Saturday, May 14, 2016

විසල්, මම තනියම


වැහි බින්දු වැටෙන ලා අදුරක
තනිවෙලා විලෝ පත් සෙවණක
හිදින විට අතීතේ මතකෙක
සිහිවෙනව මට නුඹව නිතරම.          

ජීවිතේ සොදුරුතම යුගයක
ආදරෙන් අපි ගෙතුව සෙනෙහස
විසිරිලා ගිහින් දුර ඈතක
විසල් අද මම මෙතන තනියම.       

නිමක් නැති වේදනා දුක් ලග
ඉකි ගගහ අඩ අඩා වැලපුන,     
හිතත් දැන් හුරුවෙලා හොදටම
හදවතම වෙලාගත් අදුරට

මේ වගෙම වැසි වැටුන හවසක
වෙන් උනත් නුඹ මගෙන් සදහට
තාම මග බලන් ඉමි නිසලව
විසල් නුඹ ඒවි යැයි දවසක.


21 comments:

  1. සරල සුන්දර පද පේලියක්...

    ReplyDelete
  2. ලස්සනයි... ඟ, ඬ, ඳු, වගේ අකුරු නිවැරදිව යොදන්න උනන්දු වුණා නම් කියවන්න ලේසියි :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර ආයෙ ලියද්දි ඒ ගැනත් උනන්දු වෙන්නම්කෝ

      Delete
  3. විසල් නුඹ ඒවි යැයි තනියම..

    ලස්සනයි ^_^
    මගේ නම තමා හැබැයි විසල් :p

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසල් මම හිතුවෙ ඔයා අමා කියලනේ

      Delete
  4. අදහසත් නියමයි අකුරුත් ගැලපෙනවා. විශේෂයෙන් අද වගේ වහින දවසකට. මට මේ කවි ටික කියවනකොට අපි 2008 සාමාන්‍ය පෙළ විභාගයට ඉගෙනගත්ත H.M කුඩලිගම මහතාගේ "වැස්ස" පද්‍ය පන්තිය මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඟහරුවෝ... මටත් ඒක මතක් වුනා

      Delete
  5. මෙහෙමයි, මඟ බලාගෙන ඉදිම වේදනාවක් වගේම දවසක පසුතැවෙන්න ඉඩ තියෙන කාරණාවක්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.ස්තූතියි දිනෙශ් අය්යා. මේ පැත්තෙ ආවට

      Delete
  6. ඒකත් ඇත්ත අපි වැස්ස වැස්ස කියලා දුක් වුණාට ඔය වැස්ස දවස් වල පරණ මතකත් එළියට එනවා නොවැ..... කොහොමත් වැස්සට ගුලි වෙලා නිදාගෙන ඉද්දි එක එක ඒවා මතක් වෙනවා නේද???????? 

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුටු... ඒක අපි හැමෝටම පොදු අත්දැකීමක්.. ස්තූතියි ඔයාටත්

      Delete
  7. අපූරු පද සංකලනයක්

    ReplyDelete
  8. හද කලඹවන සොඳුරු පද පෙළක් ...

    ReplyDelete
  9. Replies
    1. කොල්ල "විසල්" එහෙනං. අපිත් එක්කත් හිටිය විසල් කියල නසරාණියෙක්. පස්සෙ කාලෙක විසල් ෆර්නැන්ඩෝ කියල බයික් රේස් පැදලා බොහොම පුරසිද්ද උනා. ඌ නෙවෙයි වෙන්ටැති... හෙහ් හෙහ්.. ජයවේවා.. ලස්සන කවි පද..

      Delete
    2. විසල් කියල දැම්මෙ කවියට ගැලපෙනව කියල හිතුන නිසා....... ස්තූතියි ඔයාටත්

      Delete
  10. / විසල් නුඹ ඒවි යැයි දවසක. /

    හරි හරි කොල්ල හෙණ මහතයි නේද?

    ReplyDelete