Monday, March 28, 2016

සාරාර්ථ 2013



පායල පායල අන්තිමට අහසටම එපා වෙලා වගේ ඊයෙ හවස හිටපු ගමන් වැස්සක් ඇදහැලුනා. ඉතින්  ඇදට වෙලා කියවන්න හිතාගෙන පොතක් තෝරද්දියි A/L කරන කාලෙ ලියපු සමරු පොත හම්බුනේ. ඉතින් පොත් තෝරන එක පැත්තකට දාල මම  ඒක කියවන්න ගත්තා. හදිස්සියෙම මගෙ නෙත ගැටුනෙ රෝස පාට පිටුවක යාලුවෙක් ලියල තිබුන සටහනක්. ඒකෙ යටින් සුන්දර පදපෙලකුත් සටහන් වෙලා තිබුනා.

                 සිනා මල් මුව දරා කෙලි කවට බස් කියා
                 නෙතින් නෙත හමුවෙලා සොඳුරු මිතුරන් වෙලා
                 විටෙක අපි වෙන්වෙලා නැවත මිතුරන් වුනා
                 හැදූ හදවත දිහා බලා අපි සැනසුනා

මේ කවිය මගෙ හිත අවුරුදු තුනක් තරම් ආපස්සට රැගෙන ගියා. ඒ තමා 2013 අවුරුද්ද... 2012 ඉවර වෙන්නත් කලින් ඉදලා අපි 2013ට ලෑස්ති වුනා. මොකද 2013දි සාරාර්තයක් පැවැත්වෙන නිසා. සාරාර්ත කියන්නෙ අවුරුදු 4කට වතාවක් අපේ ඉස්කෝලෙන් සන්විධානය කරන ප්‍රදර්ශනයක්. ඒ කාලෙ ඉස්කෝලෙ හිටපු ලොකුම ළමයි විදිහට හොදම ප්‍රදර්ශන කුටිය තමන්ගෙ පන්තියෙන් හදන්නයි උසස් පෙළ පන්ති හැම එකකටම ඕනෙ වෙලා තිබුනේ. ඉතින් අපිත් ඉගෙන ගන්න එක අමතක කරලා සාරාර්ත ගැන හිතන්න පටන් ගත්තා.

මුලින්ම අපිට අදහසක් ඉදිරිපත් කරේ අපිට physics උගන්නපු සර්. සර් කිව්වෙ ඇපලෝ 11 යානය හදමු කියලා. ඒ අදහසට මුලින් හැමෝම කැමති වුනත් සැලසුම හදද්දි කාට කාටත් තේරුනා ඒක හිතන තරම් ලේසි වෙන්නෙ නෑ කියලා. ඉතින් ආයෙත් අපි තැන තැන සාකච්චා වට තියන තැනටම පත් වුනා. ඒ වෙලාවෙ තමයි අපිට බයෝ උගන්නපු  මැඩම්ට අදහසක් ආවෙ අපේ ඔසු උයන ගැන. ඔසු උයන කියන්නෙ ඇත්තටම කිව්වොත් තැනින් තැන ඔසු පැළ ටිකක් හිටවල තියන ලොකුම ලොකු කැලයක්. ඒ කැලේ ලස්සන කරල ලස්සනම ලස්සන උද්යානයක් කිරීමේ හීනයක් මැඩම්ට කාලෙක ඉදලම තිබුනා. ඉතින් අපිට ලැබෙන හැම off period එකකදිම ඔසු උයනට ගිහින් ගන වනාන්තරයක් උද්යානයක් කිරිමේ මූලික අඩිතාලම සකස් කරන්න කියල අපිට නියෝග ලැබුනා.... 

පන්ති කාමර ඇතුලෙ හිර වෙලා ඉදලා එපා වෙන නිසා මුලින් මුලින් නම් හැමෝම මැඩම් කිව්වත් නැතත් ඔසු උයනට යන්න පුරුදු වුනා. හැබැයි ඒ වැඩ කරන්න නම් නෙමෙයි. දිවුල් ගස් වලින් දිවුල් කඩන්න, අඹ ගස් වලින් අඹ කඩන්න වගේ වැඩ වලට. ඒ වගේම එතනින්ම ඇලකුත් ගලාගෙන යන නිසා අපිට ඇති තරම් විනෝද වෙන්න හැකියාවකුත් තිබුනා. ඒත් උදලු ගාන්න, ඔසු උයනෙ පාරවල් හදන්න, පොකුණු හදන්න වගේ බර වැඩ කරලියට ආවට පස්සෙ හැමෝම ඔසු උයන මඟ ඇරලා යන්න පටන් ගත්තා. ඒත් පන්තියෙ අනිත් ළමයින්ට වඩා මැඩම් අපිට සමීප නිසාත්, අපේ ගෙදරට අල්ලපු ගෙදර මැඩම් පදින්චි වෙලා හිටිය නිසාත්, මටයි තව යාලුවො 9දෙනෙක්ටයි ඔසු උයන අත් අරින්න බැරි උනා. ඉතින් ගෑනු ළමයි දහ දෙනෙක් තනියම අර කැලේ සුද්ද කරන්න පටන් ගත්ත.

ඔසු උයනෙන් කැඩිල ගිය යාලුවො සාරාර්තෙට හදවතක් හදන්න තීරනය කරල තිබුනා. අකමැත්තෙන් වුනත් ඒකෙන් අයින් වෙලා මැඩම්ට උදවු කරනව කියල අපි හිතාගත්තා.. එත් ටික දවසක් යද්දි අපිට ඔසු උයන ගැන ඇත්තටම ආදරේ හිතුනා. ඒ කොච්චරද කියනව නම් විවේක වෙලාවෙදි කෑම කන්නත් ඔසු උයනට ගියා, පුලුවන් හැම වෙලාවෙම ඒකට ගිහින් වැඩ කරා, class යන්නෙ නැතුව ඔසු උයනෙම හිටිය,  උදලු ගෑවා, රේක්ක වලින් කොල ඇද්දා, ඈතක ඉදන් ගඩොල් අරන් ඇවිත් පාරවල් හැදුවා, පොකුණක් හදල ඒකට මාලුත් දැම්මා... අන්තිමට අදුරගන්නත් බැරි තරම් හැමෝම කලු වෙලා. අත් වල කර ගැට දාලා. ගෙදර ගියාට කෙලින් ඉන්නවත් පණ නෑ. ඇදට වැටුන ගමන් නින්ද යනවා. ඒ කාලෙ ත්මයි අපිට තේරුණේ අමාරුම දේ මහපොලොවත් එක්ක හැප්පෙන එක කියලා. ඒ කොච්චර  මහන්සි වුනත් තාමත් ඔසු උයනෙ පේන්න තරම් වෙනසක් වෙලා තිබුනෙ නෑ. 

සාරාර්තෙට තිබුනෙ සති 3ක් වගේ කාලයක්. ඉස්කොලෙන් අපිව වැඩ කරන්න නිදහස් කරන්නෙ අන්තිම සති දෙක. ඉතින් පන්තියෙ අනිත් ලමයි ඇතුලට වෙලා හදවත ගැන කතා කරද්දි අපි ගිනි අව්වෙ ඔසු උයන ලස්සන කරන විදිහ ගැන කතා වුනා. මල් පැල හිටෙව්වට මල් පිපෙන්න කාලයක් නැති නිසා මල් ගස් පිටින් ගලවගෙන ඇවිත් හිටවන්න අපි තීරනේ කරා. එකට ගැලපෙනම කෙනෙක් අපි දහ දෙනා අතර හිටියා. ඒ තමයි ඉශාරා. එයා බර ඉසිලීමෙන් ගොල්ඩ් මෙඩල් ගත්තු කෙනෙක්. සාමාන්ය ලමයි හතරදෙනෙක් විතර එයා ලොකුයි. ඉතින් අපි ඉශාරවත් පෙරටු කරගෙන මල් පිපිල තියෙන ගස් හොයාගෙන ඉස්කෝලෙ පුරා සැරි සැරුවා. එතකොට තමයි දැක්කෙ රතු පාට මල්  පිපිලා තිබුන ලස්සන ගහක්. එත් ඒක තිබුනේ ඉස්කෝල අපිට තහන්ම් කලාපෙක. එ කියන්නෙ බලාන්ශ පන්ති පැත්තෙ. ඉතින් ඉස්කෝල ඉවර එනකම් ඉදලා හැමෝම ගියාද කියලා සැකහැර දැනගෙන අපි ගිය ගහ ගලවගෙන එන්න. 

ඒක අපිටත් වඩා උස වුනත් ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව අපි ගහ අදින්න ගත්තා. ඉශාර ගහ අදිනවා, අපි ඉශාරව අදිනවා. එක සැරෙටම ගහත් එක්කම ඉශාරා පිටිපස්සට වැටුනා. සූදානම් ශරීරෙන් හිටපු නිසා ඊට කලින් කොහෙට කොහෙට හරි පැන ගන්න අපිට පුලුවන් උනා.  ඒ මොනා වුනත් මුදුන් මුලත් එක්කම ලස්සනට ගහත් ගැලවිලා ඇවිත් තිබුනා. ඊට පස්සෙ ප්‍රශ්නෙ ආවෙ ගහ හිටවන එක ගැන. කොච්චර ලොකු වලත් කැපුවතේ ගහට ඒක මදි. අන්තිමට පිරිමි ලමයෙක් කතා කරගෙන ගහත් කොහොම හරි හිටවල දැම්මා.

මේ වෙද්දි අපි කොච්චර මහන්සි වෙලා තිබුනද කිව්වොත් අපිට ඔසු උයනත් එපා වෙලා තිබුනේ. ඉවසන්නම බැරි වුනේ දවස ගානෙ අක්කරයක් විතර වැටෙන තේක්ක කොල අතුගාන්න වෙන එක. ඒක අතුගාල ඉවර වෙද්දි දවසෙන් බාගයක්ම ගිහින් ඉවරයි. ඒක ගැන හිත හිත ඉද්දි තමයි මට මසුරන් වටින අදසක් ආවෙ, ඒ තමයි ඔසු උයන ගිනි තැබීම. එතකොට අතු ගාන්න ඕන නෑනෙ. කොල ටික පිච්චුනාම ගානට හදල ගන්න පුලුවන් වෙයි කියල මට හිතුනා. ඉතින් මම වගේම මෝඩ යාලුවො 9ත් ඒකට එක පයින් කැමති වුනා. පන්තියෙ පහන පත්තු කරන ගොනි පෙට්ටිය ගෙනැල්ලා වේලිල කුරුස් ගාලා පොඩි වෙන තේක්ක කැලේට ගිනි තියලා අපි පුන්චි කතාවක් පටන් ගත්තා. ඒ කතාව කොච්චර පුන්චිද කියටනවනම් අපි පියවි සිහියට ආවෙ මෙන්න ගිනි ගන්නවෝ කියලා අපේම යාලුවෙක් කෑගහන සද්දෙට...........

(ලියාගෙන යද්දි හිතුනා නීරසද කියලත්. ඒ නිසා ඉතුරු කොටස වෙන දවසක )

17 comments:

  1. ඔය පරණ මතක හැමෝට ම තියෙනවා.. ඕවා නීරස නැහැ... කොච්චර ලිව්වත් කියෙව්වත් මදි.... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. හරියට හරි පරන ඒවා රහයි

      Delete
    2. ස්තූතියි දෙන්නටම :)

      Delete
  2. Replies
    1. කිතුල් කිතුල්... :D අනිත් පෝස්ට් එක එනකම් ඉන්න වෙනවා.

      Delete
  3. හත්තිලව්වයි යකඩෝ අච්චර දවස් කට්ට කාල සුද්ද කරපු එකට ගිනි තිව්ව කීව.. හපොයි..
    අපරාදෙ
    ඉතුරු ටිකත් කීවනං ඉක්මණට

    ReplyDelete
    Replies
    1. ඉක්මන්ට කියන්නම්. චුට්ටක් ඉවසන්න වෙයි හැබැයි.

      Delete
  4. මම මේ ඇහුවමයි තමන්ම හදපු පැල ටිකකට ගිනිතියපු මාරදුතිකාවෝ ගැන... හඃ !

    මමත් ඉස්සර ඔය මඩේ ලගින වැඩ වලට හරි ආසයි. අදටත් මිදුලේ වැඩ, මල් වලට පොහොර දාන එක මම ආසාවෙන් කරන්නේ. එතකොට පුළුවන් මල් එක්ක කතාකරන්න. ඉස්සර ගෙදර එක එක විදියට ලෑන්ඩ්ස්කේප් කරනවා මම. දැන් නම් වෙලාව නැහැනේ. අදටත් මම එනකල් අම්ම ඉන්නවා සමහර පැල හිටවන්න.

    ඉතින් මොකද උනේ? මම හිතන්නේ කාන්තාරයක් වගේ එකක් ප්‍රදර්ශනේට ඉදිරිපත් කරන්න ඇති නේද කිසි ගේමක් නැතුව.. නැත්තම් මැඩම් දුන්නද උදලු කෙටියෙන්ම කට්ටියගේ ඔලුවලට, කරපු වැඩේට?

    ReplyDelete
    Replies
    1. නෑ ඊට වඩා වෙනස්ම දෙයක් වුනේ... ඊලඟ එක කියවන්නකෝ.....

      Delete
  5. තේක්ක වලටද කොහෙද නේද ගිණි තිබ්බම හොඳට හැදෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... හැබැයි හොදට ගිනි නම් ඇවිලුනා :(

      Delete
  6. හප්පා.. නියම වැඩක්නේ කට්ටිය එකතු වෙලා කරලා තියන්නේ. අපරාදේ ඔයාලට තිබ්බේ ප්‍රදර්ශනය දවසේ ගිනි තියන්නනේ.
    මේක කියවගෙන යනකොට මට මතක් උනා අපි දහම් පාසලේ 10 වසරේ ඉන්නකොට ලෝක ළමා දිනේට දහම් පාසලේ ප්‍රදර්ශනයට අපි ලැස්ති උන විදිය.
    හදන්න එකක් නැතුව (ඒ කාලේ අපි තමා දහම් පාසලේ සීනියර්ම ක්ලාස් එක) ඉන්නකොට එක එක්කෙනා එක එක අයිඩියා දැම්මා.
    අන්තිමට මත්පැන් නිවාරණය ගැන සම්පූර්ණ ප්‍රදර්ශන කුටියක් කළා.
    මේක නීරස නෑ. පාසල් කාලයේ අත්දැකීම් කියවන එක හිතට සතුටුයි. අත්දැකීම කාගේ උනත් මොකක් උනත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඟහරුවෝ..... ඔයාලගෙ ප්‍රදර්ශනේ ගැනත් ලියමුකෝ

      Delete
  7. හෙන මැට්ටියෝ සෙට් එකක්ලු....
    මමනෙවෙයි පාරේයන කෙනෙක් කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඔයාට ඒදන්ඩෙ යන්න බැරිලු
      මමනෙවෙයි පාරේයන කෙනෙක් කිව්වේ.

      Delete
  8. ගිණි තියන අදහස කියද්දි ඔයා, යාළුවොවත් එපා කිව්වෙ නැද්ද 'තාරකා'? සාමාන්‍යයෙන් හිතෙනවනෙ අප්ප මේක සේරම ගිනි තියල දාවි කියල.
    මං ඔයාගෙ අලුත් කියවන්නෙක්. රසයි තරු. දිගට ලියන්න සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලේ පාට හීන. දිගටම රැදිල ඉන්න මාත් එක්ක

      Delete