Friday, March 25, 2016

මට ඕන මේ වගේ ප්‍රේමයක් ....


සීතලෙන් සීත වුන දවසක
උණුහුමට හාදුවක් පුදදෙන
කලුවරින් වැසී ගත අදුරක
තරුවක්ව ඈත සිට දිදුලන
මයි මලින් පිරී ගිය උයනක
මා ලමැද හිස තියා සැතපෙන
මට ඕන ප්රෙමයක් කිසිදින
මුලාකර මාව අත් නොහරින ...

මලක මල් පෙති සිබින දෙතොලග
උමතුවෙන් පිනි හාදු තවරන
ගෙවෙන හැම මොහොතකම නෙත්අග 
මගේ රුව විතරක්ම මතුවෙන
නාදුනන නගරයක මා ලග
කටහඩක් වී නිබද රැව්දෙන 
මට ඕන ප්‍රේමයක් සැමදින
ආදරෙන් හදවතම නහවන....

ගිලිහෙනා කදුලකට ඉඩහැර
හඩන මා නවතන්න නොසිතන
හදවිලේ සියපතක පත් හැර
සුන්දරම කවි හැගුම් ගෙන එන
දිව්‍යමය සිහිනයක නෙත් හැර
ආකහේ මං එක්ක ඉගිලෙන
මට ඕන ප්‍රේමයක් සැමදින
ජීවිතේ මගේ නමට පුදදෙන .....

12 comments:

  1. ලස්සනෝ....
    ලස්සනයි කවිය අතා...
    හෙට එනවැයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්... මට එන්න වෙන්නේ නෑ හැබැයි...

      Delete
  2. ලස්සන කවියක්. අද උත්තර ලියන්න වෙලාව නෑ. හැක්.

    ReplyDelete
  3. මටත් ඕන ඒ වගේ ප්‍රේමයක්.. එත් ඉතින් එහෙමයි කියල තනියම ප්‍රේම කරන්නත් බැහැනේ.. :V

    කවිය ලස්සනෝ..

    ReplyDelete
    Replies
    1. හැමෝටම ඕන ඒ වගේ ප්‍රේමයක් තමයි... කවදහරි දවසක හම්බෙනකම් බලාගෙන ඉමු :)

      Delete
  4. ලබා ගැනීමෙන් ආදරය විඳිය හැකි අය සහ පරිත්‍යාගයෙන් ආදරය විඳිය හැකි අය යන කොටස් දෙකෙන් ඔබ පළමුවෙනි කොටසෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ... මම තාම ඒ තරම් දුරට මනස දියුනු කරගෙන නෑ..:)

      Delete
  5. සීතල රැයක කබාය අනෙකාට දෙන
    කළුවර රැයට අනෙකාට පහණක් වෙන
    අනෙකාගේ දුක තමාගේ කරගන්නා
    අඟනන් සිටියාලු එකමත් එක කලක

    ReplyDelete
    Replies
    1. එකමත් එක කාලෙක නෙමෙයි දැනුත් ඉන්නව..

      Delete
  6. ඔය වගේ ප්‍රේමයක් නම් හොයන්න සෑහෙන්න අමාරු වේවි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.... එහෙමමත් කියන්න බෑනේ

      Delete