Thursday, March 31, 2016

ඔසු උයනට සමුදීම ( සාරාර්ත 2)


එදා නතර කරපු තැනිනුයි අද පටන් ගන්නෙ. ඒ කියන්නෙ ඔසු උයනට ගිනි තියපු තැනින්...

ඔන්න ඉතින් අපේ කතාව අතරතුර යාලුවෙක් කෑ ගැහුවා මෙන්න ගිනි ගන්නවා කියලා. ඒත් එක්කම අපිට පෙනුනේ හුලඟට ඒ මේ අත වැනි වැනී තේක්ක ගස් වල උඩ තියන අතුත් අල්ලගන්න හදන ලොකුම ලොකු ගිනි ගොඩක්. ඇත්තටම උන් හිටි තැනත් අමතක වුනා කියල කිව්වොත් වැරදි නෑ. මුලින්ම අපිට අමතක වුනා අපි දැන් මොකද කරන්නෙ කියලා. ඉතින් හැමෝම තමන්ට හිතුනු හිතුනු  දිහාවකට දුවන්න පටන් ගත්තා... ඒ අතරෙ එක එක්කෙනා ඇඟේ  හැප්පිලා වැටෙන්නත් ගත්තා. මිනිත්තු දෙක තුනකට පස්සෙ හැමෝටම මීටර් වෙන්න ගත්තා මේ ගින්න කෝම හරි නිවන්න ඕනෙ කියලා. ඉස්කෝලෙ පොදු දේපලනේ. පන්ති තහනමකට ලක් වෙන්නත් බැරි නෑ. 

ඉතින් හැමෝම වතුර ගන්න ටැප් එක ලගට දිව්වා. ඒත් ටැප් එකෙන් වතුර ආවට වතුර දාගෙන යන්න බාස්කට් එකක් වත් නෑ. හීනෙකින්වත් මෙහෙම දෙයක් හිතුවෙ නැති නිසා පෙර සූදානමක් තිබුනෙත් නෑ. එතකොට තමයි දෙවියො බලල වගේ මල් ගස් වලට වතුර දාන්න කියල පරිසර විද්යාගාරෙන් ඉල්ලගෙන ආපු මල් බාල්දි දෙක විරාජමානව වැඩහිදිනව දැක්කෙ. ඉතින් ලැවු ගින්නකට පොද වැස්සක් ඉහිනව වගේ අපි ගින්න නිවන්න ගත්තා... අපේ ගිනි නිවීම කෙසේවෙතත් ඔක්කොටම ගිනි ඇවිලුනාට පස්සෙ ගින්න ඉබේම නැවතුනා. සාරාර්තෙට තිබුනෙ සති 3කටත් අඩු කාලයක්. මොනවකරත් ඔසු උයන ආයෙ ගොඩ ගන්න බෑ කියල නම් අපි හැමෝටම ඒ වෙද්දි තේරිලා තිබුනේ.

ගෙදර යන්නවත් හිතක් නැතුව දවසම ඔසු උයනට වෙලා අපි කල්පනා කරේ මැඩම්ට මොනාද හෙට කියන්නෙ කියලා. අන්තිමට හිතල හිතලා මුල ඉදන් වුන හැමදෙයක්ම මැඩම්ටත් කියනව කියලා හිතාගෙන අපි සතුටින් විසිර ගියා. සතුටින් විසිර ගිය කිව්වට කාටවත් එදා රෑ නින්ද ගිහින් තිබුනෙ නම් නෑ.

ඔන්න ඉතින් පහුවදා උදේමත් අපි ගියෙ ඔසු උයනට.ඒක හරියට කලින්දා රෑ බෝම්බයක් ගහපු සොහොන් පිටියක් වගේ දැකුම් දසුනක්. හැමතැනම විසිරෙන අලු, කලු පාට වුන ගස් වල කදන්, සොහොන් කොතක් විතරයි අඩු වෙලා තිබුනේ. ඉතින් අපි හැමෝම බිම බලාගෙන ගියේ බයෝ ලැබ් එකට මැඩම්ව හම්බෙන්න. ගිනි තියන්න අදහස දුන්නෙ මම නිසා පෝලිමේ ඉස්සරහින්ම ඉන්න සිදු වුනෙත් මට. ඔසු උයන හදන්න පටන් ගත්තු දවසෙ ඉදලම කියන්න හිතාගෙන ගියත් මට කියවුනේ වෙනස්ම දෙයක්. ' මැඩම් අපි ඔසු උයන අත් ඇරලා අපිත් හදවත හදන්න එකතු වෙමුද' කියල. ඒක කිව්ව්ම මැඩම්ගෙ ඇස් දෙක නලලට යයි කියලා අපිට හිතුනත් මැඩම් කරේ හිනාවෙන එක. 

'අනේ පුතේ මාත් ඔයාලට ඕක කියන්නමයි හිටියෙ. ඒත් ඔයලා හරිම ආසවෙන් ඒකෙ වැඩ කරපු නිසා මටත් කියාගන්න බැරුව හිටියෙ' කියලා කියද්දි නම් අපිට හිතුනේ කෑ ගහල අඩන්න. මාසෙක විතර ඉදන් මැඩම්ගෙ  හිත රිදවන්න බැරි කමට අව්වෙ කර වෙවී, නොකා නොබී, ගෙවල් වලදිවත් නොකරන වැඩ කොච්චරක් ඔසු උයන වෙනුවෙන් අපි කරාද? මැඩම් පව් කියලා හිතලා අපි මැඩම්ට මුකුත් කියල නෑ. අපි පව් කියල හිතලා මැඩම් අපිට මුකුත් කියල නෑ.

මොනා වුනත් පෙර පිනකට හරි සාරාර්තෙට සති දෙකක් විතර තියලා අපි ඔසු උයනෙන් ගැලවුනා. ඊට පස්සෙ හදවතින්ම හදවතට වැඩ කරා. හැමෝම පුදුමකරවන විදිහෙ හදවතක් හදලා මැඩම්වත් සතුටු කරා. ප්‍රදර්ශනේ අතරතුරදි මම මගේ විස්තර කුටිය ලග තිබුනු කවුලුවෙන් එලිය බැලුවා. වෙනදා වගේම ආදරෙන් ඔසු උයන අපි දිහා බලන් හිටියා......

20 comments:

  1. ඔසු උයන ගන්නට පිච්චිලා තියනවා මැඩ් දැනගත්තේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැනගත්තා. අපි කීවා A/L project එක විදිහට ඒක ආයෙ හදන්න ඉන්නෙ කියලා. ඒ නිසා එච්චර අවුලක් ගියෙ නෑ.. ඒත් අපි ආයෙත් නම් ඔසු උයනට ගියෙම නෑ.

      Delete
  2. අපරාදෙ. නියම ඩිස්‍ප්ලේ එකක් කරන්න තිබුණ වියදමක් මහන්සියක් නැතුවම. මෙන්න අයිඩියා එක.

    ලොකු දෙයක් නෑ. ගිණිගත්ත ඔසු උයනෙ මුල හරියෙ පුටුවක් තියල, අන්ධකාර තාරකාවි ඉන්දවල තියනව. බෝඩ් එකක් ගහනව "නවදැලි හේනක පෑව වැඳිරි රුව" කියල. ඕන්නං කැසට් ප්ලේයර් එකක් තියල ඒ සිංදුවත් ප්ලේ කරන්න පුළුවං.

    ඕක කළා නං පළවෙනි තැන ශුවර්. කොහෙද ඉතිං? මොළේ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? මාව නෙමෙයි ඩ්‍රැකීව වාඩි කෙරෙව්ව නම් උඩින්ම දිනන්න තිබුන :D

      Delete
    2. මං වාඩි උනානං තනියම නෙවෙයි ඔයත් එක්ක. සිංදුව වෙනස් කරන්ඩ වෙනව. "ඇවිලුනු ගිණි දැල් නිවිනිවි යද්දි - ඇය මට හමුවූවා..."

      Delete
    3. නෑ ඩ්‍රැකී එහෙම වුනා නම් මට කියන්න වෙන්නෙ,
      මම බොහොම බය වුනා
      මගේ පන එපා වුනා
      රෑ දොලහට ඩ්‍රැකියුලාට මාව අහුවුනා කියලා :D

      Delete
  3. ඔය කොක උනත් ඕක බලන්න අපි ආවනම් අපිට කියන්න වෙන්නේ.......

    “නර ලොව හොල්මන්" කියලා....
    හික් හික්.....

    ReplyDelete
    Replies
    1. අද නිදාගන්න කොට පරිස්සමිං...

      Delete
    2. ඇයි? හොල්මන් වලට බය වෙයි කියලාද???

      Delete
    3. අපෝ........ බලාගෙන ඩ්‍රැකී මොනා කරයිද දන්නෙ නෑ

      Delete
    4. මාණි නිර්මාණි වෙයි කියල...

      Delete
  4. පාසල් කාලයේ සුන්දර අත්දැකීම් තාම මතක් වෙනවා නේද????? ඒ කාලේ මාර නිදහස් අෆ්ෆා............. ඒත් පාසල් යන උන්ට ඒක තේරෙන්නෑනේ.... උන් හදන්නේ අපි වෙන්න... අපි හදන්නේ උන් වෙන්න..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ආයෙ ඉස්කෝලෙ යන්න තියනවනම් වෙන මුකුත් ඕනෙ නෑ.

      Delete
  5. හප්පා.. ඔය තියන්නේ Happy endings everywhere.. අපෙත් දහම් පාසලේ ප්‍රදර්ශනය නියමෙට තිබ්බා හැබැයි. අපි අන්තිමට වීඩියෝ එකක් හිටං හදල දාල පෙන්නුවා.
    ගුරුවරු ඉතිං ඔහොම තමා.

    ReplyDelete
  6. ස්තූතියි අඟහරුවා... happy ending එකක් කිව්වට results එද්දි නම් ඒක happy ending එකක් උනේ නෑ. ඒ ගැන වෙනම දවසක ලියන්න වෙනවා. ඒ තම අපේ පන්තියෙ හැමෝම වැඩියෙන්ම දුක් වුන දවස :(

    ReplyDelete
  7. අපොයි ඔසු උයන ... අපිනං ඔසු උයනක් කළා ඕ ලෙවල් ඉන්නකොට එක තාම ඉස්කෝලේ තියෙනවා දක්කම මාර සතුටුයි , අපරාදේ කියන්න බෑ තාම එක හොඳට නඩත්තු කරනවා ඉස්කෝලෙන්

    ReplyDelete
  8. අහන්නත් සතුටුයි :) අපේ ඔසු උයනත් තාම තියනවා. ඒත් කැලයක් වගේ

    ReplyDelete
  9. අපෙත් තිබ්බා එකක්. සුදු කලිසම් ඇඳන් ඔවයි වැඩ කරන්න ගියාම ඇඳුම් ජරා වෙනවනේ.

    ඉතින් අපි එකතු වෙලා ඉක්මනින්ම තීරණයක් ගත්තා.. දවස් 3 න් ඔසු උයනේ පැල වලට යුරියා සාන්ද්‍රණය වැඩි වෙලා ඔක්කොම පිච්චිලා ගියා. (you know what i mean ;) )

    ReplyDelete