Wednesday, March 16, 2016

පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ


ගුරු පාරෙ මග දිගට රොබරෝසි වැටෙන්නෑ
කේතකී පඳුරු පෙර මුණු මුණුව නගන්නෑ
සුසුම්ලන හිත ගාව සිනා මල් පිපෙන්නෑ
නුඹ නැතුව ජීවිතේ විදින්නට හිතෙන්නෑ

ඉකිබිදින හිත ගාව හිනැහෙන්න ඉඩක් නෑ
සුදු අම්මි මගෙ මැණික අමතන්න කෙනෙක් නෑ
හීන පොදි තිබුණාට මගෙ ලෝකෙ රජෙක් නෑ
පෙර මෙන්ම ආදරේ පුදන්නට කෙනෙක් නෑ

දෙනයනින් ගිලිහෙනා කදුළු වල නිමක් නෑ
හදවතට ලං වෙලා දුක අහන කෙනෙක් නෑ
නෙත් පුරා මග බලන මුත් තවත් වැඩක් නෑ
පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ

24 comments:

  1. කවද හරි රජෙක් ලැබෙයි. එතකල් හිටු.

    ReplyDelete
    Replies
    1. එසේය දේවයන් වහන්ස :D

      Delete
    2. එතකොට අර ඉන්න එකා මොකෙද්ද? බයියෙක්ද?

      Delete
    3. කවි වල තියෙන්නේ ඇත්ත නෙමෙයිනේ ඉයන් අන්කල්. එහෙනම් හැමදාම අපි සතුටු හිතෙන කවි විතරනේ ලියන්න වෙන්නේ. ඒ නිසා මේ වගේ දුක හිතෙන ඒවත් ලියන්න වෙනවා. :)

      Delete
  2. ඒ නිසා අන්ධකාර තාරකාවක් බිහිවූ වගයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ... නරකක් වෙලා නෑ නේද ඉවාන්

      Delete
  3. කේතකී පඳුරු කතාව දැකල හිනහත් ගියා
    හා හා ඇයි කියල නාහං ඉතිං...

    කවිය පංකාදුයි අතා...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේශ්... ඔන්න මම ඇහුවෙ නෑ :D

      Delete
  4. Grate

    Jayawewa!!!@@@

    ReplyDelete
  5. Grate

    Jayawewa!!!@@@

    ReplyDelete
  6. ටිකක් ඉවසන්න දරුවෝ,,වටිනා දේවල් ලැබෙන්නේ කාලයත් එක්ක...

    ReplyDelete
  7. //පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ//
    ++

    ReplyDelete
  8. "නෙත් පුරා මග බලන මුත් තවත් වැඩක් නෑ
    පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ"
    hitha riduwana wachana agey :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ආයෙත් එන්න :)

      Delete
    2. මේ පැත්තේ ඇවිත් ගියාට පාඩුවක් නෑ වගෙ (තිතක්)

      Delete
  9. ඔය කවියෙ මහා පොදු සාධකය වෙන්නෙ "නෑ" කියන වචනෙ. ඒක එළියට අරං, ඔක්කොම පද ටික වරහනක් ඇතුළට දාමු.

    ReplyDelete
  10. නෑ....නෑ....නෑ....කවිය ලස්සන නැත්තෙත් නෑ.....සුබපැතුම් අතා....

    ReplyDelete