Thursday, March 3, 2016

ගංඟාව ගලායයි අදත් පෙර වාගේම....


ගං ඉවුර ලඟ පිපුණ සුදු පාට පුන්චි මල
පෙති එකින් එක පුදති ගලා යන ගං දියට
ඒත් ඒ ගැන කිසිඳු නිනව්වක් නැති ලෙසට
ගංඟාව ගලායයි අදත් පෙර වාගේම

කේතකී පඳුරු දෙන ඉඟි රහස් නොතකාම
පුංචි මල සොයන්නේ ගං දියේ මදහාස
මල් නෙතේ රැදි කැල්ම නොම දුටුව විලසින්ම
ගංඟාව ගලා යයි අදත් පෙර වාගේම

ඒත් ගං දිය සුළිය රිදුරු වූ ඇසිල්ලක
මලක මළඟම නිමව අනෙක් මල් දරදඬුව
ආයෙමත් උදෑසන කිසිත් නොවුනා විලස
ගලනු ඇත ගංඟාව හෙටත් මේ වාගේම.....

13 comments:

  1. ලස්සනයි... සුන්දරයි..... අගෙයි

    ReplyDelete
  2. මොනවද මම කියන්නේ මේකට..

    ReplyDelete
  3. ගොඩාරියක් ලස්සනයි .....

    ReplyDelete
  4. කවිය මිහිරියි...

    පුංචි මල පුදති කිව්වම ව්‍යාකරණ වැරැද්දක් එනවා නේද..))

    ReplyDelete
    Replies
    1. ඔව්..... ඒක පුදයි කියල නිවැරදි වෙන්න ඕනෙ. ස්තූතියි

      Delete
  5. ගලන ගඟට මල්පෙත්තක හැඩ බලන්න ඉස්පාසුවක් නෑ කවදාවත්ම....
    නියමයි....

    කේතකී කියන වචනේ තේරුම මොකද්ද?

    ReplyDelete
    Replies
    1. කේතකී පඳුරු කියන්නෙ උණ පදුරු වලට.. ස්තූතියි

      Delete
  6. ජ ය වේ වා !!!

    ලසස්සනයි ඈ...

    ReplyDelete
  7. හරිම ලස්සනයි…

    PS - සුළු නිවැරදිකීරිම් කීපයක්..ගංගාව, රුදුරු සහ මලගම විය යුතුයි.

    ReplyDelete