Tuesday, May 10, 2016

ස්නේහයෙන් සිත ගයයි


සොඳුරු යටගියාවක
මතකයන් සඟවමින්
හද විලේ පිපුණු මල්
සීරුවට ගලවමින්
රිද්ම් දුන් තැන් සොයා
නව පැතුම් අතුරමින්
ස්නේහයෙන් සිත ගයයි
ආයෙමත් ආදරෙන්.........

කඳුළකින් බොඳව ගිය
යුගය දෙස නොබලමින්
ගෙවී ගිය අතීතය
සිහිනයක තවරමින්
නුඹ වෙන්ව ගිය අයුරු
යළි යළිත් නොසිතමින්
ස්නේහයෙන් සිත ගයයි
ආයෙමත් ආදරෙන්......

ඉකිබින්ද හදවතට
සිනාවක් කැන්දමින්
පිණි වැටුණු නෙළුමක්ව
පිපෙන්නට සිත් දෙමින්
හමා යන මදනළක
සැහැල්ලුව ගෙන දෙමින්
ස්නේහයෙන් සිත ගයයි 
ආයෙමත් ආදරෙන්...........

27 comments:

  1. ජීවිතය අරඹමුව
    අතර මං වූ තැනින්..!

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මාත් මේ හිතුවෙ වර්ශා. ස්තූතියි මේ පැත්තෙ ආවට

      Delete
  2. නැවතුන තැනින් පටන්ගන්නම වෙනවා දවසක, කොච්චර පරක්කුවෙලා හරි....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත කසුටු. ස්තූතියි ඔයාට

      Delete
  3. නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ...සිංදුව මතක් වුනේ ඇයි මට ?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන ඒවා උඹ හිතන්න එපා..

      Delete
    2. ඒක නම් මම දැන්නෙ නෑ ඉවාන්........... මොනාවුනත් ස්තූතියි කිව්ව ඔන්න

      Delete
  4. සුන්දරයි................ ටික දවසක් පේන්න හිටියේ නැත්තේ?????????

    ReplyDelete
    Replies
    1. ලොග් වෙන්න විදිහක් නෑ... ඒකයි. අගෝස්තු වලින් පස්සෙ නම් දිගටම ලියන්න හිතන් ඉන්නෙ

      Delete
  5. මටත් එක සැරේම ඔලුවට ආවෙ ආත්මාගෙ සින්දුව.. ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ආදරෙන් පිළිගන්නව ඔයාව

      Delete
  6. කවි පෙළ බොහොම අපූරුයි... ඔය විදියට හිතන්න පුළුවන් නම් එකත් ලොකු දෙයක් නෙව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ලියන්න පුලුවන් උනාට පිලිපදින්න තමයි අමාරු

      Delete
  7. අපුරුයි.ආයෙමත් ආදරෙන්, ඔය ටික නැතිවනේ ගොඩක් ඇය දුක් විදින්නේ. මටත් ආත්මාගේ සින්දුව මතක් උනා.

    ReplyDelete
  8. මටත් මතක් උනේ ආත්මගෙ සිංදුව තමයි...

    ///ස්නේහයෙන් සිත ගයයි 
    ආයෙමත් ආදරෙන්........... //

    අපූරුයි..

    ReplyDelete
    Replies
    1. අනේ හැමෝටම මතක් වෙලා තියෙන්නෙ සින්දුවනෙ :(

      Delete
  9. මේ අය කියන විදියට ඔයා ආත්මගේ නෑයෙක්ද? හැක්

    ReplyDelete
  10. අර උඩින් කියල තියනවා වගේ, ආත්මගේ කවුරුහරිද කියල තමා මටත් අහන්න හිතුනේ. කාලෙකින් දැක්කේ.

    ReplyDelete
  11. හරිම ලස්සනයි තාරකාවි..

    ඇත්තටම ජීවිතේ නැවතිච්ච තැනින් පටන් ගන්න පුලුවන් නම් වටිනවා. සුභ පතනවා මේ පද පෙළ වගේම ලස්සනට ආයෙත් ආදරෙන් ඉන්න හැමදාම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදහසේ නවාතැන ආදරෙන් පිලිගන්න ඔයාව

      Delete
  12. ආයෙමත් ආදරෙන් ගයන ගැයුම් සුන්දරම වේවා.

    ReplyDelete