Sunday, February 21, 2016

දරා ඉකිලමි දැවී මියැදෙමි දිවි තුරා එය සුරකිමි...


හදේ ඉපදුන ප්‍රථම ප්‍රේමය
නුඹේ නමටම පුදදෙමි
නෙතින් දැකගමි සිතින් විදගමි
මුවින් කිසිවක් නොකියමි....

යනෙන මගතොට බලා ලතවෙමි
නෙතින් කදුළැල් නොහෙලමි
හිතින් ලග ඉමි අතේ පැටලෙමි
දුරින් රුව දැක සැනසෙමි...

සිහින නොනිදන රැයට ඉඩ දී
ලයට තුරුලුව සැතපෙමි
තුටින් හිනැහෙමි හොරෙන් මුමුණමි
අවදිවන්නට නොසිතමි....

දැනෙන තනිකම ඉතින් විදගමි
කිසිවෙකුත් යළි නොපතමි
දරා ඉකිලමි දැවී මියැදෙමි
දිවි තුරා එය සුරකිමි...

20 comments:

  1. හදේ ඉපදුන ප්‍රථම ප්‍රේමය
    නුඹේ නමටම පුදදෙමි

    හරිම ලස්සනයි අන්ධකාර තාරකාව

    ReplyDelete
  2. /දරා ඉකිලමි දැවී මියැදෙමි/
    පිස්සුනං කොරන්න හදන්න එපා ඕං..

    කයි පංතිය අගෙයි...


    ජ ය වේ වා !!!

    ReplyDelete
  3. මේ බ්ලොග් ඒකෙ කියන්නේ ආදරය ගැන විතරද?

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වත් වැරදිමත් නෑ වගෙ අඟහරුවෝ

      Delete
  4. මට මගේ නොවෙන මගේම ආදරයක් තිබුනා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අම්බලන්ගොඩ කථා

      Delete
  5. අයිති කරගනු කුමට ප්‍රේමය
    දුරින් හිඳ ඔබ නරඹමී..

    ReplyDelete
  6. ලස්සනයි අතා හැමදාම වගේම....

    ReplyDelete
  7. ආදරේනේ ඉතින්.

    ලස්සනයි.

    ReplyDelete
  8. හරිම ලස්සනයි තාරකාවි.....

    ReplyDelete
  9. කවියක් ලියලා තියලා කොහෙද ගියේ....

    ReplyDelete
  10. කාල වෙලාව අඩුයිනෙ කුරුටු...ඉතින් ඉක්මන්ට දාලා ඉක්මන්ටම ගියා

    ReplyDelete