Friday, September 2, 2016

දේදුණු.....




ලහිරු කිරණට මැදිව
වැටෙන වැස්සට හසුව
ඈත කදු නිම්නයක
සෙමෙන් මතු වෙන්නේය

ලපටි අත් ඔසවාන
අහස දෙස බලාගෙන
හඩ නගන ළමා සිත්
තුටින් පුරවන්නේය

විරසකව වෙන් වෙන්ව
දෙපසකට නෙත් යොමන
තුරුණු නෙත් යුග යලිත්
එකට එක් කරනේය

නෙත් සොරොව් කදුළු මැද
මුව නැගෙන සුසුම් අස
ඇසිපියක ඇසිල්ලෙන්
යලි බොදව යන්නේය...

-විශ්-

11 comments:

  1. //"නෙත් සොරොව් කදුළු මැද"// නියම සංකේත යොදාගන්නේ

    ReplyDelete
    Replies
    1. වාං දමනවා යන්නෙහි අදහස කුමක්ද??

      Delete
  2. චැක්.. පොඩි අන්දොස් කිරීමකටත් එක්ක හෙඩිම වෙනස් උනා නං අගෙයි..

    ReplyDelete
  3. බොඳවෙලා යන කඳුළු අභියස
    ඇසිපියන් අගිස්සක කෙළවරක
    නැවතිලා තිබු එකදු පැතුමක්
    පුංචි හුස්ම ඉල්ලනව ඇහුණා.

    ReplyDelete

රිදී තරු වියන යට ✨️

  " අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...