Friday, March 25, 2016
මට ඕන මේ වගේ ප්‍රේමයක් ....
සීතලෙන් සීත වුන දවසක
උණුහුමට හාදුවක් පුදදෙන
කලුවරින් වැසී ගත අදුරක
තරුවක්ව ඈත සිට දිදුලන
මයි මලින් පිරී ගිය උයනක
මා ලමැද හිස තියා සැතපෙන
මට ඕන ප්රෙමයක් කිසිදින
මුලාකර මාව අත් නොහරින ...
මලක මල් පෙති සිබින දෙතොලග
උමතුවෙන් පිනි හාදු තවරන
ගෙවෙන හැම මොහොතකම නෙත්අග
මගේ රුව විතරක්ම මතුවෙන
නාදුනන නගරයක මා ලග
කටහඩක් වී නිබද රැව්දෙන
මට ඕන ප්‍රේමයක් සැමදින
ආදරෙන් හදවතම නහවන....
ගිලිහෙනා කදුලකට ඉඩහැර
හඩන මා නවතන්න නොසිතන
හදවිලේ සියපතක පත් හැර
සුන්දරම කවි හැගුම් ගෙන එන
දිව්‍යමය සිහිනයක නෙත් හැර
ආකහේ මං එක්ක ඉගිලෙන
මට ඕන ප්‍රේමයක් සැමදින
ජීවිතේ මගේ නමට පුදදෙන .....
Subscribe to:
Post Comments (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
දහසක් හේතු තිබුණත් පියඹන්න බැදීමක් අත් හැර දරාගන්නට වෙනවා සවන් අග සරන රුදු විස්තර තේරුමක් නෑ තමයි අහේතුක කඳුළු වැල් වත්කර දුකම ඇති තැන්වලත...
-
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
උදෑසන අහස් කුස නිල් පාට පාවෙනා මේකුලක සුදු පාට අදුරු වැහි වළාවක අලු පාට රාත්‍රිය නිදි වරණ කලු පාට වසත් මේපල් පතක කොල පාට සරත් සමයේ දිලෙ...
ලස්සනෝ....
ReplyDeleteලස්සනයි කවිය අතා...
හෙට එනවැයි...
ස්තූතියි මහේෂ්... මට එන්න වෙන්නේ නෑ හැබැයි...
Deleteලස්සන කවියක්. අද උත්තර ලියන්න වෙලාව නෑ. හැක්.
ReplyDeleteස්තූතියි කසුන් ඔයාට....
Deleteමටත් ඕන ඒ වගේ ප්‍රේමයක්.. එත් ඉතින් එහෙමයි කියල තනියම ප්‍රේම කරන්නත් බැහැනේ.. :V
ReplyDeleteකවිය ලස්සනෝ..
හැමෝටම ඕන ඒ වගේ ප්‍රේමයක් තමයි... කවදහරි දවසක හම්බෙනකම් බලාගෙන ඉමු :)
Deleteලබා ගැනීමෙන් ආදරය විඳිය හැකි අය සහ පරිත්‍යාගයෙන් ආදරය විඳිය හැකි අය යන කොටස් දෙකෙන් ඔබ පළමුවෙනි කොටසෙ?
ReplyDeleteඔව් අනේ... මම තාම ඒ තරම් දුරට මනස දියුනු කරගෙන නෑ..:)
Deleteසීතල රැයක කබාය අනෙකාට දෙන
ReplyDeleteකළුවර රැයට අනෙකාට පහණක් වෙන
අනෙකාගේ දුක තමාගේ කරගන්නා
අඟනන් සිටියාලු එකමත් එක කලක
එකමත් එක කාලෙක නෙමෙයි දැනුත් ඉන්නව..
Deleteඔය වගේ ප්‍රේමයක් නම් හොයන්න සෑහෙන්න අමාරු වේවි.
ReplyDeleteඅනේ මන්දා.... එහෙමමත් කියන්න බෑනේ
Delete