සඳුදා
උදෙන්ම බස්ටෑන්ඩ් එකට ගියෙ ඉක්මන්ට ක්ලාස් එකට යන්න හිතාගෙන.
එතකොටයි ඇහුණෙ මල්ලිලා තුන්දෙනෙක් අහිමිවුණ ලෝක කුසලානෙ ගැන සමාලෝචනයක් කරනව. මැච් එක පරාද වෙලා ගොඩක් දවස් වුණාට තාම හිතේ දුක අඩුවෙලා නෑ වගේ.ඈතින් ගාට ගාට සෙනඟ පුරෝගෙන රතු පාට CTB බස් එක එනව පෙනුනා. සෙනඟ අතරින් බස් එකට රින්ගන්න හදද්දි මට හිතුණෙ දැන් අවුරුදු ගානක ඉදන් අපිට අපේ නොවන අපේම ලෝක කුසලානයක් තිබුණ නේද කියලා.
එතකොටයි ඇහුණෙ මල්ලිලා තුන්දෙනෙක් අහිමිවුණ ලෝක කුසලානෙ ගැන සමාලෝචනයක් කරනව. මැච් එක පරාද වෙලා ගොඩක් දවස් වුණාට තාම හිතේ දුක අඩුවෙලා නෑ වගේ.ඈතින් ගාට ගාට සෙනඟ පුරෝගෙන රතු පාට CTB බස් එක එනව පෙනුනා. සෙනඟ අතරින් බස් එකට රින්ගන්න හදද්දි මට හිතුණෙ දැන් අවුරුදු ගානක ඉදන් අපිට අපේ නොවන අපේම ලෝක කුසලානයක් තිබුණ නේද කියලා.
බදාදා
පමෝද්යා අලුත් කියුටෙක්ස් එකක් අරගෙන. ලාවට දිස්නයක් තියෙන ලා දම් පාට එයාගෙ හීනි ඇගිලි වලට ලස්සන්ට මැච් වෙලා තිබුණා. නියපොතු හපන පුරුද්ද අද ඉදලවත් නතර කරන්න ඕන කියල හැමදාම වගේ හිතුවත් තාපය ගණන් ටික හදල ඉවර වෙද්දි පුරුදු විදිහටම ලාවට මතුවෙලා තිබුණු සුදු පාට නියපොතු අගිසි අතුරුදහන් වෙලා තිබුණ.
බ්රහස්පතින්දා
දිනපොත අරන් ඇදට ආවෙ දවස් ගාණක ඉදල හිතට ඇවිත් තිබුණු කවියක් ලියන්න කියලා හිතාගෙන. ඒත් සුදු පාට කඩදාසියක් වගේ හදවතම හිස් වෙලා. කොච්චර උත්සහ කරත් හිත ඇතුළෙ හිරවෙලා වගෙ තියෙන අදහස් එළියට ආවෙ නෑ. ඇත්තටම කවි සිත පවක්ද?
සෙනසුරාදා
අද නිවාඩු දවසක් වුණත් උදෙන්ම නැගිටින්න වුණේ සමාලිත් එක්ක පාඩම් කරන්න ලයිබ්රි එකට යන්න පොරොන්දු වෙලා හිටිය නිසා. පොත් කඳු වලින් වටවෙච්ච හෝල් එකට වෙලා හැමෝම තම තමන්ගෙ ඉස්සරහ තියෙන පොත් දිහා ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නව. මන් සමාලි දිහා බැලුවා. එයත් දැහැනට සමවැදිල වගේ පොත දිහා බලන් ඉන්නව. පැයක් විතර අමාරුවෙන් ඉදගෙන ඉදලා සමාලිට බොරුවක් කියලා මන් එලියට ආවෙ එහෙම හිතේ නිදහසක් නැතුව පාඩම් කරන කිසි දෙයක් ඔලුවට යනවද කියල හිත හිතා.
ඉරිදා
cv එකක් ඊමේල් කරන්න සිග්නල් නෑ කිය කියා අයියා ලැප් එක අරන් ගේ වටේ ඇවිදිනවා. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා එයාට කිව්වට මොකද වෙනදට fb ලොග් වෙන්න සිග්නල් නැතුව මන් විදින දුක මට මතක් වුණා.
Aadaraneeya sahodari,
ReplyDeleteA/L result madi bawa ganagaththa.
athiwena hageema thwrum ganna puluwan,
eaya kanagaatuwak...
baahira hama deekinma ewath welaa egeneeme katayutu saarthaka karaganna muulikathwaya denna.
me ahimiwana kaalaya aaye kawadaawath ganna baha.
apita awasya pramaanayata egena noganeeme paaduwa danata wadaa pasuwata danenawa.
kaalaya uparima yodhawa aramuna jaya ganna.
obata jaya....
sthoothyi :)
Deleteඅ තා, ටිකක් කනගාටුවෙන් ලියැවුනු දිනපොතක් වගේ දැනෙන්නෙ.
ReplyDeleteඔව් කසුන්... :(
Deleteනියපොතු හපන පුරුද්ද අද ඉදලවත් නතර කරන්න ඕන කියල හැමදාම වගේ හිතුවත් තාපය ගණන් ටික හදල ඉවර වෙද්දි පුරුදු විදිහටම ලාවට මතුවෙලා තිබුණු සුදු පාට නියපොතු අගිසි අතුරුදහන් වෙලා තිබුණ.
ReplyDeleteතාපය ගණන් නොහැදුවත් මොකක් හරි වැඩක් ඉවර වෙද්දි මගේ නියපොතු ටිකත් අතුරුදහන් වෙලා. මොනා වෙනවද කියලා දෙයියො තමා දන්නෙ :p
පුරුදු වුණ අයට ඒක නවත්තගන්න හරිම අමාරුයි නේද
Deleteකෝ අතා කවි?
ReplyDeleteකවි දැන් ඉවර වෙලා වගේ වර්ණ
Deleteඅඟහරුවාදයි සිකුරාදයි වෙච්ච දේවල් අපිට කියන්න බැරිලු, කෙම්මුර දවස්නෙ :)
ReplyDeleteඅඟහරුවාදා - අනුරගේ දවසයි..
Deleteසිකුරාදා නම් - සිරිමගේ දවසයි..
මං හිතන්නේ හාල් පොලු මිරිස් පොලු ගැන දන්න ඔබතුමා හොදටෝම දන්නවා ඇති හැක් හැක්
සමහර දවස් වල ඩයරි ලියන්න අමතක වෙනවනෙ.. ඒකයි හේතුව :)
Deleteමල මගුලයි...
ReplyDelete"ඩොලියගේ ඩයරිය" මතක් උනා...
-මං හිතන්නේ පෝස්ට් වලට වඩා උ/පෙ ගැන හිතුවනං හරි=
ජ ය වේ වා ර්!!!!
ඒ ගැන හිතන්නත් ඕනෙ තමා... :)
Deleteඅහිමි උන ලෝක කුසලානයක් ගැන කතා කරනවා කිවුවේ, බොලේ මේක කොයි කාලේ ඩයිරියක පිටුවක්ද ඈ?
ReplyDeleteගොඩාක් පරණ දින පොතක් දිනේශ් අයියා :)
Deleteමගේ දිනපොතෙන් සතියක් මෙතන ලිව්වොත් නම් මාව හොයාගෙන හෙට අංගොඩ හොස්පිටල් එකෙන් එනවා කතා දෙකක් නෑ. මෙන්න එක දවසක පිටුවක්-
ReplyDeleteඅද උදේ 236 (W3- 665) නුවර ගියා. අද වෙලාවට ගියා. ක්ලාස් තිබ්බා. හවස් වරුවේ ප්රැක්ටිකල් එකක් කරා. අද Op- amps. අවුලක් නැතුව ගොඩ දාගත්තා. හවස අන්තිම විනාඩියේ 23 (W3- 667) අල්ලගත්තා. සීට් නැති නිසා ෆුට් බෝඩ් ආවා. පේරාදෙණියේදී බල්ලෙක් වැදුනා. හවස එද්දී ලයිට් නෑ. ෆෝන් එකෙන් Lord of the Rings බැලුවා. අද කලුවරේම කෑවා. මොන මගුලක් කෑවද දන්නේ නෑ. අද රුපියල් 200ක් ඉතුරු කරගත්තා. එන සතියේ ෆෝන් එක ගන්න පුළුවන් වෙයි..
අවුරුද්ද මොකද්ද කියලා අහන්න එපා.
බයි ද වේ, මේ පෝස්ට් එක තුන් පාරක් අප්ඩේට් වෙලා තිබ්බා. ඒක පොඩ්ඩක් බලන්න.
නරකම නෑ අඟහරුවා... ඔයාගෙ ඩයරියත් මරු.. :) (y)
Delete