Monday, December 28, 2015

කෑම සූත්‍ර................ :)


හැමෝම කියන්නෙ මේ ඉගෙන ගන්න වයස කියල. ඒ හින්ද වැඩි attention එක දෙන්න ඕන ඉගෙන ගන්න දේවල් වලටලු. ඒත් මට නම් හිතෙන්නෙ  A/L කාලෙ අපි වැඩිපුරම attention එක දුන්නෙ කෑම වලට කියල. මොකද ජීවිතේ පරදුවට තියල ඉගෙන ගත්තෙ නැති වුනාට අපි ජීවිතේ පරදුවට තියල කෑම කාල තියනව.

උදේ ඉස්කෝලෙ ගිය ගමන් අපි කරන්නෙ කන එක. ටිකක් හරි මැඩම් class එකට එන්න පරක්කු වුනොත් ඒ වෙලාවත් නිකන් ගෙවිල යන්න ඉඩ දෙන්නෙ නෑ. අහම්බෙන් වගේ off period එකක් හම්බුනොත් ඒකෙදිත් කනව. ඊලඟට interval එක ඒකෙදි ඉතින් කොහොමත් කනවනේ. interval එක. ඉවර වෙද්දි ගෙනාව කෑමත් ඔක්කොම ඉවරයි. ඊළඟට යන්නෙ canteen එකට. ඒ කාලෙ කොල්ලො විහිලුවට කියන්නෙ කෙල්ලො ඉස්කෝලෙ එන්නෙ කන්න විතරයි කියල. ටිකක් හිතල බැලුවම ඒ කතාවෙ පොඩි ඇත්තකුත් තියනවා.

උදේ period එකේ කන්න ගත්තොත් ආයෙ ඉතින් උගන්නනව බොරු. අන්තිමට ඉස්කෝලෙන්  කෑම කන්න කියල උදේට වෙනම වෙලාවක් දුන්නා. අපිට ඉතින් ඒත් මදිනෙ. Bio n p6 වගේ නෙමෙයි chem මැඩම් clz එකට එන වෙලාවක කකා හිටියොත් නම් ඉවරෙටම ඉවරයි . ඒ හින්ද chem period එකට කලින් නම් අපි කන්නෙ බැරිම වෙලාවක විතරයි. දවසක් එහෙම වෙලාවක කෑම කාල පන්ති නායිකාව ගිහින් අඬල දොඩල තමයි මැඩම්ව ආයෙ class එකට එක්කන් ආවෙ.

class ගියත් මේකමයි වෙන්නෙ. class එකට වඩා අපි ඉන්නෙ view dreams එකේ. 11.30 interval එක දෙනකම් නම් අමාරුවෙන් හරි ඉන්නව. ඊට පස්සෙ ගෙනාව කෑමත් කාල කෙලින්ම යන්නෙ view එකට. 12.30 වෙනකම් කාල ආයෙත් class එකට යන්න නම් හිතන්නෙවත් නෑ. එක්කො ගෙදර, නැත්නම් ඉතින් යාලුවෙක්ගෙ ගෙදර.

හැමදාම ඉතින් වෙන්නෙ ඔය දේ. exam එකට කෑම ගැන ලියන්න ආවනම් ඔන්න අපිට ලියන්න තිබ්බ පරීක්ශකවරුන්ට තරු විසික්වෙන්න

36 comments:

  1. අම්මපා විශය බාහිර ප්‍රශ්ණ අහනවානං අපිත් ගොඩ තමා......

    ReplyDelete
    Replies
    1. මචං විශය කියන්නේ මොකක්ද?

      Delete
    2. ඒක නම් ඇත්ත කුරුටු ගෑ ගී පවුර. ඒත් ඒ වගේ වාසනාවක් කොයින්ද අපිට.

      Delete
    3. @ විදානේ.

      විෂය කියන්නේ පාසල්වල උගන්වන විෂයන්...

      විශය කියන්නේ උඹලා වගේ උන්ට තියෙන විසේට.... තව මොනවත් දැන ගන්න ඔ්නේද?????

      Delete
    4. කුරුටු ගෑ ගී පවුර නම් ඉස්කෝලෙ කාලෙ හොදට ඉගෙනගෙන තියනව වගේ.. ;)

      Delete
    5. ඇට් කුරුටු..
      ඔබ විෂය නොදන්නා බව සක් සුදක් සේ පැහැදිලි විය..

      Delete
  2. ඔයාලා කාලා ආපහු පන්තියට ආවා...අපි එහෙම්ම ගෙදර ගියා!

    ReplyDelete
  3. හය්යෝ දැන් හැදෙන ළමයි, අපිනම් ඉන්ටවල් එකේදි විතරයි කෑවේ, ඊට කළින් හොරා කෑවා....

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්වල් එක එනකම් බලාගෙන ඉන්න එක තමා අමාරුම වැඩේ :(

      Delete
  4. කාල මරණං, අකාල මරණං, කියලා දෙකක් තියෙනවානේ.. මලත් කාලම මෙලොත් මැදෑ...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... ස්තූතියි ඔයාට

      Delete
    2. //මලත් කාලම මෙලොත් මැදෑ...//

      මේකේ තේරුම මොකක්ද විදානේ.......????

      Delete
    3. අසූචි අනුභව කොට මියගියත් සැපය යන්න මෙහි අරුත වේ ඇන්ටන් සිරෝ..

      Delete
  5. Bio නේද කරලා තියෙන්නේ...අපේ ස්කෝලවලනම් Bio කරණ කෙල්ලෝ තමයි නීට් එකට හිටියේ...
    ඇයි ඔයාලටම මෙහෙම උනේ...
    ඒක නෙමේ 31 හොද පෝස්ට් එකක් දාමු හොදේ...

    ReplyDelete
    Replies
    1. 31 පෝස්ට් එකක් දාන්න නෙමේ............ බ්ලොග් ලිවිල්ලත් නතර කරන්න වෙයි කියලයි මට නම් හිතෙන්නෙ :D

      Delete
    2. //Bio කරණ කෙල්ලෝ තමයි නීට් එකට හිටියේ...// :v

      Delete
  6. හම්මේ.... පුදුම කෑමක් නෙ කාලා තියෙන්නෙ. මම O/L කරන කාලෙ දවසක් පාඩමක් අස්සෙ ඉස්කෝලෙ ලයිට් ගියා. ලයිට් එනකොට මිස් මුලින්ම දැක්කෙ මොකද්ද? ළමයි ටික කොළ දිගෑරගෙන කෑම කනවා!

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙමම තමා. මැඩම් එන්න තත්පරයක් පරක්කු උනත් බත් එක දිග ඇරගන්න තමා බලන් ඉන්නෙ.

      Delete
  7. //මොකද ජීවිතේ පරදුවට තියල ඉගෙන ගත්තෙ නැති වුනාට අපි ජීවිතේ පරදුවට තියල කෑම කාල තියනව.//

    ඒ කතාවනම් ඇවිත් අමූලික ඇත්ත. හෙහ් හෙහ්.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම ඒ අත්දැකීම පොදුයි නේද දිනේශ් අයියා.

      Delete
  8. කන්න පුලුවන් කාලේ කන එක හොඳයි අපේ වයසට ආවම කන්න ඕන එකක් කන්න බැරි වෙනව එක එක හේතු නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.... වයස වැඩි වෙද්දි ලෙඩත් වැඩි වෙනවනෙ ;)

      Delete
  9. ඒකියන්නෙ මේ වෙද්දි අතා කියන්නෙ හෙම්ප බැරලයක්..
    හෙක් හෙක්
    (මං දන්නව දැං රිප්ලයි කොමෙන්ටුව
    පිස්සුද මෙයා.. කොච්චර කෑවත් අපි කටුස්සො වගේ මෙලෝ රහක් නෑ..

    අපි එනවැයි බලන්න හිහි)

    ReplyDelete
    Replies
    1. අනේ මම එහෙම කියන්නෙ නෑ. ඉස්කෝලෙ යන කාලෙ අපි හැමෝම මහතයි... දැන් නම් එච්චරටම නෑ :D

      Delete
  10. අපෝයි මට නම් ඒම වාසනාවක් ඇවිත් නෑ. AL කරද්දි පන්තියෙම ළමයි එකට කලින් කද්දි යාලුවයි මායි කන්නෙ නෑ. මට බයයි කාලා මාට්ටු වෙයි කියලා. එත් මන් කන් පුරා අහගන්නවා යාලුවගෙන් එයාට කන්නත් නැති එකට. CLS CUT කරල නම් නෑ ජීවිතේට. වැඩිය ළමයි ඉන්න පන්ති වලට නොයෑම හා ඉදිරි පෙල නියෝජනය ඒකට හේතුවක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඒ වසානාව කවදාවත් ආයෙ ගන්නත් බෑ. මොකද අපිට ආයෙ කවදාවත් ඉස්කෝලෙ යන්න වෙන්නත් නෑනෙ

      Delete
  11. A nice reflection, DSge pasugiya postu kihipayakma kiyewwa aluth kenek hatiyata rasawath widiyata poststu ediripath karala thiyanawa. but loku advice ekak diya yuthui kiyalanam hithenawa, habai eakata mamada sudusu kenaa kiyana ekai problem eka. mokada DS blog writer kenek una kaale thamai man blogs reader kenek une, enisa commentuwak daanneth depaarak hithala ...

    ReplyDelete
  12. Replies
    1. හුටා වැරදි තැනක වැරදි එකක් වැටුනේ

      ඉතීන් AL කරනකොට කනවට අමතරව වෙන වඩාත් කලාද ? මම නම් කළෙම නැද්ද කොහෙද? :P

      Delete
    2. අපි නම් කම්මැලි හිතෙන වෙලාවට වගේ වැඩ ටිකක් කරා... :D

      Delete
  13. හප්පෝ පුදුම කෑම කාරියෝ සෙට් එකක් නේ.. අපි කොල්ලෝ වෙලා අපිවත් ඔච්චර කෑවේ නෑ ඉස්කෝලේ කාලේ. උදේ ඇවිල්ල එක බත් එකක් කනවා වැඩිම උනොත්. ආය ෂෝට් ඉන්ටවල් ඒකෙ ගෙනාපු කෑම ටික කනවා, ලන්ච් ඒකෙ කැන්ටින් එකෙන් අරං කනවා. ඔච්චරයි.. බයේ සයන්ස් වගේ කරලා තියන්නේ.. මේ පාරද ලිව්වේ?

    ReplyDelete
    Replies
    1. කලින් සැරෙත් ලිව්වා. මේ දෙවෙනි සැරේ. කොල්ලො ඉස්කෝලෙ කාලෙ කෝටු වගේ ඉන්නෙ ඔය විදිහට කන නිසා තමයි. ආවට ස්තූතියි. ආයෙත් එන්න.

      Delete