Friday, December 25, 2015

ඇහැළ


කහ පාට ඇහැළ පෙති වස්සමින් මඟ දෙපස
වඩින මැයි මාසයක හැලෙන මල් නිම් නොමැත
මුදු රේණු අතුරමින් රටා මවනා අරුම
පියෙන් පිය තබා යමි නොපාගා මල් යහන

බිම වැටී මිලින වෙන හැම ඇහැළ මලකටම
කතාවක් ඇත් කිසිම දිනෙක අමතක නොවන
තුරු මුදුන මත රැදී හිරුට මදහස පෑව
වතාවක් ඇවිත් ගිය වසන්තේ දිනක් ගැන

හෙමි හෙමින් බිම වැටී අතීතය අවුලුවන
පිණි කඳුළු වැහි සලන මේ ඇහැළ මල් මිසක
අන් කිසිත් කියාවිද අතීතය සතු දිනක
වෙන්වෙලා දුරක ගිය සොඳුරු කවි සිතක් ගැන

හදවතේ මැද මිදුලෙ රිදුම් තැන් සඟවාන
ලොවම ලස්සන කරයි නොවෙද මේ මල් පැහැය
බිම වැටෙන හෙට පිපෙන සියලු මල් හා එක්ව
සිනාසෙන අපූරුව කහ පාට සලුව ඇඳ....

21 comments:



  1. කවි පෙල යටින් අපූරු කතන්දරයක් ගලා යන්නා සේ දැනේ......

    අගෙයි කවි පෙල...
    ජ ය වේ වා !!

    ReplyDelete
  2. කවි ටික වගේ ම අදහසත් අපූරුයි........... කවි හැකියාව අගය කරනවා ඔබේ....

    ReplyDelete
  3. ලස්සනයි කවි ටික.

    ReplyDelete
  4. අපූරුයි හැබැයි ඇහැළත් එක්ක සෑහෙන්න කතාවක් තියෙයි හිතුණ..
    ලස්සනයි කවිය අතා...
    ජයවේවා

    ReplyDelete
  5. ඔන්න එනවලු....
    (කවි පන්තිය ලස්සනයි.

    ReplyDelete
  6. බිම වැටී මිලින වෙන හැම ඇහැළ මලකටම
    කතාවක් ඇත් කිසිම දිනෙක අමතක නොවන
    තුරු මුදුන මත රැදී හිරුට මදහස පෑව
    වතාවක් ඇවිත් ගිය වසන්තේ දිනක් ගැන

    මේ වර්ස් එක හරිම අර්ථවත්. කවියේ මම කැමතිම කොටස

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියා......... ආයෙත් එන්න....

      Delete
  7. ඉස්සර ඉස්කෝලේ යනකාලේ පාසල්වත්තේ තිබුන ඇහැල ගස් මතක්වුනා.කොච්චර පාගන්නේ නැතුව ඉන්න හැදුවත් ඔය කාලෙට සපත්තුවේ අඩියේ ඇහැල මල් චුරු පැනලා.

    කවිය ලස්සනයි කතාව දුක වුනාට....

    පොඩ්ඩක් හිමිහිට මේ ටික පබ්ලිශ් කලොත් මොකද?සතියට 2ක් වගේ.මේ විදිහට එක්ස්ප්‍රස් යන්න ගියොත් සමහර ඒවා දකින්නෙත් නෑ.සන්වාදයකට යොමුවෙන්නෙත් නෑ.බ්ලොග් කියවන බහුතරයක් මේවා කියවන්නේ කාර්යයාලයේ වැඩ කරන අතරතුර.මෙහෙම වුනොත් අසාධාරනයක් වෙන්නේ ඔයාගේ කවි වලටමයි.

    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියා......... මම වේගෙ අඩු කරන්නම්කෝ....

      Delete
  8. බිම වැටුණු ඇහැල මල්පෙති සුළං රැළි සමඟ,
    කිම තවම එදා මෙන් අදත් මේ කරන දඟ,
    හිම පියලි පාවයනු බලා ඉමි ගලන ගඟ,
    නිම නොවන සෙනෙහසක සුවඳ තව මසිත ළඟ,

    හරිම ලස්සනයි...කාලෙකින් කියවපු අපූරු කවි පෙලක්..සුබ පැතුම් තාරකා…:)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තූතියි අයියා.... ඔයාගෙ කවියත් හරිම ලස්සනයි.ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  9. කතාවක් කියන කවියක්
    ලස්සනයි
    ජයවේ අ.තා!

    ReplyDelete
  10. ගොඩාක් ස්තූතියි අයියෙ

    ReplyDelete