Saturday, June 25, 2016

වචන නැති කවියක්....

මල් කැකුලු පීදෙනා ගසකට
පෙර දිනක මැරුනු මල් මතකද?
නෙලුම් මල් පිරී ගිය විලකට
පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද?

හඩන්නට වරම් නැති නෙතකට
හිනැහෙන්න සිනාවන් කුමටද?
නොනිදාම පහන් කල රැයකට
සිහිනයක පෙර නිමිති අකැපද?

කිසිදිනක නොකියවූ පොතකට
වර්ණවත් පිටු වැසුම් මොකටද?
නිම්තෙරින් සමුගන්න සඳකට
සයනීය තේ බඳුන් අවැසිද?

ගිමන් කල ඉරි තැලුන ගඟකට
වසන්තේ වැටුනු වැසි මතකද?
පාතරාසය පිණිස හිතකට
හදවතක් දන් දෙන්න අකැපද?

කතර මඟ මෙදුර විත් තනියම
මගේ ලඟ සෙවනැල්ල විතරද?
නිස්සාර හදවතක ඉපදෙන
ප්‍රේමයත් මිරිගුවක් පමණද?

23 comments:

  1. මිරිගුවක් බව දැන දැනම
    හඹා නො යා ඒ පසුපස
    මිරිගුවට ඔබ පසුපස
    හබා එන්න ඉඩ හරින්න


    කවිය අපූරුයි.

    ReplyDelete
  2. ලස්සනයි ලොකු තේරුමක් තියනවා.

    ReplyDelete
  3. අනේ මටත් මෙහෙම ලියන්න පුලුවන්නම් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... උත්සහ කරොත් බැරි වෙන එකක් නෑ :)

      Delete
  4. ? මොන රෙද්දකට දැම්මාද

    ReplyDelete
  5. //නිස්සාර හදවතක ඉපදෙන
    ප්‍රේමයත් මිරිගුවක් පමණද?//

    තමන්ගේ රළු ආත්මාර්ථකාමය අනෙකෙකුට බවුන්ස් කර ආපහු එන කොට ඒකට සුමට නමක් දාගත්තු එකක් තමයි ප්‍රේමය කියන්නෙ. සාර නිස්සාර වෙනසක් නැතුව ප්‍රේමය මිරිඟුවක්. අනුන්ගෙන් එනවා සේ හැඟෙන තමන්ගේම හිතේ උපන් මිරිඟුවක්.

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න බෑ නේද? සමහරුන්ගේ නං ප්‍රේමය එහෙම ඇති. ඇත්තටම මගෙත්. ඒත් එහෙම නැති අයත් අඩුවෙන් හරි ඉන්නව. මං දන්න අය.

      Delete
    2. අනේ මන්දා මටත් හිතෙන්නෙ ප්‍රේමය මිරිගුවක් කියලා. ඒක තේරෙන්නෙ දුවල දුවල හති වැටුනට පස්සෙ

      Delete
  6. තමන්ගේ රළු ආත්මාර්ථකාමය අනෙකෙකුට බවුන්ස් කර ආපහු එන කොට ඒකට සුමට නමක් දාගත්තු එකක් තමයි ප්‍රේමය කියන්නෙ. සාර නිස්සාර වෙනසක් නැතුව ප්‍රේමය මිරිඟුවක්. අනුන්ගෙන් එනවා සේ හැඟෙන තමන්ගේම හිතේ උපන් මිරිඟුවක්.

    ---------------------------------------
    මේක මට නම් අලුත් කතාවක්


    ------------------
    කවිය ඉස්තරම්...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අන්කල් ෆවාස්... කාලෙකින් :)

      Delete
  7. සංසාර ජීවිතේ නිස්සාර ප්‍රේමය....

    ReplyDelete
  8. ඇත්තටම ලස්සනයි. හැබැයි මේකේ ප්‍රශ්නාර්ථය නොදැම්ම නං තවත් ලස්සනයි. කවියක් කියන්නෙ වාක්‍ය රචනයක් නෙමෙයිනේ. ඒකෙදි ව්‍යාකරණ රීති අකුරටම පිළිපදින්න ඕනෙ නෑ. එහෙම උනාම කවිය යාන්ත්‍රික වෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරදියෙල්. මටත් ඒක හිතුනා

      Delete
  9. ප්‍රේමය අවංකනම් මිරිගුවක් ඒ අසළකවත් නැත.
    කවිය ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  10. හායි...
    "බඹර"
    පත්තරේ දැකලා තමයි එන විදිහ හොයා ගත්තේ...

    පුංචි අඩු පාඩු ටිකක් තියෙනවා මට දැනිච්ච විදිහට...
    ඒ ගැන උපදෙස් දෙන්ට තරම් දැනුමක් නෑ වැඩිය...
    අඩු පාඩුව තියෙන්නේ අකුරු වල...
    තේරුමට පාඩුවක් නෑ ඒ වුණාට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුරන්ග. සතුටුයි අදුර ගන්න ලැබීම. දිගටම රැදිල ඉන්න :)

      Delete
  11. මේ බ්ලොගයෙ ලියැවුණු සුන්දර ම කවිය..!!

    ReplyDelete