Saturday, October 22, 2016

මං කැමති ඇත්තටම....

මං කැමති ඇත්තටම
කැතම කැතම කොල්ලෙක්ට...
තෙල් බිදක් නොගෑවුන
රැළි ගැහුනු කොන්ඩෙකට

යටි පතුල් ගෙවී ගිය
ඉරි තැලුනු දෙපයකට
තැනින් තැන මල කාපු
ඉරී ගිය ඩෙනිමකට

කපන්නට හිතෙන් නැති
වැවුනු යටි රැවුලකට
හරි හමන් ජොබක් නැති
බිසී නැති කොල්ලෙක්ට

අත්ල මත හාදු පොදි
තවරනා දෙතොලකට
නිදි නැතුව රතු වෙච්ච
සෙනෙහෙබර දෙනෙතකට

අව්වටම පිච්චිච්ච
කලුම කලු මූනකට
ඇත්තටම මං කැමති
කැතම කැත කොල්ලෙක්ට....

18 comments:

  1. mama malata kamathi bawa dhana nuba malata pem kala

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මං ඉන්නේ..
    හික්

    ජ ය වේ වා !!

    ReplyDelete
  4. ලස්සනයි අ.තා. හරිම ලස්සනයි.

    ReplyDelete
  5. නුඹ ලියූ ඒ ගතී
    සියල්ල මා හට ඇතී
    එහෙත් ප්‍රිය හිතවතී
    මගෙ බිරිඳ පරහට ඇතී.......

    අපූරු කවියක්.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. Duminda, අ.තා බැඳපු නැති කෙනෙක් ගැන මොනවත් කියල නැහැ. කැත වීම, බිසී නොවීම, රැවුලක් තිබීම වගේ ඒවා විතරයි. හෙහ්

      Delete
  6. ඒ වුනාට පොඩි පරහක් තියෙන්නෙ බොලේ කැතම කැත කොල්ලො හොයන්නෙ ලස්සනම ලස්සන කෙල්ලො...:)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බොලේ වෙනස...:)

      ජයවේවා!!!

      Delete
    2. //ඒ වුනාට පොඩි පරහක් //

      අ.තා කෙල්ල ලස්සනයිනෙ රවියො, ඇයි මේ එයා ලස්සන නැහැ කියල නොකිය කියල තියෙන්නෙ? හැක්

      Delete
    3. ඒකනේ අනේ බලන්නකො :/ :/

      Delete