හුදෙකලා විරාමෙක
හදවතේ ඉපදිච්ච
සොඳුරු මුතු මාලයක
මුතු වගේ ඈදිච්ච
රැය පුරා නිදි නැතුව
පන්හිඳක කැටි වෙච්ච
සුසුදු පත් ඉරු පුරා
නිබඳවම දැවටිච්ච
කොපුල් තල මත ඇදෙන
සිනාවක පැටලිච්ච
සොඳුරු යට ගියාවක
මතකයන් මුහුවෙච්ච
මූණු පොත් පිටු පුරා
අකුරු වී ඉහිරෙච්ච
මගේ ඒ කවිකමට
හදවතින් ලියවෙච්ච
දයාබර පන්හිදේ
දැන් ඉතින් සමුදෙන්න..!
පුලුවන් වෙලාවකට එක දෙකක් හරි ලියලා අලවන්නම බැරිවේද අන්දකාර තාරකාව :(
ReplyDeleteස්තූතියි වසන්තයට පෙර... ඔන්න අද කවියක් දාලා යන්නෙ...
Deleteතාවකාලික සමු ගැනීමකට සුභ පතමි.
ReplyDeleteස්තූතියි කාලෙකින් ආව අද...
Deleteලස්සන ලස්සන කවිය. ඔබගේ කවිකාරකම නම් ඉතාම ඉහලයි. මේක කවියක් විතරක්ද? නැත්නම් සමුගන්න හදනවද?
ReplyDeleteස්තූතියි අන්කල් ඉයන්... ආයෙත් ක්ලාස් යන්න පටන් ගත්තු නිස බ්ලොග් එකෙ වැඩ මඟඇරෙනව මට...
Deleteඇයි එක පාරට සමු දෙන්නේ? මුහුණු පොතේ නම් දැකලා නෑ. ඒත් ඇයි?
ReplyDeleteසමුදුන්න කිව්වට එහෙමමත් නෙමෙයි අඟහරුවා.. ඔන්න මම අද ආව...
Deleteමොකද මේ සමුගැන්මක් ඉල්ලන්නෙ.. ඉඳ හිටල හරි ඇවිත් යන්න එන්න.
ReplyDeleteඔයා කිව්ව නිසාම අද ආව.... :) ස්තූතියි :)
Deleteහිරි වැටුනු හිත අගට,
ReplyDeleteකවිකාර කම් කොහිද??
--හොඳයි ගිහිං විභාගගේ ගොඩදාගන්න-
ජ ය වේ වා !!
උඹටත් ඔය හිරිවැටෙන ඒවාම තමා පේන්නේ නේද????? අනේ මගේ කට
Deleteහිරිවැටුනු හිත් අගට මතක මාවත් රැගෙන
Deleteසොඳුරු කවි කම් බැදෙයි පන්හිඳක සීරුවට...
Hondha adahasak, mahansi welaa A/L goda daaganna.
ReplyDeletewelaawa thibunoth vitharak maasekata sarayak hari punchiyata kavi padha peali hatharak liyala yanna. api ennam balanna.
ediri katayuthu sadhaha suba pathum...
Obata jaya.!!
කාලෙකට පස්සෙ බ්ලොග් එකට එන්නෙ... අද පුන්චි කවියක් ලිව්වා... ඒක අලවලා යන්නම්... ස්තූතියි අන්කල්..
Deleteකොහෙ දිරා මාරු වෙන්ටය මේ.
ReplyDeleteආයෙ ලියන්නෑ කියන එකද නැත්තං කවියක්විතරද
ලියන්නෙ නෑ කියල තමා හිතාන හිටියෙ නම්... ඒත් මගෙ හිත මටම මෙල්ල නෑ...
Deleteකවි කියන්නේ ඒ වගේ මහා අතීතයක් ඒක්ක බැදුන දෙයක් තමා...
ReplyDeleteඑකක ඇත්ත කුරුටු... ස්තූතියි ඔයාටත්
Deleteපිස්සු කතා කරන්න එපා.
ReplyDeleteසමුදෙන්න හදන්නේ.
සමුදුන්නෙ නෑ දිනෙශ් අය්යෙ... අදත් ආව ඔයාලව බලල යන්න
Deleteඅන්දකාර තාරකාව නවකතාව ගැන කවුද දන්නෙ
ReplyDelete