Monday, February 1, 2016

පොත් තබා මොහොතකට

පොත් තබා මොහොතකට
යමුද අපි ඇවිදින්න
පොතක නොවු බොහෝ දේ
හැකිවේවි කියවන්න

සීතලට එතීගෙන
යන සුළඟ විදගන්න
දිය පාර කපාගෙන
ඉරක් සේ පීනන්න
.
පිපී හිනැහී දිලෙන
මලක පෙති සිපගන්න
ඉපල් වූ තුරු පතක
සර සරය අහගන්න

මිමෝසා පත්‍රයක
රැදුනු පිනි දැකගන්න
වැලි පොළොව මත දැනෙන
මුදු සුවය විදගන්න

ලහිරු රැස් මැද එබෙන
දේදුන්න දැකගන්න
කුහුඹුවෙකු තණ පතක
ලියන කවි කියවන්න

පොත් තබා මොහොතකට
යමුද අපි ඇවිදින්න
පොතක නොවු බොහෝ දේ
හැකිවේවි කියවන්න.............




28 comments:

  1. ලස්සනයි. ලස්සනයි
    ඇවිද්දා ඇති පොත ගන්න :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩාක් හරි දැන් පොත අතේ

      Delete
  2. ස්තූතියි ඉයන් අන්කල්...

    ReplyDelete
  3. ලස්සනයි..දිගටම ලියන්න.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  4. මක්කටැයි මිමෝසා පත් කියන්නෙ
    මේ ඉසව්වෙ හොටෙල් මිමෝසා කියල එක්කුත් තියේ
    ගස් ජාතියක්ද

    ලස්සන කවිය... අත පොත ළග හත කවි ළග හිහි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිමෝසා කියන්නෙ නිදිකුම්බා වලට

      Delete
  5. ෂෙහ්...මාර ගති.....ගීතයකට මරු..

    ඔය උඩම ඉන්න මිස්ට ඉයන් චැපල්ගෙන් සුහදව ඉල්ලීමක් කලොත් තනුවක් එහෙම දාල ගායනා කරාවි....:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මම අහල බලන්නම්කෝ

      Delete
  6. මම නම් ගියාලු අද ඇවිදින්න. පරණ යාලුවෙකුත් හම්බුනාලු. යාලුවෙක් කිව්වට යාලුවෙක්මත් නෙවේ..

    ReplyDelete
  7. ඇත්ත, ජීවිතේ ඉගෙන ගන්න තියෙන හුඟක් දේවල් තියෙන්නේ පොත් වල නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද දිනේශ් අයියෙ ස්තූතියි ඔයාට

      Delete
  8. මේක නං සින්දුවකටම ලියපු එකක්.. ගුඩ්..

    ReplyDelete
  9. බොහොම ලස්සනයි ඇත්තටම. කෙටි වදන්... බොහොම ලස්ස්නයි...

    ReplyDelete
  10. අගෙයි..
    දැං ගනු පොත අතට..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  11. හරිම ලස්සනයි අන්ධකාර තාරකාව. මේ වගේ ඉඩ තියන වෙලාවට ඇවිත් යන්න එන්න. බලන් ඉන්නවා

    ReplyDelete
  12. පොත්වල තියෙන්නෙත් පරිසරයේ තියෙන දේවල්ම තමා ගොඩක්
    ලස්සනයි
    ජයවේ අතා!

    ReplyDelete