Thursday, December 31, 2015

2015 ට සමු දෙමු....


තත්පරෙන් තත්පරය, පැයෙන් පැය, දිනෙන් දින ගතවෙලා අලුත් වසරක් උදා වෙලා... ඒ වගේම  මේ වසර ගොඩනැගෙන්නෙ ගෙවී ගිය වසරෙ මතකයන් මතින් කියන එක අපිට අමතක කරන්න බැරි සත්‍යක්. ඒත් අපේ ජීවිතේම ගෙවී ගිය වසරට පවරලා මේ වසරට හිතුමතේට අපිව අරගෙන යන්න  ඉඩ දෙන්න අපිට බෑ.

මොකද අපේ ජීවිතේ ගත වෙන එකම එක තත්පරයක්වත් අපිට ආයෙත් ලබාගන්න බැරි නිසා. මේ මොහොත, අද දවස වර්තමානයක් කියල හිතන්න පුළුවන් වෙන්නෙ  බොහොම පුන්චි වෙලාවකට විතරයි. මොහොතින් මොහොත මේ හැමදේම ගෙවුනු අතීතයට එකතු වෙනවා. එයින් පස්සෙ ඉතුරු වෙන්නෙ සදාකාලික හෝ තාවකාලික මතකයක් විතරයි. මේ මොහොත වනතුරු අපේ නෙතින් ගිලිහුනු හැම කඳුළක්ම, මුවින් නික්මුනු හැම හසරැල්ලක්ම සහ ඉකිබිඳීමක්ම, ඉටු වුණ හෝ නොවුන හැම බලාපොරොත්තුවක්ම අපිටත් හොරෙන් බොඳවුණ ඡායාරූප වගේ අපේ හදවතේම කොහේ හෝ තැනක නිධන් ගත වෙලා තියනවා. අපේ අතීතය ගොඩනැගෙන්නෙ ඒ හැන්ගිලා තියන  මතකයන්ගෙන්....

ඒත් පාළුවෙන්, තනිකමෙන් හදවතම දැවීයන වෙලාවක, සුදුම සුදු පාට පොතක පිටුවක් වගේ හදවතම හිස්වෙලා තියන වෙලාවක,නුපුරුදු හසරැල්ලක් හදවතේ හුරුපුරුදු පියසටහන් තබා ගිය වෙලාවක,දුශ්කරයි කියල ජීවිතේ හැරයන්න හිතෙන වෙලාවක, ජීවිතේම කරගත්තු ආදරේ තවදුරටත් අහිමියි කියල දැනෙන වෙලාවක.... ඒ නිද්‍රාගත මතකයන් අවදි වෙනවා.දෙනෙතින් ගලාහැලෙන සීතල කඳුළු බිඳුවක් ලෙසින්, මුවඟින් නික්මෙන සියුම් ඉකිබිඳුමක් ලෙසින්, කොපුලත නැගෙන නුපුරුදු මන්දාස්මිතයක් ලෙසින් ඒ අතීත මතක සටහන් නැවතත් අපේ හදවතේ පෙරළි කරනව...  නින්දත් නොනින්දත් අතර ඇති හැඟීමක මුළු ආත්මයමය සන්තර්පණය කරනව. ගත වන වර්තමානයට හෝ එළඹෙන අනාගතයට වඩා ගෙවීගිය අතීතයට අපි ආදරේ කරන්නෙ ඒ නිසා......

 අතීතය ගොඩනැගෙන්නෙ වර්තමානයෙන් බව සත්‍යක්, වර්තමානය කියන්නෙ එළඹුණු අනාගතය බවත් සත්‍යක්... ඒත් ඒ සත්‍යතාවයන්ට මුහුණදෙනවට වඩා රිදුම් පිරිමදිමින්  අතීත මතක සටහන් අතර ජීවත් වීමට පමණක් නෙවෙයි මියෙන්නටත් බොහෝ හදවත් පෙරුම් පුරනවා. සරලවම කිව්වොත්,  ඒ තමා ජීවිතේ හැටි.. ඒත් මේ ධර්මතාවයට හැඩගැහෙන එක ලේසි පහසු දෙයක් නම් නෙමෙයි... අපේ අතීත ස්මරනයන් හදවතේ පතුළකම රැකගෙන විටින් විට එහි සුවඳ විදින්න අපි පෙළඹෙන්නෙ ඒ නිසා වෙන්න ඇති...

ඉතින් ගෙවී ගිය 2015 වසරෙහි නොනැවතී උදා වුනු 2016 වසර වර්තමානයේ හිද විදගන්නට මගේ සුබ පැතුම්.....
             
                සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!!

28 comments:

  1. සියලු පැතුම් ඉටු වන සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  2. අන්ධකාර තාරකාවේ ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා! ඇත්තෙන්ම බැලුවොත් වර්තමානය කියල මොහොතක් නෑ. මේ ගැන ලොකු ලිපියක් මම හිතන්නේ කාලය ගැන මීට ටික කාලෙකට කලින් මම ලිව්වා බ්ලොග් ඒකෙ.. ඒක බලන්න.. මෙතන ඒ ගැන කියන්න යන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මම බලන්නම් අඟහරුවා.. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  3. මෙච්චර ගැඹුරු දේවල් කියන්නේ ඔබගේ වයස අනුව අත්දැකීමෙන් වෙන්න නම් බැහැ. ඒ වුනාට හරිම තාත්ත්විකයි. සතුටු ජීවිත අත්දැකීම් ලැබෙන නව වසරක් ඔබට ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්... සුබ නව වසරක් වේවා..........

      Delete
    2. අඩේ කෝ මේ ඉවානයා.. හැංගිලා ඉන්න තැනකින් වර එලියට..ඩීඩීඩී

      Delete
  4. සුභ අලුත් අවුරුද්දක් විශ්.........

    ReplyDelete
  5. සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා...

      Delete
  6. සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා...

      Delete
  7. සියලු යහ පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා...

      Delete
  8. ගෙවිලා ගිය දේවල් වලට වැඩිය ඉදිරිය ගැන හිතන්න බලන්න ඕන.

    සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  9. කවියක් වගේ ලියමනක්...

    සුභ නව වසරක් වේවා අතා...!!


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. ඔබටත් සුබ නව වසරක් වේවා........

      Delete
  10. ම්ම්ම් අපූරු ලියමනක්. සුභ නව වසරක් වේවා ඔබට....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. ඔබටත් සුබ නව වසරක් වේවා........

      Delete
  11. Prarthana etuwena, wadi wadiyen rasawath lipi liyawena
    subama suba nawa wasarak wewaa....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. ඔබටත් සුබ නව වසරක් වේවා........

      Delete
  12. සුබ නව වසරක් වේවා.

    නවුන් අදහස් පිබිදෙන සාර්ථක බ්ලොග් වසරක ඇරඹුමට ආසිරි

    ReplyDelete
  13. ගොඩක් ස්තූතියි ඉවාන්. ඔයාටත් සුබ නව වසරක් වේවා.........

    ReplyDelete