Monday, December 21, 2015

නුඹව අමතක නොවෙන හැටි....!!!!


ඇහැල මල් ගොමු පිපුණ හැටි
විහඟ ගී සර නැගුනු හැටි
වසන්තේ එක් සොඳුරු දිනයක
මගෙ ලොවට ඔබ ආව හැටි....

මුවග සුසුමන් නැගුනු හැටි
නෙතින් කදුළැලි ගලපු හැටි
නිමක් නැති දුක් පිදුම් ලැබුවද
ආදරේ මියනොගිය හැටි....

හිනා මල් බිම වැටුණු හැටි
හදවතම ගල් ගැහුනු හැටි
ජීවිතෙත් හරි අඩක් අරගෙන
නුඹ මගෙන් දුර ඇදුනු හැටි...

අතීතය මියඇදෙන හැටි
ජීවිතය යළි ගලන හැටි
කොතෙක් තරු කැට අහසෙ දිලුනත්
නුඹව අමතක නොවෙන හැටි....

18 comments:

  1. නොකියවන කවි කියවෙන හැටි කියවා කොමෙන්ටුවක් නොදමා යා නොහැකි හැටි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට......... අයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  2. ලස්සන කවියක් අන්දකාර තාරකාව

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට......... අයෙත් ඇවිත් යන්න එන්න.

      Delete


  3. සිත ඔබට මුවා වී ඉකි බිඳිනා
    ඔබ ඇය හා සිනාසි සුව විඳිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
    සිත ඉකිගසමින් හඬන හැටී
    සිත පෙමට මුලාවූ දා ඉඳලා..

    සිත ඉවසන්නෑ කොපමන සිතුවත්
    දුක අඩුවී නෑ කොපමන හැඬුවත්
    ඔබ පෙම්කර නෑ මා පෙම් කෙරුවත්
    සිත පෙමට මුලා වූ දා ඉඳලා...

    සිත පිළිගන්නෑ ඔබ ඇගේ කීවත්..
    දුක අඩුවක් නෑ ඔබ හමුවූවත්..
    ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්..
    ඔබ ඇයට ළඟාවූ දා ඉඳලා..

    ========

    ඔන්න මාත් එකක් ලිව්වා ,ඩී ඩී ඪි...

    අගෙයි පදපෙල.. දිගටම ලියමු..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මචං විදානේ..
      වෙනදට සිංදු දාන්නේ අපේ සිංදුවනේ.අද අපිත් එකක් දාමු...


      අමතක වෙන්නෙ නෑ
      කීවත් ඔබ මට අමතක කරන්න මා කියා
      අමතක වෙන්නේ නෑ
      ඔබ එය දන්නේ නෑ...

      ආදරයක් මුල පුරන්න
      කිමද හමුවුනේ අප කිමද හමුවුනේ
      හමුවී යළි විරහතාපය
      දැවෙනු මට දැනේ සිත දැවෙනු මට දැනේ...

      සාගරයක දිය බිඳක් වී ඇත
      ඔබට මගේ සෙනේ අද ඔබට මගේ සෙනේ
      හඬනා පෙම් හදක් පමණද
      ඔබෙන් හිමිවුනේ මට ඔබෙන් හිමිවුනේ.

      ටී එම් ජයරත්න

      Delete
    2. ගොඩක් ස්තූතියි ඔයාට......... අයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  4. Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට......... අයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  5. හිතේ පැළපදියම් වුණු සුන්දර ආදරේ කවදාවත් මැකිලා යන්නේ නෑ...
    සැබවින්ම ලස්සනයි
    දිගටම ලියමු
    ජයවේ තාරකා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට......... අයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  6. මං පාලුවේ තැනු ආකහේ තරු කෝටියක් නිවි නිවි දිලේ..
    කොතෙක් තරු දිලිසුනත් මට මගෙ සඳ සදා අමතක නොවේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට......... අයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  7. ලස්සනයි.
    දිගටම ලියමු අපි බලන්න එනවෝ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට......... අයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  8. අතීතය මිය නොයන හැටි
    යලි යලිත් රූ මවන හැටි
    දිලෙන තරු මැද නුඹේ දෙනයන
    මගේ හද ගිනි තියන හැටි

    ReplyDelete
  9. බොහොම ස්තූතියි අයියා......... ආයෙත් එන්න....

    ReplyDelete
  10. මේ අන්දකාර තාරකාව පොත කුමන හෝ සම්මානයක් ලබාගෙන තිබෙද??

    ReplyDelete