Thursday, September 10, 2015
නොවැම්බර් මාසයට ආදරෙයි මම තවම............
අවාරේ වැහි වැටෙන
නිමක් නැති මල් හැලෙන
නොගිලිහෙන අත් දෙකක්
ආදරෙන් එක් කෙරුව
නොවැම්බර් මාසයට
ආදරෙයි මම තවම...
අරලියා අතු පතර
කුරුළු ගී රැව් දුන්න
වැහි දියට තෙමී ගිය
විලෝ පත් ඇදහැලුන
රැය පුරා නිදි නැතුව
නෙත් පුරා මඟ බැලුව
ඔබ මගෙද ඔබ මගෙද
නොදැන සිත ලත වෙච්ච
සුසුදු පත් ඉරු අතර
කුරුටු ගී ලියවෙච්ච
හදවතේ පන්හිඳට
ඉසිඹුවක් නොලැබිච්ච
මහමෙරක් පරදින්ට
ආදරේ ඉතිරිච්ච
නුඹේ එක් වදනකින්
හදවතම නැවතිච්ච
නොවැම්බර් මාසයට
ආදරෙයි මම තවම
Subscribe to:
Post Comments (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
උදෑසන අහස් කුස නිල් පාට පාවෙනා මේකුලක සුදු පාට අදුරු වැහි වළාවක අලු පාට රාත්රිය නිදි වරණ කලු පාට වසත් මේපල් පතක කොල පාට සරත් සමයේ දිලෙ...
-
ගුරු පාරෙ මග දිගට රොබරෝසි වැටෙන්නෑ කේතකී පඳුරු පෙර මුණු මුණුව නගන්නෑ සුසුම්ලන හිත ගාව සිනා මල් පිපෙන්නෑ නුඹ නැතුව ජීවිතේ විදින්නට හිතෙ...

niyamayi
ReplyDeletethanx
Deleteලස්සනයි....
ReplyDeleteස්තූතියි
Delete