ඒ ජනවාරි මාසෙ 24 වෙනිද.මම හිටියෙ යාපනේ.මට ඉහළින් තිබුණෙ තරු පිරුණු අහසක්.... පේන තෙක් මානයේම දකින්නට ලැබුනෙ ඈතින් ඈතට විහිදෙන තල් ගස් යායක සෙවණැළි . මීට වසර දහස් ගණනාවකට පෙරත් මේ සුන්දරත්වය මෙලෙසම දිස්වෙන්නැති. මේ අහස මේ විදිහටම තරු පිරිවරාගෙන ඉන්නැති.ඒත් ඊට යටින් තිබුණ මේ බිම් කඩ කොච්චර නම් වෙනස්වීම් වලට ලක් වුනාද? යුගයක් තිබුන හිත් වල ඇවිලුනු ගින්දරින් මේ තල් අරඹ ගිනි ගත්ත සහ කටු කම්ඹි, පවුරු ප්‍රාකාර වලින් ආදරය, සෙනෙහස,මනුෂ්යතයව සීමා කරපු.
මට නිතැනින්ම මතක් වුනේ රත්නශ්‍රී විජේසින්හයන් විසින් රචිත ගුණදාස කපුගේ විසින් ගායනා කළ ගීතයක් ඒ තමයි 'සින්හල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී'. ඒ ගීතය ලියවිලා තිබුණෙ LTTE සන්විධානයේ හිටිය පොලිස්පතිවරයා සහ ඔහුගෙ සින්හල ජාතික පෙම්වතිය වෙනුවෙන්.දෙපාර්ශවයේම දෙමාපියන්ගෙ දැඩි අකමැත්ත මත විවාහ වෙන ඔවුන් යාපනේට පලා ඇවිත් LTTE සන්විධානයට බැදිල ජීවත් වෙනව. උතුරු නැගෙනහිර තිබුණ යුද්දයෙන් මේ වන විට ඔවුන් දෙදෙනාම මියගොස් අවසන්. ඒත් රත්නශ්‍රී විජේසින්හයන්ගෙ පද පෙළ නිසා තවමත් වසර ගණනකට පසුත් ඔවුන් ජීවමානයි.
ඒ එක සිදුවීමක් විතරයි. මේ සුන්දර තල් අරඹ යට තවත් එවැනි කතා කොච්චරක් ඇතිද? ආදරය නිසා ඉපදුනු, ආදරයෙන් ජීවත් වුනු සහ ආදරයෙන්ම මියැදුනු කීදෙනෙක්ගෙ අවසන් සුසුම් පොද මේ වාතලයට මුසුවෙලා ඇත්ද..... ආදරෙත් හරිම පුදුමාකරයි. ජීවිතේ ජීවත් කරවනව වගේම ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තු ලබල දෙන්නෙත් ආදරේ විසින්. ආදරේ පිරුණු හැම හදවතක්ම මේ තරු පිරුණ අහස වගේම පිවිතුරු ඇති කියල මට හිතුන.
ඔබ අපිට හිතන්න යමක් කියලා ගියා..
ReplyDeleteප්‍රේමයට ජාති ආගම් බේද නෑ.. ඔය සිංදුවට මං ගොඩක් කැමතියි. ගායකයා මිල්ටන් නෙවේද? මට ගායකයා හරියට නිච්චි නෑ..
ම්හ් මිල්ටන් නෙමේ.. ගුනදාස කපුගේ තමයි. දෙන්නා පැටලුනා.
Deleteස්තූතියි සිංහ ඒ සින්දුව කියන්නෙ ගුණදාස කපුගේ මහත්මයා
Deleteරත්න ශ්‍රී විජේසිංහයන්නේ ඒ වගේ ජීවමාණ මතකයක් පමනක් උන ශාන්තිනි සිංදුවත් ඇත්ත සිදුවීමකට රත්න ශ්‍රීයන් රචිත සින්දුවක්... කරුණාරත්න දිවුල්ගනයන් ගායනා කරන
ReplyDeleteමම කලින් දැනන් හිටියෙ නෑ ඒක..... ස්තූතියි ඔයාට. ආයෙත් එන්න
Deleteදමිල කොල්ලෙක් අල්ලගත්තනම් ඒ සිංදුව කිය කියා ඉන්න තිබුණ. කල්පනා කරල බලන්න.
ReplyDeleteසින්හල කොල්ලෙක් අල්ලගෙන ඉන්න හින්ද ලබන ආත්මෙට ඒක කල්දාන්න වෙයි ;)
Deleteඋතුරින් එන දුම්රියේ,
ReplyDeleteශාන්තිනී තෙමා වැටී,
කල්අඩි පාලම පාමුල,
තේ කූඩය පිටේ බැඳන්,
යාල්පානමෙන් පිපිච්ච,
මරතොන්ඬිය රටා ඇඳී,
තුමුල නමුණුකුල හිරිහිස,
උතුරු කොනේ නුඹ හිනැහෙන්,
කුණ්ඩුමනී........
ජ ය වේව ා !!1
ලස්සන අච්චාරුවක් විදානේ...... ඉයන් අන්කල්ට දුන්න නම් ලස්සනට කියයි ;)
Deleteඉයන් අංකල් වගේ අංකල් කෙනෙක් ගිය සුමානේ මෙන්න මේටිකනං දෙඩුවා ඕං..
Deleteවිදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ
සඳ මතුපිට පියවර එසවෙන්නේ
අප පමණද එක තැන කැරකෙන්නේ
අප තනිකර ලෝකය දිව යන්නේ
ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා
ඇත්තද? මට තේරුණේ නෑ හැබැයි වැඩිය
Deleteජයවේවා...
ReplyDeleteවෙනිං මක්ක හරි දොඩහංකෝ...
Deleteස්තූතියි කුරුටු
Deleteඒ දෙදෙනාගේ ලමයින්ට මොකද උනේ?
ReplyDeleteඒක නම් මම දන්නෙත් නෑ :)
ReplyDeleteමුලින්ම මේ පෝස්ට් එකේ මාතෘකාව සහ උඩින්ම තිබ්බ ෆොටෝ එක දකිනකොට මම දුවගෙන ආවා අභ්‍යවකාශය, තරු ගැන, නැත්තම් පිටසක්වල ජීවීන් ගැන මොනවා හරි ලියවිලා ඇති කියලා. ඒත් කමක් නෑ. මේකටත් තියනවා මගේ ගාව කතාවක්.
ReplyDeleteමට මේ ලඟදි හම්බුනා "පස්ස බල බලා ඉස්සරහට යාම" කියල පොතක්. එකෙත් මේ වගේම කතාවක් තියනවා. ඒ කතාවත් හරිම සංවේදී එකක්. එකෙත් පොලිස් නිලධාරියෙක් දමිළ තරුණියක් විවාහ කරගන්නවා. හැබැයි, ඒ කතාවේ අවසානය සංවේදී වෙන්නේ යුද්ධය නිසා නෙවේ. ඒ දෙන්නා අතර තියන බැඳීම නිසා.
මම සාමාන්‍යයෙන් ආදර කතා කියවන්නේ නෑ. ඒත් මේ කතාව මම කියවපු ස්වල්පයෙන් හිතට වැදුණු කතාවක්.
ස්තූතියි අඟහරුවා.. ඊළඟ පෝස්ට් එක නම් වෙනස් එකක් දාන්නම්
Deleteආදරකතා හරි ලස්සනයි.ඒත් යුද්ධය හරිම කැතයි.ඒ නිසාම ගොඩක් ආදර කතා වලට ඉතිහාසයේ ලැබෙන්න තිබුන තැන ලැබුනේ නෑ.
ReplyDeleteඒක නම් ඇත්ත කසුටු :(
Delete