Tuesday, December 15, 2015

ආදරෙත් එහෙමලු



සයුර හරි නපුරුයිලු
බොරු ගෝසාව විතරලු
කෑ ගසාගෙන ආවට
බිදී විසිරී ආයෙත්
හිටපු තැනටම යනවලු

එහෙම එන හැම වාරෙම
වැලි කැටේ කැටේ හරි
එකතු කරගෙන යනවලු
පුන්චි බෙලි කටු වලට
ඔච්චමට හිනා වෙනවලු

ඒත් ඉඳහිට දවසක
සුපිපි මුතු කැකුළක්
සයුර අඩගහන් එනවලු
නිහඩවම වෙරළට පුදකර
දැක්කෙ නැති ගානට
ආයෙත් යන්න යනවලු

හැදිනුවත් නොහදුනන
කලාතුරකින් දැනෙන
සුන්දරම ප්‍රේමයත් එහෙමලු
මොනතරම් නපුරු මුත්
වෙරළ රුදු රළ ගොසට
මේ තරම් ආදරෙත් ඒකලු.

16 comments:

  1. ආ කවි නේද? එහෙනම් එන්න වෙනවා
    ජයවේවා!

    ReplyDelete
  2. කමෙන්ටු දාන ඒක හදලා... දැන් අගෙයි.... කවියත් සුපිරියි......

    ReplyDelete
    Replies
    1. thanks
      කුරුටු ගෑ ගී පවුර :)

      Delete
  3. ලස්සනයි පදවැල ....

    ReplyDelete
  4. ඔයාගෙ කවි ලස්සනයි හරිම අරුත්බරයි. නිවාඩු වෙලාවක ඕල්ඩර් පෝස්ට් ගිහින් ඔක්කොම කියවන්නම්කො.

    ReplyDelete
  5. Replies
    1. thanks sineka... cmnt keeyak danawada eka kawiyakata? :)

      Delete
  6. හරිම අරුත්බරයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියා......... ආයෙත් එන්න....

      Delete

රිදී තරු වියන යට ✨️

  " අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...