පරිගණක තිරය මත
තාරුකා විසිරිච්ච
ට්‍රයිඩැක්ස් මල් සමඟ
තවත් මල් පීදිච්ච
මුහුණු පොත් පිටු පුරා
ආදරේ ඉතිරිච්ච
නුඹේ කවි හිත ගාව
පාළුවක් නොදැනිච්ච
හිරු ඇවිත් යන තුරුම
නිනව්වක් නැතිවෙච්ච
අපේ ලොව අපි දෙදෙන
විතරක්ම තනිවෙච්ච
ඔන්ලයින් ප්‍රේමයක
අපේ හිත් පැටලිච්ච
දිනපොතකි මුහුණු පොත
මකරන්ද ඉහිරිච්ච
කවි ලකර කඳුළු වී
දෙනෙත් අග දැවටිච්ච
මරණීය සීතලක
උණුහුමෙන් මියැදච්ච
විදුලියක වේගයෙන්
හදවතම නැවතිච්ච
කවියකින් මුණගැහී
කවියෙනම වෙන්වෙච්ච
ඉකි ගගහ අඩ අඩා
මගේ හිත වැලපිච්ච
කවි හිතක් විතරක්ම
දී ඔයා නික්මෙච්ච
කවුරුවත් නැති ලොවක
සිතින් මා තනිවෙච්ච
දින පොතකි මුහුණු පොත
පිටු කැඩී විසිරෙච්ච......
Tuesday, August 16, 2016
Saturday, August 13, 2016
වසන්තය වඩින තුරු
අතු පතර විහිදගත්
රූස්ස ගසක් පාමුළ
මා මඟ බලා සිටියා
සුළඟට හසුව රෙබරෝසි මල්
සිය දහස් වාරයක්
බිම වැටී මියයමින් තිබුණා
මිමෝසා පත්‍ර වල කොළ පැහැය
මගෙම කඳුළින්...
සේදී දියව ගොස් තිබුණා
පිපෙන්නට වැර දරන ඇහැළ මල්
නොපිපීම පරව ගොස් තිබුණා
මගේ දුක අසමින්ම
විලෝ පත් වැළපෙමින් සිටියා
අවරගිර අහසේ..
සහසකර බැසයමින් තිබුණා
මා හදෙහි රුධිරයෙන්
මේකුළු පවා
රත්පැහැ ගැන්ව තිබුණා..
අව් වැසි සුළි සුළන්
විටින් විට හමා ගොස් තිබුණා
ගිමන් කල පමණක්
සියොළඟම දැවටෙමින් සිටියා
දස දහස් වාරයක්
හිරු සඳු නැගී නුඹ ගැබ
නැවත බැසගොස් තිබුණා
පැයෙන් පැය දිනෙන් දින
කල්ප සුවහස් කළක්
නොදැනීම නික්ම ගොස් තිබුණා..
නොලියවුන කවියක්
ඉකිබිඳ හඬනු ඇසුනා
රූස්ස ගසක් පාමුළ
ගල් බන්කුවක හිඳගෙන
වසන්තය වඩින තුරු
මා මඟ බලා සිටියා...
Subscribe to:
Posts (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...

-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
දහසක් හේතු තිබුණත් පියඹන්න බැදීමක් අත් හැර දරාගන්නට වෙනවා සවන් අග සරන රුදු විස්තර තේරුමක් නෑ තමයි අහේතුක කඳුළු වැල් වත්කර දුකම ඇති තැන්වලත...
-
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...