Wednesday, December 16, 2015

ආදරය


තාරුකා නෙත් වලින් ගිලිහෙනා හැම රෑම
පිනි බිඳකි ආදරය බොඳවෙනා ඉඳුරාම
හැරගියත් මතුදිනක වෙන්වෙලා නොකියාම
නොදේවිද සිසිලසක් ලන්වෙලා හැමදාම

13 comments:

  1. අහිමි ආදරයක වුනත් මිහිරියාව සදාකාලික මතකයක්. ඒක විටින් විට සුව දෙන ලස්සන මතක සටහනක්. ආදරය කොන්දේසි විරහිත වන තරමට සුන්දරයි උත්තරීතරයි.

    ReplyDelete
  2. ම් තව කවි කාරියක් වගේ.ලස්සන කවි පෙලක්...
    හැබැයි එක ලඟම පොස්ට් දැම්මොත් අපිට පෝස්ට් මග හැරේවි...

    ReplyDelete
  3. අහිමි ආදරයක මතකය මිහිරියි.

    ReplyDelete
  4. ආදරය ගලා ගොස් හිත් තෙමී දිය වෙන්න
    නිමේෂයකට කලින් තරුවක් ව පායන්න...

    ReplyDelete