Monday, January 25, 2016

දැන් ඉතින් සමුදෙන්න


හුදෙකලා විරාමෙක
හදවතේ ඉපදිච්ච
සොඳුරු මුතු මාලයක
මුතු වගේ ඈදිච්ච

රැය පුරා නිදි නැතුව
පන්හිඳක කැටි වෙච්ච
සුසුදු පත් ඉරු පුරා
නිබඳවම දැවටිච්ච

කොපුල් තල මත ඇදෙන
සිනාවක පැටලිච්ච
සොඳුරු යට ගියාවක
මතකයන් මුහුවෙච්ච

මූණු පොත් පිටු පුරා
අකුරු වී ඉහිරෙච්ච
මගේ ඒ කවිකමට
හදවතින් ලියවෙච්ච

දයාබර පන්හිදේ
දැන් ඉතින් සමුදෙන්න..!

22 comments:

  1. පුලුවන් වෙලාවකට එක දෙකක් හරි ලියලා අලවන්නම බැරිවේද අන්දකාර තාරකාව :(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වසන්තයට පෙර... ඔන්න අද කවියක් දාලා යන්නෙ...

      Delete
  2. තාවකාලික සමු ගැනීමකට සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාලෙකින් ආව අද...

      Delete
  3. ලස්සන ලස්සන කවිය. ඔබගේ කවිකාරකම නම් ඉතාම ඉහලයි. මේක කවියක් විතරක්ද? නැත්නම් සමුගන්න හදනවද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අන්කල් ඉයන්... ආයෙත් ක්ලාස් යන්න පටන් ගත්තු නිස බ්ලොග් එකෙ වැඩ මඟඇරෙනව මට...

      Delete
  4. ඇයි එක පාරට සමු දෙන්නේ? මුහුණු පොතේ නම් දැකලා නෑ. ඒත් ඇයි?

    ReplyDelete
    Replies
    1. සමුදුන්න කිව්වට එහෙමමත් නෙමෙයි අඟහරුවා.. ඔන්න මම අද ආව...

      Delete
  5. මොකද මේ සමුගැන්මක් ඉල්ලන්නෙ.. ඉඳ හිටල හරි ඇවිත් යන්න එන්න.

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්ව නිසාම අද ආව.... :) ස්තූතියි :)

      Delete
  6. හිරි වැටුනු හිත අගට,
    කවිකාර කම් කොහිද??

    --හොඳයි ගිහිං විභාගගේ ගොඩදාගන්න-

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. උඹටත් ඔය හිරිවැටෙන ඒවාම තමා පේන්නේ නේද????? අනේ මගේ කට

      Delete
    2. හිරිවැටුනු හිත් අගට මතක මාවත් රැගෙන
      සොඳුරු කවි කම් බැදෙයි පන්හිඳක සීරුවට...

      Delete
  7. Hondha adahasak, mahansi welaa A/L goda daaganna.
    welaawa thibunoth vitharak maasekata sarayak hari punchiyata kavi padha peali hatharak liyala yanna. api ennam balanna.
    ediri katayuthu sadhaha suba pathum...
    Obata jaya.!!

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ බ්ලොග් එකට එන්නෙ... අද පුන්චි කවියක් ලිව්වා... ඒක අලවලා යන්නම්... ස්තූතියි අන්කල්..

      Delete
  8. කොහෙ දිරා මාරු වෙන්ටය මේ.
    ආයෙ ලියන්නෑ කියන එකද නැත්තං කවියක්විතරද

    ReplyDelete
    Replies
    1. ලියන්නෙ නෑ කියල තමා හිතාන හිටියෙ නම්... ඒත් මගෙ හිත මටම මෙල්ල නෑ...

      Delete
  9. කවි කියන්නේ ඒ වගේ මහා අතීතයක් ඒක්ක බැදුන දෙයක් තමා...

    ReplyDelete
    Replies
    1. එකක ඇත්ත කුරුටු... ස්තූතියි ඔයාටත්

      Delete
  10. පිස්සු කතා කරන්න එපා.
    සමුදෙන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. සමුදුන්නෙ නෑ දිනෙශ් අය්යෙ... අදත් ආව ඔයාලව බලල යන්න

      Delete
  11. අන්දකාර තාරකාව නවකතාව ගැන කවුද දන්නෙ

    ReplyDelete