02T23:32:00.001-07:002016-09-02T23:34:47.269-07:00දේදුණු.....
ලහිරු කිරණට මැදිව
වැටෙන වැස්සට හසුව
ඈත කදු නිම්නයක
සෙමෙන් මතු වෙන්නේය
ලපටි අත් ඔසවාන
අහස දෙස බලාගෙන
හඩ නගන ළමා සිත්
තුටින් පුරවන්නේය
විරසකව වෙන් වෙන්ව
දෙපසකට නෙත් යොමන
තුරුණු නෙත් යුග යලිත්
එකට එක් කරනේය
නෙත් සොරොව් කදුළු මැද
මුව නැගෙන සුසුම් අස
ඇසිපියක ඇසිල්ලෙන්
යලි බොදව යන්නේය...
-විශ්-අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com11tag:blogger.com,1999:blog-5252600668535178084.post-15407067810981330022016-08-16T22:14:00.001-07:002016-08-16T22:14:32.043-07:00දින පොතකි මුහුණු පොත පිටු කැඩී විසිරෙච්ච......
අතු පතර විහිදගත්
රූස්ස ගසක් පාමුළ
වසන්තය වඩින තුරු
මා මඟ බලා සිටියා
සුළඟට හසුව රෙබරෝසි මල්
සිය දහස් වාරයක්
බිම වැටී මියයමින් තිබුණා
මිමෝසා පත්‍ර වල කොළ පැහැය
මගෙම කඳුළින්...
සේදී දියව ගොස් තිබුණා
පිපෙන්නට වැර දරන ඇහැළ මල්
නොපිපීම පරව ගොස් තිබුණා
මගේ දුක අසමින්ම
විලෝ පත් වැළපෙමින් සිටියා
අවරගිර අහසේ..
සහසකර බැසයමින් තිබුණා
මා හදෙහි රුධිරයෙන්
මේකුළු පවා
රත්පැහැ ගැන්ව තිබුණා..
අව් වැසි සුළි සුළන්
විටින් විට හමා ගොස් තිබුණා
ගිමන් කල පමණක්
සියොළඟම දැවටෙමින් සිටියා
දස දහස් වාරයක්
හිරු සඳු නැගී නුඹ ගැබ
නැවත බැසගොස් තිබුණා
පැයෙන් පැය දිනෙන් දින
කල්ප සුවහස් කළක්
නොදැනීම නික්ම ගොස් තිබුණා..
නොලියවුන කවියක්
ඉකිබිඳ හඬනු ඇසුනා
රූස්ස ගසක් පාමුළ
ගල් බන්කුවක හිඳගෙන
වසන්තය වඩින තුරු
මා මඟ බලා සිටියා...
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com11tag:blogger.com,1999:blog-5252600668535178084.post-6060542092823665792016-07-02T19:50:00.003-07:002016-07-02T20:00:20.626-07:00ස්තූතියි...
මේ බ්ලොග් එක ආරම්භ කරලා දැන් අවුරුද්දකට ලගයි. ඒ කාලෙ ඇතුලත මට අවවාද දුන්න, වැරදුන තැන් කියලා දුන්න, හැමදාමත් මාත් එක්ක හිටිය බ්ලොග් ලියන ම්තුරු මිතුරියන්ට ස්තූති කරන්නයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ.
විශේශයෙන්ම මම බ්ලොග් ලියන්න ආව කාලෙ මාව එයාලගෙ කුරුටු සින්ඩියට එකතු කර ගත්තු කුරුටු පවුලෙ හැමෝටමත්, බ්ලොග් ගැන කියලා දුන්න රූපෙ ටත්, මගෙ කවි අනිත් අය අතරට අරන් ගිය ඉයන් අන්කල්ටත් ගොඩාක් ස්තූතියි... එ වගේම අන්දකාර තාරකාව වෙනුවෙන් තමන්ගෙ බ්ලොග් දර්ශකේ ඉඩක් වෙන් කරපු අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයටත්, මන් වෙනුවෙන් පෝස්ට් එකක් දාපු යකාගේ නවාතැන බ්ලොග් එකටත්, ඹබර පත්තරෙ ආටිකල් එකක් දැම්ම අයේශි අක්කටත්, මේ වෙලාවෙ ස්තූති කරනව.
නම් කියවුනේ නැතත් එදා මෙදා තුර මාත් එක්ක රැදිලා හිටිය හැමෝටම කියන්න අවසාන වශයෙන් තියෙන්නෙ මෙච්චරයි
ඔබට ස්තූතියි..!!!!!!!!!!අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com33tag:blogger.com,1999:blog-5252600668535178084.post-64583287788582349832016-06-25T04:18:00.002-07:002016-06-25T04:18:20.422-07:00වචන නැති කවියක්....
මල් කැකුලු පීදෙනා ගසකට
පෙර දිනක මැරුනු මල් මතකද?
නෙලුම් මල් පිරී ගිය විලකට
පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද?
හඩන්නට වරම් නැති නෙතකට
හිනැහෙන්න සිනාවන් කුමටද?
නොනිදාම පහන් කල රැයකට
සිහිනයක පෙර නිමිති අකැපද?
කිසිදිනක නොකියවූ පොතකට
වර්ණවත් පිටු වැසුම් මොකටද?
නිම්තෙරින් සමුගන්න සඳකට
සයනීය තේ බඳුන් අවැසිද?
ගිමන් කල ඉරි තැලුන ගඟකට
වසන්තේ වැටුනු වැසි මතකද?
පාතරාසය පිණිස හිතකට
හදවතක් දන් දෙන්න අකැපද?
කතර මඟ මෙදුර විත් තනියම
මගේ ලඟ සෙවනැල්ල විතරද?
නිස්සාර හදවතක ඉපදෙන
ප්‍රේමයත් මිරිගුවක් පමණද?
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com23tag:blogger.com,1999:blog-5252600668535178084.post-16123842667367494092016-06-20T02:42:00.000-07:002016-06-20T02:42:00.719-07:00ඒ කාලෙ... හොඳම කාලෙ
ඒ කාලෙ
හොඳම කාලෙ
ජීවිතේ...
විඳපු කාලෙ
හොඳම යාළුවො
හිටිය කාලෙ
එකම බත් පත
රස බැලුව කාලෙ...
ආකහේ ඉරාගෙන
පියෑඹුව කාලෙ
හේතුවක් නැතුවත්
හිනාවුන කාලෙ
ඇහැල ගස් වල
මල් පිපුන කාලෙ
වසන්තය නාවත්
තුටින් හිටි කාලෙ
උදෑසන රැස්වීම
මගෑරිය කාලෙ
ප්‍රින්සිපල් දකිද්දිත්
බය හිතුනු කාලෙ
සුදු ගවුමෙ දැවටිලා
දඟ කරපු කාලෙ
ආයෙමත් එන්නෙ නැති
සුන්දරම කාලෙ
ඒ කාලෙ
සැහැල්ලුම කාලෙ
ජීවිතේ
විඳපු කාලෙ...
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com13tag:blogger.com,1999:blog-5252600668535178084.post-57111738662501216352016-05-14T07:05:00.002-07:002016-05-17T03:00:58.973-07:00විසල්, මම තනියම
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com21tag:blogger.com,1999:blog-5252600668535178084.post-52525142108344123932016-05-10T06:07:00.004-07:002016-05-10T06:07:56.171-07:00ස්නේහයෙන් සිත ගයයි
සොඳුරු යටගියාවක
මතකයන් සඟවමින්
හද විලේ පිපුණු මල්
සීරුවට ගලවමින්
රිද්ම් දුන් තැන් සොයා
නව පැතුම් අතුරමින්
ස්නේහයෙන් සිත ගයයි
ආයෙමත් ආදරෙන්.........
කඳුළකින් බොඳව ගිය
යුගය දෙස නොබලමින්
ගෙවී ගිය අතීතය
සිහිනයක තවරමින්
නුඹ වෙන්ව ගිය අයුරු
යළි යළිත් නොසිතමින්
ස්නේහයෙන් සිත ගයයි
ආයෙමත් ආදරෙන්......
ඉකිබින්ද හදවතට
සිනාවක් කැන්දමින්
පිණි වැටුණු නෙළුමක්ව
පිපෙන්නට සිත් දෙමින්
හමා යන මදනළක
සැහැල්ලුව ගෙන දෙමින්
ස්නේහයෙන් සිත ගයයි
ආයෙමත් ආදරෙන්...........
අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com27tag:blogger.com,1999:blog-5252600668535178084.post-44517006391685435772016-03-31T21:14:00.000-07:002016-04-07T13:15:12.405-07:00ඔසු උයනට සමුදීම ( සාරාර්ත 2)
එදා නතර කරපු තැනිනුයි අද පටන් ගන්නෙ. ඒ කියන්නෙ ඔසු උයනට ගිනි තියපු තැනින්...
ඔන්න ඉතින් අපේ කතාව අතරතුර යාලුවෙක් කෑ ගැහුවා මෙන්න ගිනි ගන්නවා කියලා. ඒත් එක්කම අපිට පෙනුනේ හුලඟට ඒ මේ අත වැනි වැනී තේක්ක ගස් වල උඩ තියන අතුත් අල්ලගන්න හදන ලොකුම ලොකු ගිනි ගොඩක්. ඇත්තටම උන් හිටි තැනත් අමතක වුනා කියල කිව්වොත් වැරදි නෑ. මුලින්ම අපිට අමතක වුනා අපි දැන් මොකද කරන්නෙ කියලා. ඉතින් හැමෝම තමන්ට හිතුනු හිතුනු දිහාවකට දුවන්න පටන් ගත්තා... ඒ අතරෙ එක එක්කෙනා ඇඟේ හැප්පිලා වැටෙන්නත් ගත්තා. මිනිත්තු දෙක තුනකට පස්සෙ හැමෝටම මීටර් වෙන්න ගත්තා මේ ගින්න කෝම හරි නිවන්න ඕනෙ කියලා. ඉස්කෝලෙ පොදු දේපලනේ. පන්ති තහනමකට ලක් වෙන්නත් බැරි නෑ.
ඉතින් හැමෝම වතුර ගන්න ටැප් එක ලගට දිව්වා. ඒත් ටැප් එකෙන් වතුර ආවට වතුර දාගෙන යන්න බාස්කට් එකක් වත් නෑ. හීනෙකින්වත් මෙහෙම දෙයක් හිතුවෙ නැති නිසා පෙර සූදානමක් තිබුනෙත් නෑ. එතකොට තමයි දෙවියො බලල වගේ මල් ගස් වලට වතුර දාන්න කියල පරිසර විද්යාගාරෙන් ඉල්ලගෙන ආපු මල් බාල්දි දෙක විරාජමානව වැඩහිදිනව දැක්කෙ. ඉතින් ලැවු ගින්නකට පොද වැස්සක් ඉහිනව වගේ අපි ගින්න නිවන්න ගත්තා... අපේ ගිනි නිවීම කෙසේවෙතත් ඔක්කොටම ගිනි ඇවිලුනාට පස්සෙ ගින්න ඉබේම නැවතුනා. සාරාර්තෙට තිබුනෙ සති 3කටත් අඩු කාලයක්. මොනවකරත් ඔසු උයන ආයෙ ගොඩ ගන්න බෑ කියල නම් අපි හැමෝටම ඒ වෙද්දි තේරිලා තිබුනේ.
ගෙදර යන්නවත් හිතක් නැතුව දවසම ඔසු උයනට වෙලා අපි කල්පනා කරේ මැඩම්ට මොනාද හෙට කියන්නෙ කියලා. අන්තිමට හිතල හිතලා මුල ඉදන් වුන හැමදෙයක්ම මැඩම්ටත් කියනව කියලා හිතාගෙන අපි සතුටින් විසිර ගියා. සතුටින් විසිර ගිය කිව්වට කාටවත් එදා රෑ නින්ද ගිහින් තිබුනෙ නම් නෑ.
ඔන්න ඉතින් පහුවදා උදේමත් අපි ගියෙ ඔසු උයනට.ඒක හරියට කලින්දා රෑ බෝම්බයක් ගහපු සොහොන් පිටියක් වගේ දැකුම් දසුනක්. හැමතැනම විසිරෙන අලු, කලු පාට වුන ගස් වල කදන්, සොහොන් කොතක් විතරයි අඩු වෙලා තිබුනේ. ඉතින් අපි හැමෝම බිම බලාගෙන ගියේ බයෝ ලැබ් එකට මැඩම්ව හම්බෙන්න. ගිනි තියන්න අදහස දුන්නෙ මම නිසා පෝලිමේ ඉස්සරහින්ම ඉන්න සිදු වුනෙත් මට. ඔසු උයන හදන්න පටන් ගත්තු දවසෙ ඉදලම කියන්න හිතාගෙන ගියත් මට කියවුනේ වෙනස්ම දෙයක්. ' මැඩම් අපි ඔසු උයන අත් ඇරලා අපිත් හදවත හදන්න එකතු වෙමුද' කියල. ඒක කිව්ව්ම මැඩම්ගෙ ඇස් දෙක නලලට යයි කියලා අපිට හිතුනත් මැඩම් කරේ හිනාවෙන එක.
'අනේ පුතේ මාත් ඔයාලට ඕක කියන්නමයි හිටියෙ. ඒත් ඔයලා හරිම ආසවෙන් ඒකෙ වැඩ කරපු නිසා මටත් කියාගන්න බැරුව හිටියෙ' කියලා කියද්දි නම් අපිට හිතුනේ කෑ ගහල අඩන්න. මාසෙක විතර ඉදන් මැඩම්ගෙ හිත රිදවන්න බැරි කමට අව්වෙ කර වෙවී, නොකා නොබී, ගෙවල් වලදිවත් නොකරන වැඩ කොච්චරක් ඔසු උයන වෙනුවෙන් අපි කරාද? මැඩම් පව් කියලා හිතලා අපි මැඩම්ට මුකුත් කියල නෑ. අපි පව් කියල හිතලා මැඩම් අපිට මුකුත් කියල නෑ.
මොනා වුනත් පෙර පිනකට හරි සාරාර්තෙට සති දෙකක් විතර තියලා අපි ඔසු උයනෙන් ගැලවුනා. ඊට පස්සෙ හදවතින්ම හදවතට වැඩ කරා. හැමෝම පුදුමකරවන විදිහෙ හදවතක් හදලා මැඩම්වත් සතුටු කරා. ප්‍රදර්ශනේ අතරතුරදි මම මගේ විස්තර කුටිය ලග තිබුනු කවුලුවෙන් එලිය බැලුවා. වෙනදා වගේම ආදරෙන් ඔසු උයන අපි දිහා බලන් හිටියා......අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.com20