Monday, March 21, 2016

තාමත් තරහද....?

ඔයා තාමත් තරහද
මම එදා යන්න නාවට?

මොනතරම් ලස්සනද මේ උයන
වඩා සිනමා හලකට
නොපෙනේවි ඒ කෘතීම අදුර මැද
ඔයාගේ මූනවත් මට හරියට....
විදුලි පංකාවකින්
මතුවෙන වියලි රස්නෙට
වඩා මම ආදරෙයි
මේ හමා යන සුළගට
ඒ සමග එතී එන
නුබේ දාඩිය සුවදට
ඉතින් තාමත් තරහද
මම එදා යන්න නාවට
අර බලන් අර අහසට
වලාකුළු හැඩ දමා ඇති ලස්සන
වියනක් හදල වාගෙයි අහසම
එකතු වී අපි දෙන්නට
මේ හැලෙන ඇහැල මල් ගානෙම
ආදරෙයි මම නුබට සදහට
දෙනවද ඔය උරහිස
නෙත් පියා ගන්න මට මදකට
මොන තරම් සොදුරුද
අපි දෙන්න එක ලගින් හිටියම
මේ දැනෙන සැනසීම කිසිවිට
ගන්න හැකිවේද පෙම්වත
වෙලා සිනමා හලකට
කෝ දෙන්න ඔය සුරත දැන් මට
කවියක් ලියන්නට නුබ ගැන
වචන කියන්නේ නැ මම
ලියනවා විතරයි හෙමිහිට
තෙරුනොතින් නුබ හට
ආයෙත් යාලු වෙනවද
කියන කිසි දෙකට
හූමිටියවත් නැටතුවට
තරහක් හිතෙන නෑ මට
දන්නවනේ මම හොදටම
මොහොතකින් යලි සැනසෙන
ඔය අකීකරු හිත ගැන
ඉතින් තාමත් තරහද
එදා මම යන්න නාවට?...

19 comments:

  1. දැන්නං තරහා වුණත් ඒක හරියාවි..... මොනවා වුණත් ඒ ගමන නොගිය එක තමා හොද.........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු.. මේ ඇත්ත සිදුවීමක් නෙමෙයි.. මගේ හිතට ආව අදහසක් විතරයි....

      Delete
  2. Malamagulai pissu kora bola.
    J.w.

    ReplyDelete
  3. Malamagulai pissu kora bola.
    J.w.

    ReplyDelete
    Replies
    1. තේරුණේ නැහැ කිව්වා ම ඒකම දාන්න එපා බං.... ඒක තේරෙන විදිහට විස්තර කරලා දාහං....

      Delete
  4. Replies
    1. ඒත් මට සැක හිතුනා..... සැකය හරි.........

      Delete
    2. ඔයාගේ සැකේ වැරදියි කුරුටු....

      Delete
  5. එදා මා එක්ක
    යන්න නාවට
    තරහක් නෑ මා
    කිසිදා ඔය හිත එක්ක
    රඟහලේ කැරකෙන හුලඟට
    වඩා සිසිලයි දැන් මට
    මේ උයන් කොනකට
    එන්න කිසිදා සිතුනෙ නෑ මට.
    සොඳුරු කවි හිත ලඟ
    නැවතෙන්න හිතුනා මට
    එහෙව් හිත තනි කර
    තරහ වෙන්නේ කොහොම දැන් මම.


    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන් ;) ලස්සනයි ඔයාගේ කවිය...

      Delete
  6. හපූයි.. මේ වගේ කවියක් කියවන්න දුන්නම කෝම තරහ වෙන්නද කියල හිතෙන්න ඇති. හෙහ්..
    ලස්සනයි කවිය අතා...
    ජයවේවා

    ReplyDelete
  7. Harima lassanai.Kiyana de kelinma kiyala. Ada dawasata wadagath deyak.

    ReplyDelete