Sunday, February 21, 2016
දරා ඉකිලමි දැවී මියැදෙමි දිවි තුරා එය සුරකිමි...
හදේ ඉපදුන ප්‍රථම ප්‍රේමය
නුඹේ නමටම පුදදෙමි
නෙතින් දැකගමි සිතින් විදගමි
මුවින් කිසිවක් නොකියමි....
යනෙන මගතොට බලා ලතවෙමි
නෙතින් කදුළැල් නොහෙලමි
හිතින් ලග ඉමි අතේ පැටලෙමි
දුරින් රුව දැක සැනසෙමි...
සිහින නොනිදන රැයට ඉඩ දී
ලයට තුරුලුව සැතපෙමි
තුටින් හිනැහෙමි හොරෙන් මුමුණමි
අවදිවන්නට නොසිතමි....
දැනෙන තනිකම ඉතින් විදගමි
කිසිවෙකුත් යළි නොපතමි
දරා ඉකිලමි දැවී මියැදෙමි
දිවි තුරා එය සුරකිමි...
Subscribe to:
Post Comments (Atom)
හදේ ඉපදුන ප්‍රථම ප්‍රේමය
ReplyDeleteනුඹේ නමටම පුදදෙමි
හරිම ලස්සනයි අන්ධකාර තාරකාව
thanks වසන්තයට පෙර
ReplyDelete/දරා ඉකිලමි දැවී මියැදෙමි/
ReplyDeleteපිස්සුනං කොරන්න හදන්න එපා ඕං..
කයි පංතිය අගෙයි...
ජ ය වේ වා !!!
ස්තූතියි විදානේ
Deleteමේ බ්ලොග් ඒකෙ කියන්නේ ආදරය ගැන විතරද?
ReplyDeleteඑහෙම කිව්වත් වැරදිමත් නෑ වගෙ අඟහරුවෝ
Deleteහරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි සිංහ
Deleteමට මගේ නොවෙන මගේම ආදරයක් තිබුනා..
ReplyDeleteස්තූතියි අම්බලන්ගොඩ කථා
Deleteඅයිති කරගනු කුමට ප්‍රේමය
ReplyDeleteදුරින් හිඳ ඔබ නරඹමී..
ස්තූතියි වැසි දැරිය
Deleteලස්සනයි අතා හැමදාම වගේම....
ReplyDeleteස්තූතියි කසුටු
Deleteආදරේනේ ඉතින්.
ReplyDeleteලස්සනයි.
ස්තූතියි :) :)
Deleteහරිම ලස්සනයි තාරකාවි.....
ReplyDeleteස්තූතියි මෙතූ
Deleteකවියක් ලියලා තියලා කොහෙද ගියේ....
ReplyDeleteකාල වෙලාව අඩුයිනෙ කුරුටු...ඉතින් ඉක්මන්ට දාලා ඉක්මන්ටම ගියා
ReplyDelete