Saturday, February 13, 2016

ප්‍රේමයක් මියැදෙමින් තිබුනා

හිරුත් ඇහැරුන දවල් දවසක
රේල් පාරක පීලි අතරක
කඳුලු පමණක් ඉතිරිකර දී
ප්‍රේමයක් මියැදෙමින් තිබුනා

දොසක් නොතියා නිහඬ අහසට
රුධිරයෙන් මහපොළොව තෙත් කර
රලු යකඩ රෝදයක සිරවී
හදවතක් ගැහි ගැහී තිබුනා

ජීවිතෙන් හරි අඩක් කැප කල
ප්‍රේමයක පසුවදන පිළිබද
ලියූ කවියක් අතින් ගිලිහී
තැනින් තැන විසිරිලා තිබුනා

දුරස් නොවුනත් එකතු වන්ට
නොහැකි දුම් රිය මාවතක් ලෙස
හිදින්නට ගිවිසූ මුවින් උණු
සුසුම් රැලි සැඟවෙමින්තිබුනා...

හිරුත් ඇහැරුන දවල් දවසක
රේල් පාරක පීලි අතරක
කඳුලු පමණක් ඉතිරි කර දී
ප්‍රේමයක් මියැදෙමින් තිබුනා

19 comments:

  1. අගෙයි ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අනේ වෙන මොකක් හරි කියහංකෝ...........

      Delete
  2. ලස්සන පද රචනාවක්. 'දවල් දවසක' කියන එකට වෙන වචන දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අන්කල් ඉයන්...

      Delete
  3. "නොහැකි දුම් රිය මාවතක් ලෙස" මෙතනට නොහැකි දුම්රිය පීලි දෙක ලෙස කියන එක කොහොමද?

    මම ප්‍රේමය, ආදරය ගැන කතා කරන්නේ නෑ. ඒ මාතෘකාව පැත්තකින් තිබ්බොත්, මේ වැඩේ කටුකම අත්දැකීම විඳින්නේ දුම්රිය රියදුරු මහත්වරුන්. දශක දෙකකට ආසන්න දුම්රිය මගී ජීවිතයේදී, මමත් මේ වගේ සිද්ධි දෙක තුනක් දැකල තියනවා. දුම්රිය මගීන් නම් මේ වගේ කපල් එකක්/ කෙල්ලෙක්/ කොල්ලෙක් කෝච්චියට පැනලා නොමැරී බේරිලා ඉන්නවා අහු උනොත් නම් ආය ඉතුරු කරන එකක් නෑ. අපි දන්නවා ඕකෙන් කෝච්චි කොච්චර් පරක්කු වෙනවද, ඒ අත්දැකීම කොච්චර අප්‍රසන්න, කටුක එකක්ද කියලා. මැරෙන්න ඕනේ නම් වෙන ක්‍රමයක් හොයාගන්නේ නැතුව ඇයි කොහෙවත් යන මිනිස්සුන්ට කරදර කරන්නේ.. මේකද ආදරය..?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාවත් ඇත්ත අඟහරුවා..... ස්තූතියි... :)

      Delete
  4. ප්‍රේමය මියැදෙන්නේ මෝඩ තීරණ නිසයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත දිනේශ් අයියා... ආදරේදි අපි හැමෝම බොලදයි

      Delete
  5. ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
  6. ඉතාම අපූරුයි!!!

    ReplyDelete
  7. Replies
    1. ස්තූතියි දිනිති අක්කෙ

      Delete