පොත් තබා මොහොතකට
යමුද අපි ඇවිදින්න
පොතක නොවු බොහෝ දේ
හැකිවේවි කියවන්න
සීතලට එතීගෙන
යන සුළඟ විදගන්න
දිය පාර කපාගෙන
ඉරක් සේ පීනන්න
.
පිපී හිනැහී දිලෙන
මලක පෙති සිපගන්න
ඉපල් වූ තුරු පතක
සර සරය අහගන්න
මිමෝසා පත්රයක
රැදුනු පිනි දැකගන්න
වැලි පොළොව මත දැනෙන
මුදු සුවය විදගන්න
ලහිරු රැස් මැද එබෙන
දේදුන්න දැකගන්න
කුහුඹුවෙකු තණ පතක
ලියන කවි කියවන්න
පොත් තබා මොහොතකට
යමුද අපි ඇවිදින්න
පොතක නොවු බොහෝ දේ
හැකිවේවි කියවන්න.............
යමුද අපි ඇවිදින්න
පොතක නොවු බොහෝ දේ
හැකිවේවි කියවන්න
සීතලට එතීගෙන
යන සුළඟ විදගන්න
දිය පාර කපාගෙන
ඉරක් සේ පීනන්න
.
පිපී හිනැහී දිලෙන
මලක පෙති සිපගන්න
ඉපල් වූ තුරු පතක
සර සරය අහගන්න
මිමෝසා පත්රයක
රැදුනු පිනි දැකගන්න
වැලි පොළොව මත දැනෙන
මුදු සුවය විදගන්න
ලහිරු රැස් මැද එබෙන
දේදුන්න දැකගන්න
කුහුඹුවෙකු තණ පතක
ලියන කවි කියවන්න
පොත් තබා මොහොතකට
යමුද අපි ඇවිදින්න
පොතක නොවු බොහෝ දේ
හැකිවේවි කියවන්න.............
ලස්සනයි. ලස්සනයි
ReplyDeleteඇවිද්දා ඇති පොත ගන්න :)
ස්තූතියි ගොඩාක් හරි දැන් පොත අතේ
Deleteස්තූතියි ඉයන් අන්කල්...
ReplyDeleteලස්සනයි.
ReplyDeleteස්තූතියි ඔයාට
Deleteලස්සනයි..දිගටම ලියන්න.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
ස්තූතියි ඔයාට
Deleteමක්කටැයි මිමෝසා පත් කියන්නෙ
ReplyDeleteමේ ඉසව්වෙ හොටෙල් මිමෝසා කියල එක්කුත් තියේ
ගස් ජාතියක්ද
ලස්සන කවිය... අත පොත ළග හත කවි ළග හිහි
ස්තූතියි මිමෝසා කියන්නෙ නිදිකුම්බා වලට
Deleteෂෙහ්...මාර ගති.....ගීතයකට මරු..
ReplyDeleteඔය උඩම ඉන්න මිස්ට ඉයන් චැපල්ගෙන් සුහදව ඉල්ලීමක් කලොත් තනුවක් එහෙම දාල ගායනා කරාවි....:)
ස්තූතියි මම අහල බලන්නම්කෝ
Deleteමම නම් ගියාලු අද ඇවිදින්න. පරණ යාලුවෙකුත් හම්බුනාලු. යාලුවෙක් කිව්වට යාලුවෙක්මත් නෙවේ..
ReplyDeleteස්තූතියි ඔයාට
Deleteපොත හිත ලඟ...හිත...?
ReplyDeleteඇය ලඟ, ඇය ඌ ලඟ..
Deleteස්තූතියි දෙන්නටම
Deleteඇත්ත, ජීවිතේ ඉගෙන ගන්න තියෙන හුඟක් දේවල් තියෙන්නේ පොත් වල නෙමෙයි.
ReplyDeleteඔව් නේද දිනේශ් අයියෙ ස්තූතියි ඔයාට
Deleteමේක නං සින්දුවකටම ලියපු එකක්.. ගුඩ්..
ReplyDeleteස්තූතියි ගොඩාක්
Deleteබොහොම ලස්සනයි ඇත්තටම. කෙටි වදන්... බොහොම ලස්ස්නයි...
ReplyDeleteස්තූතියි ගොඩාක්
Deleteඅගෙයි..
ReplyDeleteදැං ගනු පොත අතට..
ජ ය වේ වා !!!
හරි දැන් පොත අතේ.. :)
Deleteහරිම ලස්සනයි අන්ධකාර තාරකාව. මේ වගේ ඉඩ තියන වෙලාවට ඇවිත් යන්න එන්න. බලන් ඉන්නවා
ReplyDeleteස්තූතියි ගොඩාක්
Deleteපොත්වල තියෙන්නෙත් පරිසරයේ තියෙන දේවල්ම තමා ගොඩක්
ReplyDeleteලස්සනයි
ජයවේ අතා!
ස්තූතියි ගොඩාක්
ReplyDelete