Monday, December 21, 2015

ආදරේ ඇති....


රිද්දන්න හිතාගෙන තුරු හිස
ඇහැළ මල් වලින් ගැහුවට
දැනෙන්නෑ ඒ කිසිත් පොළොවට....
නුඹේ අකීකරු හිත ලඟ
ඉතිරෙන මගේ පෙම වාගෙම
පොළොවත් ආදරේ ඇති
බිම වැටෙනම හැම මලටම
අවසාන මොහොතෙදිත්
සුවඳ දී ලගින් හිටියට.......

මහා හඬ නන්වමින් රළ ගොස
දහස් වර වෙරළ මත හැපුනට
සයුරු තෙර නිසසලයි සදහට.....
නුඹ පුදන කදුළු මල් අබියස
නොසැලෙන මගේ පෙම වාගෙම
වෙරළත ආදරේ ඇති
රිදුම් දෙන හැම වතුර බිදුවටම
කිසිදිනක වෙන් නොවී
හැමදාම එක ලෙසින් හිටියට.....

අවසාන දිය බිදත් උරාගෙන
දවා අළු කර දැම්මත් සහසකර
දුකක් නෑ නිරුදක කතරකට
තෙතක් නැති නුඹේ හිත අබියස
දලුලන මගේ පෙම වාගෙම
කතරත් ආදරේ ඇති
දැවෙන හිරු මඩලට
හිත පුරා ඉතිරෙන සෙනෙහස
පතොක් කුසුමක් ලෙසින් පිදුවට............

16 comments:

  1. ඉතා අනගියි
    ජයවේ තාරකා!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න

      Delete
  2. ලස්සනයි තරු

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න

      Delete
  3. හරිම ලස්සනයි...........

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න

      Delete
  4. ලස්සනයි අන්ධකාර තාරකාව :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න

      Delete
  5. මනරම් අතා....


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න

      Delete
  6. හිත පුරා ඉතිරෙන සෙනෙහස
    පතොක් කුසුමක් ලෙසින් පිදුවට............//
    ඔක්කමත් හරි මේ ටිකත් හරි ලෙසටම දැනුන කවිය
    අපූරුයි අතා (ඉස්සුවෙ රවියයියගෙන්)
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න

      Delete
  7. ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න

    ReplyDelete
  8. මම මෙහෙට ඇවිත් අන්ධකාර අහසෙ ලස්සනට කවි ලියන තරුවක් දැක්ක.සතුටුයි දිගටම ලියන්න :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි.......... ආයෙත් එන්න

      Delete