Monday, February 29, 2016

ඒක තරු පිරුණ අහසක්............


ඒ ජනවාරි මාසෙ 24 වෙනිද.මම හිටියෙ යාපනේ.මට ඉහළින් තිබුණෙ තරු පිරුණු අහසක්.... පේන තෙක් මානයේම දකින්නට ලැබුනෙ ඈතින් ඈතට විහිදෙන තල් ගස් යායක සෙවණැළි . මීට වසර දහස් ගණනාවකට පෙරත් මේ සුන්දරත්වය මෙලෙසම දිස්වෙන්නැති. මේ අහස මේ විදිහටම තරු පිරිවරාගෙන ඉන්නැති.ඒත් ඊට යටින් තිබුණ මේ බිම් කඩ කොච්චර නම් වෙනස්වීම් වලට ලක් වුනාද? යුගයක් තිබුන හිත් වල ඇවිලුනු ගින්දරින් මේ තල් අරඹ ගිනි ගත්ත සහ කටු කම්ඹි, පවුරු ප්‍රාකාර වලින් ආදරය, සෙනෙහස,මනුෂ්‍යතයව සීමා කරපු.

මට නිතැනින්ම මතක් වුනේ රත්නශ්‍රී විජේසින්හයන්  විසින් රචිත ගුණදාස කපුගේ  විසින් ගායනා කළ ගීතයක් ඒ තමයි 'සින්හල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී'. ඒ ගීතය ලියවිලා තිබුණෙ LTTE  සන්විධානයේ හිටිය පොලිස්පතිවරයා සහ ඔහුගෙ සින්හල ජාතික පෙම්වතිය වෙනුවෙන්.දෙපාර්ශවයේම දෙමාපියන්ගෙ දැඩි අකමැත්ත මත විවාහ වෙන ඔවුන් යාපනේට පලා ඇවිත් LTTE  සන්විධානයට බැදිල ජීවත් වෙනව. උතුරු නැගෙනහිර තිබුණ යුද්දයෙන් මේ වන විට ඔවුන් දෙදෙනාම මියගොස් අවසන්. ඒත් රත්නශ්‍රී විජේසින්හයන්ගෙ පද පෙළ නිසා තවමත් වසර ගණනකට පසුත් ඔවුන් ජීවමානයි.

ඒ එක සිදුවීමක් විතරයි. මේ සුන්දර තල් අරඹ යට තවත් එවැනි කතා කොච්චරක් ඇතිද? ආදරය නිසා ඉපදුනු, ආදරයෙන් ජීවත් වුනු සහ ආදරයෙන්ම මියැදුනු කීදෙනෙක්ගෙ අවසන් සුසුම් පොද මේ වාතලයට මුසුවෙලා ඇත්ද..... ආදරෙත් හරිම පුදුමාකරයි. ජීවිතේ ජීවත් කරවනව වගේම ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තු ලබල දෙන්නෙත් ආදරේ විසින්. ආදරේ පිරුණු හැම හදවතක්ම මේ තරු පිරුණ අහස වගේම පිවිතුරු ඇති කියල මට හිතුන.

20 comments:

  1. ඔබ අපිට හිතන්න යමක් කියලා ගියා..
    ප්‍රේමයට ජාති ආගම් බේද නෑ.. ඔය සිංදුවට මං ගොඩක් කැමතියි. ගායකයා මිල්ටන් නෙවේද? මට ගායකයා හරියට නිච්චි නෑ..

    ReplyDelete
    Replies
    1. ම්හ් මිල්ටන් නෙමේ.. ගුනදාස කපුගේ තමයි. දෙන්නා පැටලුනා.

      Delete
    2. ස්තූතියි සිංහ ඒ සින්දුව කියන්නෙ ගුණදාස කපුගේ මහත්මයා

      Delete
  2. රත්න ශ්‍රී විජේසිංහයන්නේ ඒ වගේ ජීවමාණ මතකයක් පමනක් උන ශාන්තිනි සිංදුවත් ඇත්ත සිදුවීමකට රත්න ශ්‍රීයන් රචිත සින්දුවක්... කරුණාරත්න දිවුල්ගනයන් ගායනා කරන

    ReplyDelete
    Replies
    1. මම කලින් දැනන් හිටියෙ නෑ ඒක..... ස්තූතියි ඔයාට. ආයෙත් එන්න

      Delete
  3. දමිල කොල්ලෙක් අල්ලගත්තනම් ඒ සිංදුව කිය කියා ඉන්න තිබුණ. කල්පනා කරල බලන්න.

    ReplyDelete
    Replies
    1. සින්හල කොල්ලෙක් අල්ලගෙන ඉන්න හින්ද ලබන ආත්මෙට ඒක කල්දාන්න වෙයි ;)

      Delete
  4. උතුරින් එන දුම්රියේ,
    ශාන්තිනී තෙමා වැටී,
    කල්අඩි පාලම පාමුල,
    තේ කූඩය පිටේ බැඳන්,
    යාල්පානමෙන් පිපිච්ච,
    මරතොන්ඬිය රටා ඇඳී,
    තුමුල නමුණුකුල හිරිහිස,
    උතුරු කොනේ නුඹ හිනැහෙන්,
    කුණ්ඩුමනී........


    ජ ය වේව ා !!1

    ReplyDelete
    Replies
    1. ලස්සන අච්චාරුවක් විදානේ...... ඉයන් අන්කල්ට දුන්න නම් ලස්සනට කියයි ;)

      Delete
    2. ඉයන් අංකල් වගේ අංකල් කෙනෙක් ගිය සුමානේ මෙන්න මේටිකනං දෙඩුවා ඕං..

      විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ
      සඳ මතුපිට පියවර එසවෙන්නේ
      අප පමණද එක තැන කැරකෙන්නේ
      අප තනිකර ලෝකය දිව යන්නේ

      ආජු තපර ලාහිලා
      පීජි තපර ලාහිලා
      ආජු තපර පීජි තපර
      බිස්කු බිස්කු ලාහිලා

      Delete
    3. ඇත්තද? මට තේරුණේ නෑ හැබැයි වැඩිය

      Delete
  5. Replies
    1. වෙනිං මක්ක හරි දොඩහංකෝ...

      Delete
  6. ඒ දෙදෙනාගේ ලමයින්ට මොකද උනේ?

    ReplyDelete
  7. ඒක නම් මම දන්නෙත් නෑ :)

    ReplyDelete
  8. මුලින්ම මේ පෝස්ට් එකේ මාතෘකාව සහ උඩින්ම තිබ්බ ෆොටෝ එක දකිනකොට මම දුවගෙන ආවා අභ්‍යවකාශය, තරු ගැන, නැත්තම් පිටසක්වල ජීවීන් ගැන මොනවා හරි ලියවිලා ඇති කියලා. ඒත් කමක් නෑ. මේකටත් තියනවා මගේ ගාව කතාවක්.
    මට මේ ලඟදි හම්බුනා "පස්ස බල බලා ඉස්සරහට යාම" කියල පොතක්. එකෙත් මේ වගේම කතාවක් තියනවා. ඒ කතාවත් හරිම සංවේදී එකක්. එකෙත් පොලිස් නිලධාරියෙක් දමිළ තරුණියක් විවාහ කරගන්නවා. හැබැයි, ඒ කතාවේ අවසානය සංවේදී වෙන්නේ යුද්ධය නිසා නෙවේ. ඒ දෙන්නා අතර තියන බැඳීම නිසා.
    මම සාමාන්‍යයෙන් ආදර කතා කියවන්නේ නෑ. ඒත් මේ කතාව මම කියවපු ස්වල්පයෙන් හිතට වැදුණු කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඟහරුවා.. ඊළඟ පෝස්ට් එක නම් වෙනස් එකක් දාන්නම්

      Delete
  9. ආදරකතා හරි ලස්සනයි.ඒත් යුද්ධය හරිම කැතයි.ඒ නිසාම ගොඩක් ආදර කතා වලට ඉතිහාසයේ ලැබෙන්න තිබුන තැන ලැබුනේ නෑ.

    ReplyDelete